Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2500 ඉපැරණි ඉතිහාසයක් ඇති සිරි ලංකාවට sex කියන්නේ සුද්දා යන විට අපව වනසන්න දමා ගිය මහා පාප කර්මයකි. එකී වචනය ඇසු පමණින් ගත වෙව්ලා මාරාන්තික ත්‍රාසයට පත් වෙන මෙකි සිංහල ගැමියා එයට විරුද්ධව ඔනෑම කෙනෙකු සමග හිට ගනිති. ලංකාවේ ජනවාර්ගික අර්බුදය තරම්ම ඉපැරණි (ජනවාර්ගික අර්බුදයක් නැතැයි සිතන අය මෙතැන් එහාට නොකියවා ඉන්න තරමට හොදය) මෙම ලිංගිකත්ව අසහනය දැං රාජතාන්ත්‍රක මැදිහත් වීම දක්වා පැමිණ ඇත. ගැමි චින්තනය මත පදනම් වු රාජපක්‍ෂ රෙජිමය මේවා තහනම් කර එනයින් නොනැවති ඒ ක්‍රියාවේ යෙදෙන වුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරවීම දක්වා එන ලදි. මේ චූන් ගොස් ඇත්තේ කාටද?

ජනමාධ්‍යය තුලම "පබාගේ කුක්කු" ගැන කතා කරන ශිෂ්ඨත්වයක් නැති ඇමතිවරු සිටින ආණ්ඩුය. ළමා අපචාර චෝදනා ඇති මන්ද බුද්ධික මැතිවරු ඉන්නා ආණ්ඩුවටය.

ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනයක් නැතිව වැඩෙන දරුවන්ගේ මනස විකෘති කරන්නේ ඔවුන් මිස ලිංගික ශ්‍රමිකයන් නොවේ. කෙතරම් නිවුණු ජාතියක්ද යත් ඔවුන් සමවැදී ඇති දැහැන් බිදෙවී යැයි සිතන ආණ්ඩුව ටෙලිවිෂන් තිරයේ කොටු දමති. පෙම්වතුන්ට සිප ගැනිම තහනම්ය. ලිංගික එක්වීම තහනම්ය. වෙන එකක් තියා ගිහි ජිවිතය කරුමෙකැයි සිතා සිවුරු ලා ගත් අය මේ පසුපස සිට ගැහුණුන්ගේ කොට ඇදුම් ගලවා සාරි අන්දවමින් සිටිති. දස අතින් ඇහෙන්නේ මෙය පාප කර්මයක් බවය. මෙයට විරුද්ධ වන සියලුම දෙනා අනාචාරයේ හැසිරෙති නැතහොත් හොරෙන් නිල් චිත්‍රපට බලති. මර්ධනයට එරෙහිව රට පුරා අලවා ඇති පෝස්ටර් දිහා නොව ඒ ඉදිරියෙන් ගමන් ගන්නා සුදු කකුල් දෙස හොරෙන් බලා ආතල් ගති. මේ දෙබිඩි සිල්වතුන්ය.

පාසල් අවදියේ පටන්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය හරිහැටි දිය යුතුය. (දැං දෙනවා සේ පංතියට පැමි‍ණෙන ගුරුවරිය ඇඹරෙමින් සිට පිටව යෑම නොවේ.) ලිංගිකත්වය යනු කුණුහරුපයක් නොව දැණුමැති කාරණයක් බව වටහා දිය යුතුව ඇත. එවිට අඩුම තරමේ ගැබ් නොගෙන ලිංගික කාර්යයේ නිරත වන්නේ කෙසේද කියා අනාගත පරපුර හෝ දැන ගනිවි. නැතිනම් රනත සාදු ඡන්දය ඉල්ලු ප්‍රදේශයේ වැඩිම ගබ්සා ප්‍රමාණයක් සිදුවනවා සේ ලංකාව පුරාම එය පැතිරීමට පුළුවන. ලිංගිකත්වය හා කාමය පටලාවගෙන සිටින මැතිඇමතිවරුන්ට ප්‍රථමයෙන්ම මේම ලිංගික අධ්‍යාපනය ලබා දී මේ වැඩේ ආරම්භ කිරිමටද පුළුවන. එක එකාට ඇගිල්ල දික් කරන්නේ නැතුව තමන්ගේ ඔළුව හදා ගත්තා නම් මේ කිසිදු කරදරයක් රටට නැත.

අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails