Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ කෙටි ලිපියේ ඉලක්කය රාවයයි. රාවයේ විමලනාත් වීරරත්න සතිපතා ලියන නමක් නැති උපහාස කොලමයි. එයිනුත් "ගඟේ නාන්න බැරියෝ" යන නමින් ඉකුත් නොවැ. 14 වන දින පළ කරන ලද කොලමයි. එහි ලා විමලනාත් අප සිනහා ගැන්වීමට උපයෝගී කරගන්නා කෙටි වියමනෙහි සිනොප්සිසය මෙබඳුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ස්පෝ ප්‍රදර්ශනයට ඇමති විමල් වීරවංශ ද සමග යයි.

ප්‍රදර්ශන බිමේදී එ.ජා. මහ ලේකම් බෑන් කී මූන් විමල් පසුපස හඹා යයි. මූන්ගෙන් ගැලවීමට විවිධ විගඩම් කරන විමල් අන්තිමේදී හෝටල් කාමරයට යයි. කාමරයට පැමිණෙන මූන් විමලේ අල්ලාගෙන ඔහුට ලිංගිකව අතවර කරයි. (දන්නැති අයට උදවුවක් වශයෙන් කියනවා නම්, ලුම්පන් කතා බස් ඇතුළේ 'ඇලක දොළක නාන්න බැරි වෙන්න වැඩේ කොරනවාය' කියන්නේ ගුද රමණයේ යෙදීමෙන් පීටිපස්සේ ජිද්‍රය මාළු රිංගන තරමට ලොකු කරනවාය යන්නයි.) [සම්පූර්ණ කොලම මේ ලිපියේ අගට අමුණා ඇත.]

දැන් මම වෙනත් උපුටනයකට යමි.

සරදම් ලේඛන කලාව තුළ බොහෝ විට ඉස්මත්තට එන්නේ සෝපෝහාසයයි. ඒ, සරදම සඳහාම සරදමේ යෙදෙන විටයි. එය, පවතින ඇසිල්ල තුළ රස දනවයි. මන පිනවයි. ඒ මොහොත ගත වූ පසු ඉතිරි වන්නේ, 'බඩ අල්ලං හින වුණා' වැනි වියළි මතකයක් පමණි. අනිත් අතට, සරදම තුළ ගැබ් වන ගැඹුරු හාස්‍යය, තමා සහ අවට ලෝකය පිළිබඳ කටුක සැබෑව පාථකයා තුළ ජනනය කරන්නේ නම්, එම සරදම හුදෙක් 'හිනාවට කාරණයක්' නොවන්නේ ය. විමලනාත් අයත් වන්නේ, මේ දෙවැනුව කී ගණයට යි.

ඒ ගාමිණී වියන්ගොඩ විමලෙගෙ කොලම නමින් විමලනාත් වීරරත්නගේ කොලම් සංග්‍රහය සඳහා සැපයූ පසුවදනයි. වියන්ගොඩ විසින් විමලෙගෙ කොලම පසු පිටෙහි සිය කීර්තියේ මුද්‍රාව තබා පාඨකයාට රෙකමදාරු කරනු ලැබ ඇති කොලම්කරු මේ යන්නේ කොහේද?

කුර හතරම තුවාල වී ආණ්ඩුවේ වාට්ටුවේ ඇඩ්මිට් වී සිටින ඇමති වීරවංශට හෝ එතුමාගේ ආඩම්බරකාර අප්පුච්චාට අපහාස හෝ උපහාස හෝ කිරීම මේ පාඨකයාට කිසිදු ගැටළුවක් නොවේ. මෙය 'කුණුහරුප දැක්කාම කලන්තෙ වගේ අප්පා' වැනි ඊනියා සදාචාර පදනමකින් කරන විවේචනයක් ද නොවේ. අප අහන්නේ මේ උපහාසයේ සීමාව කුමක්ද යන්නයි? බෑන් කී මූන් වීරවංශට අහවල් වැඩේ කොළාය කීමෙන් විමලනාත් ලාංකේය ක්‍රමවිරෝධීන්ට සති අන්ත සිල්ලර සෙක්ස් ෆන් එකක් දී ඇති අතර මෙකී කොලම අගයන සුවහසක් ආණ්ඩු විරෝධීන් වේ නම් රාවය සමග ඔවුන්ගේ ඇති පාඨක සහ-සම්බන්ධය මෝඩ විහිළුවක් දක්වා ඌණනය කොට ඇත. හම්බන්තොට බේසමට වතුර පිරවීම අලලා විමලනාත් ලියූ කොලම ද මෙබඳුම ජුගුප්සාජනක එකකි. එහි දී ඔහු රාවය පාඨකයන්ට දෙන්නේ අසූචි සැපකි. (රන් පොල්ල)

කොලමක් මගින් පුවත්පතක් බලාපොරොත්තු වන්නේ අලෙවිය ඉහළ දමා ගැනීමයි. රාවයේ පාරිභෝගික පිරිස යම් වාමාංශික නැඹුරුතාවක් සහිත නොඑසේනම් විකල්ප හඹා යන පිරිසකි. විමලනාත්ගේ 'කෙටි නාට්‍යයේ' ඉලක්කගත ප්‍රේක්ෂකාගාරය එකී පිරිසයි. මේ ආකාරයට ගුද රමණයෙන් සහ අසූචිවලින් සැප දෙන තැනට ලංකාවේ විකල්ප ලේඛකයන් පත් වීම මගින් සිදු වන්නේ ක්‍රම විරෝධය හෝ මහින්ද සහ සමාගමේ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය 'විගඩමක්' බවට පත් වීමය. එනම්, මෙකී කොලම් මගින් එළිදක්වන අදහස් වලට ප්‍රතිපක්ෂව ඒවා ප්‍රතිගාමීත්වයටම සේවය කිරීමයි.

මේ පාඨකයා උපහාසයට රුචිය. විමලේ හොඳ කොලම් බොහොමයක් ලීවේය. ඒවා අප අගය කරන්නේ වියන්ගොඩ කියා ඇති පරිදි මාර ගැඹුරු හාස්‍යයක් ඒවා තුළ තිබුණු නිසා නොවේ. අපිට කෙළවන එවුන්ට විමලේ නම් ගම ඇතුවම කෙළවූ නිසාය. අඩු ගණනේ මොකුත් නොවෙන නිද්‍රාශීලී පරිසරයක් තුළ අපට එසේ සිතුණු නිසාය. කියවන විට නින්ද යන මානිලාගේ කොලම් කඩමාලු වලින් හෙම්බත් වූ පාඨකයන්ට විමලෙගෙ කොලමෙ නාට්‍යමය සහ ප්‍රසාංගික ගුණය නව අත්දැකීමක් වූවාට සැක නැත.

විමලනාත් ලුවී වැන්ඩස්ට්‍රාටින් කෙනෙක් බවට පත් වෙන්නට යාමෙන් සිදු වෙන එකම දේ නම්, රාවයේ ඉන්නා මෝඩ ජෝකර්ලා සංඛ්‍යාව දෙකක් (02ක්) දක්වා ඉහළ යාමයි. දැනටමත් රාවය 'මට (බාගෙට) පෙනෙන හැටි' නැමති විහිළු අතිරේකයක් නොමිලේ පුවත්පත සමග නිකුත් කරන නිසා තව තවත් මෝඩ ජෝක් කරන්නට යාම මාකටිං වයිස්ම වුනත් අමා මහ විගඩමක් බව මේ පාඨකයාගේ අදහසයි.

කොණ්ඩෙයි රැවුලයි නොකපා ගෙන කොලම් ලියන බව විමලේ ලංකා එකේ කියා තිබිණි. පටන් ගත් කාලේ කෙසේ වුවත්, දැන් යන විදිහට නම් විමලනාත්ගේ රෝම කූපයකටවත් හානියක් නොවෙන බව සහතිකය. මන්ද, විරෝධාකල්ප යනු කොමලෙගෙ විලම මෙන්ම සංසර්ගාකල්ප වලින් කෙළවර වෙන ප්‍රපංචයක් බව රාජපක්ෂ මේ වන විටත් ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටීමට ඉඩ ඇති බැවිනි.

වියන්ගොඩගේ වචන ම සොරකම් කොට නිහඬ වෙමි.

අප කළ යුත්තේ කුමක් ද?
සිනාසීම ද, හැඬීමද?


විමලනාත්, ජනරංජන, වියන්ගොඩ,
සහෝදරවරුනි,
මේ ඔබේ අවධානය පිණිසයි.

[පිටපත්- රාවය, බූන්දි, ලංකා නිව්ස් වෙබ්]

ඇමිණුම-

ගඟේ නාන්න බැරියෝ

චීනයේ එක්ස්පෝ එකේදී ජනාධිපතිතුමාට බෑන් කී මූන් හමුවුණේය. මිනිහා එකපාරටම කීවේ ඔබ දැන් ඇට්ලස් යෝධයා වගේ කියාය. බෑන්කියා නිකං කීචොක් එකක් කරනවායැ'යි සිතූ ජනාධිපතිතුමා ඒක ඒ හැටි ගනන් නොගත්තත් ඊළඟට බෑන් කී මුන් කීවේ ඔබ දැන් ශක්තිමත් ආණ්ඩුවක් තියන රටක ශක්තිමත් රාජ්‍ය නායකයෙක් කියාය. ඇට්ලස් ප්‍රවාදයේ බරපතළකම ජනාධිපතිතුමාට තේරුණේ එවිටය. ජනාධිපතිතුමා යාන්තම් මතකයි මතකයි වගේ තියන ලෝක බෝලය උස්සන් ඉන්න ඇට්ලස් මතක් කර ගන්නට වෙර දැරුවේය. ඒ යකා බෝලය උස්සන් ඉන්නේ නිරුවතින්ද අඩ නිරුවතින්ද කියා කල්පනා කළ එතුමා එක්විටම තමන්ගේ ක්ෂුද්‍රපානියා ආවරණය වී ඇතැදැ'යි ස්පර්ශ කර බලා සැනසුම් සුසුමක් හෙළුවේය. ජනාධිපතිතුමාගේ හැසිරීම නිරීක‍ෂණය කළ බෑන් කී මුන් කීවේ චීනයේ ගුරුත්වාකර්ෂණ බලයත් ලංකාවේ වගේම නිසා බය වෙන්න එපා කියාය. අනතුරුව බෑන් කී කීවේ ඔබට දැන් පුළුවන් ඔබේ කලාපයේ දුර්වල රටවල්වලට උදව් කරන්න කියාය.

ජනාධිපතිතුමා ක‍ෂණිකව ඊට ප්‍රතිචාර දක්වමින් කීවේ මගේ අදහස දුර්වල බටහිර රටවල්වලට උදව් කිරීම කියාය. ලෝක බලවතුන්ගේ ඒ වගේ විහිළු හොඳින් දන්නා බෑන් කී ජනාධිපතිතුමාගෙන් වටපිට බලා ඇසුවේ මට විරුද්ධව දොස්තරලායි, පළතුරු ජූසුයි ළඟ තියාගෙන මරාගෙන මැරෙන උපවාසයක් කළ කොමිට්සුමාත් මේ හරියේ කැරකි කැරකී හිටියා නේද කියාය. ජනාධිපතිතුමා කීවේ මෑන් ඕඩියන්ස් එකේ බකං නිලාගෙන හිටියා කියාය. මූන් කීවේ ඔය මෑන් බය නැතුව යකාට වුණත් බනින ජාතියේ පොරක් නිසා මිනිහා හෙඩ් ටේබල් එකේ ඉඳී කියා තමන් හිතුවා කියාය. 'මෑන් හෙඩ් එකේ පොරක් කියා හිතාගෙන හිටියාට රටේ අය මිනිහාව ටේල් එකට දාලා හුඟක් කල් කියා ජනාධිපතිතුමා ඊට ප්‍රතිචාර දක්වමින් කීවේය. අනතුරුව ජනාධිපතිතුමාගෙන් සමුගත් මූන් උපවාසකාරයා ඉන්නවායැ'යි කියූ ඕඩියන්ස් එක පැත්තේ විසිට් එකක් දාන්න ගියේය. බෑන් කී මූන් සෙනඟ අස්සෙන් එනවා දුටු මෑන් කෙනෙක් සිටි තැනින් නැගිට ඇරලා යන අයුරු බෑන් කී දුටුවේය. බෑන් කී වෙයිට් වෙයිට් කිය කියා පස්සෙන් දුවන්න උත්සාහ කළත් අර මෑන් තව රටවල් කිහිපයකින් පැමිණ සිටි වයෝවෘද්ධ අගමැතිවරුන් කිහිප දෙනකුගේ දනිස් පොල්කටුත් කඩාගෙන පුටුවල හැපි හැපී ප්‍රදර්ශන භූමියේ තවත් පැත්තකට වේගයෙන් දුවන අයුරු දක්නට ලැබුණි. මූන් ද සරා ගොයියා අල්ලන්න දිව්ව පොලිස්කාරයා වගේ බලා යන මෑන් ලුහු බැන්දේය.

ජනාධිපතිතුමා එක්සේපෝ භූමියේ ඇවිදින ගමන් පැත්තක සවිකර තිබුණු මනරම් කතුරු ඔන්චිල්ලාව නරඹන්නට ගියේය. චීන අගමැති වෙන්ජියා බ්‍රාවෝ කතුරු ඔන්චිල්ලා පදින්න ආරාධනා කළත් තමන්ගේ පමණක් නොව ශිරන්තිගේ ඉසේ කෙස් ගාණටත් වඩා ඔන්චිල්ලා පැද ඇති ජනාධිපතිතුමා බ්‍රාවෝට කීවේ 'ස්තුතියි වෙන වෙලාවක පදිමු' කියාය. එසේ කී ජනාධිපතිතුමා කතුරු ඔන්චිල්ලාවේ කැරකෙන විනෝදකාමීන් දිහා නිකමට මෙන් බලා සිටින විට වට පිට බලමින් දැඩි තැති ගැන්මකින් යුතුව කතුරු ඔන්චිල්ලා පදින දැක පුරුදු හාදයකු දුටුවේය. යකඩෝ මේ අපේ විමල්නේද කතුරු ඔන්චිල්ලා පදින්නේ කියා ඔන්චිලි පදින වීරවංස දැක හිනා ගිය ජනාධිපතිතුමා ඒ සමගම වික්ෂිප්තභාවයට පත්වූයේ මේ යකා තොට යකා ගහලා වගේ දාඩිය පෙරාගෙන බයෙන් සැකෙන් වටපිට බලන්නේ ඇයිද කියාය. කතුරු ඔන්චිල්ලාව එක් වටයක් නිමාකර හෙමි හෙමින් කැරකී නවතින්න ඔන්න මෙන්න කියා තිබුණි. ලංකාවේදී සාප්පුවකින් බඩු පාස්කර අසුවූ නිළිය වගේ මූත් කොළු කමට එක්ස්පෝ එකෙන් මිල අධික ලංකට් එකක්වත් පැන්නුවා වෙන්නට බැරිද කියා කල්පනා කරමින් සිටි ජනාධිපතිතුමා ඊළඟට දැක්කේ නැවතුණු ඔන්චිල්ලාවේ සිටින වීරවංස දුරකතනය ගෙන කාටදෝ කඩිමුඩියේ ඩයල් කරන අන්දමය.

ජනාධිපතිතුමාගේ දුරකතනය රිං වෙන්නට පටන් ග්තේත් ඒ වෙලාවේදීය. හලෝ කී ජනාධිපතිතුමාට ඇසුණේ විමල්ගේ කටහඬය. සර් මම විමල් කතා කරන්නෙ කී හෙතෙම බෑන් කී කාරයා මං ගැන මොනවද කිව්වේ කියා තැතිගත් කටහඬින් ජනාධිපතිතුමාගෙන් විමසුවේය. විහිළුවක් කරන්න සිතූ ජනාධිපතිතුමා මෑක් කිව්වා අහුවුණොත් ගඟේ, ඇළේ, වැවේ නාන්න බැරිවෙන්න වැඩක් කරනවා කියා කීවේය. ඌ එහෙම කිව්වද මට මෑන් පණිවිඩයක් එවලා තිබුණා පුළුවන්නම් එක්ස්පෝ එකේ පාළු ප්ලේස් එකකදී ගහගන්න වරෙං කියලා. අම්මට සිරි ඕකුං කරාතේ කිංලා කියා බියපත්ව කියූ ජනාධිපතිතුමාට විමල් කීවේ ඒ වුණාට මං දැන් පාළු ප්ලේස් එකකට ඇවිත් මෑන් එනකම් බලා ඉන්නෙ. ඒත් පොර තාම නැහැ, බය වෙලා මාරු වෙන්න ඇති කියාය. ඒ අතර අලුත් පිරිසක් කතුරු ඔන්චිල්ලාවට නැග්ගේය. ඔව් ඔව් මෑන් බයේ මඟ අරින්න ඇති කී ජනාධිපතිතුමා කතුරු ඔන්චිල්ලාව යළි කරකැවෙන්නට යට සංඥාව දැක කලබලයෙන් කීවේ විමල් යකඩ බාර් එක හයියෙන් අල්ලගන්න. ඔන්චිල්ලාව ආයේ කැරකෙන්න යන්නෙ කියාය. විමලයා වහා ඔළුව පහත් කරගත් අතර ටෙලිෆෝනය විසන්ධි විය. පොඩි එකාට කතුරු ඔන්චිල්ලා පදින්න හැර ජනාධිපතිතුමා තව ටිකක් එක්ස්පෝ එකේ ඇවිදින්නට ගියේය. නේපාල ජනාධිපති රාම් බිරාම් යාදෙව් ජනාධිපතිතුමා ඇසවේ මොකද බිරාම් බය බිරාන්ත වෙලා වගේ ඔයාවත් බෑන් කී බය කළාද කියාය. ඇයි මිස්ටර් ප්‍රසිඩන්ට් බෑන් කී කාව හරි බය කරලද ඇසූ රාම් බිරාම්ට ජනාධිපතිතුමා කීවේ නෑ මේ බෑන් කී මාත් එක්ක ආපු කොල්ලව බය කරලා, මෑන් බය ඇරෙනකං කතුරු ඔන්චිල්ලා පදිනවා කියාය.

අනතුරුව රාම් බිරාම් කතා කළේ නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය ගැනය. මම ජානධිපති වුණාට ඉන්න වෙලා තියෙන්නේ ඔබතුමාගෙ පවුලෙන් පිට ඇමති කෙනකුට වගේ. කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. බැරිද මට කොහොම හරි ඔබතුමාගෙ පවුලෙ පසු පෙළ මන්ත්‍රී කෙනෙක්ගෙ තත්ත්වයවත් හදා දෙන්න කියා කීවේය. දහ අට වගේ එකක් ගෙනාවා නම් බිරාමුත් ගොඩ කී ජනාධිපතිතුමා මං පහෙන් තුනක් හැම වෙලාවෙම ලැබෙන විධියට කමිෂන් ටිකත් ස්වාධීන කළා කීවේය. දවස් තුනකට නේපෝල් ඇවිත් මටත් ඕක කෙටුම්පත් කරලා දීලා යන්නකෝ කී නේපාල් ලොක්කාගේ ඉල්ලීම ඉවත නොදැමූ නෝපෝල් ළඟ සිටි අතවැසි ලොන්තපෝල් කෙනෙකුට කීවේ අර අපිට තාම කොහේවත් ටුවර් එකකට අරං යන්න බැරි වුණු නිසා මුඛ අනික් එක වගේ කරගෙන ඉන්න එවුන් ටික ඊළඟ නේපාල ටුවර් එකට දාන්න කියාය. ඒ සමහර එවුන් නම් මළ ඇණ සර්, රට තියා මතුරටවත් යවන්න වටින එවුන් නෙමෙයි කියු ලලිත්ට ජනාධිපතිතුමා කීවේ එහෙනං උන් ටික එවරස්ට් නග්ගලා ක්‍රීම් කැකර් පැකට් දෙක තුනක් එක්ක හීතලේ අතරමං කර දාමු කියාය.

කතුරු ඔන්චිල්ලා පැද පැද ඉඳලාම අරූගෙන් බේරෙන්න බැරි බව තේරුම් ගත් කොමිට්සුමා වෙස් මාරු කරගෙන හෝටල් කාමරයට පැන ගන්න ට්‍රයි එකක් දිය යුතු බව සිතුවේය. සාක්කුවෙන් ලේන්සුව ගෙන එලුව වටේ සුම්බරයක් ගැටගසාගත් හෙතෙම කතුරු ඔන්චිල්ලාවෙන් - බැස මදක් කල්පනා කළේය. අසූ අටේ නමේ පුරුදු ඔහුට ඉබේම කල්පනා විය. යන ගමන කෙළින්ම නොයා ඔළුව වටේ අත යවා නහය ඇල්ලිය යුතු බව සිතූ වීරවංස එකපාරටම හෝටල් කාමරයට නොයා ඊළඟට ගියේ මෙරිග්‍රෝ රවුං පදින්නටය. ඊළඟ මොහොතේ දක්නට ලැබුණේ සීබ්‍රාවකුගේ පිටේ නැගි සුම්බරය ගැට ගසා ගත් ජොකියකු වට පිට බල බලා මෙරිග්‍රෝ රවුම් යන අන්දමය. අනතුරුව හෙතෙම මාරක ළිඳේ මෝටර් සයිකල් පදින එක බලන්න ගියේය. උඩදී බැන් කී මූන්ට අහුවුණොත් මාරක ළිඳට වැටෙන්නට තමන් සිටින තැන ලෑල්ලක් ගලවනු නියත බව තේරුම් ගත් මෑන් වේගයෙන් ඒ මේ අත වැනෙන ළිඳේ යකඩ කණුවක් තදින් අල්ලා ගත්තේය. තාරාවන්ට වළලු දාන තැනත් මදක් ටැක් ගැහැණු වීරවංස වහා එය ගෙන කියවූයේය. අයි විල් කම් මිට් යූ නව්, බෑන් කී. කියා එහි තිබෙනු දැකීමත් සමග තදින් දොර වසා දමා දොරට හේත්තු වී මද වේලාවක් සිටි මෑන් අනතුරුව ලංකටය දක්වා සියල්ල ගලවා දමා දහඩියෙන් පෙඟුණු සිරුර ඇල් සහ උණුවතුරෙන් පොඟවා ගැනීමට බාත්රූමයට පැන්නේය. වීරවංස සබන් පෙන සහිත මඳ උණුවතුර දමා තිබුණු විශාල නාන බේසමට පැනීමත් හෝටල් කාමරයේ ලයිට් යාමත් කවුරු හෝ පුද්ගලයකු වීරවංසගේ ඇඟට පැනීමත් සිදුවූයේ තත්පර කිහිපයක් ඇතුළතය. අනතුරුව එතන මොකක් නමුත් කලුවරේ ජරමරයක් වුණේය.

හෝටලයේ ඉහළ මාලයේ කාමරයක සිටි ජනාධිපතිතුමාට මහ රෑ එස්එම්එස් එකක් ආවේ විමලසිරි සහෝදරයා ඉවරයි කියාය. වහාම ඒ ගැන විපරං කළ ජනාධිපතිතුමාට දැනගන්නට ලැබුණේ සම සමාජයේ විමලසිරි ද මැල් මෙහේ ආඩම්බරකාර තාත්තා අතහැර ස්වර්ගයේ පියාණන් වෙත ගොස් ඇති බවයි. ඒ ගැන දුක් වෙමින් සිටි ජනාධිපතිතුමාට තවත් එස්එම්එස් එකක් ලැබුණේ විමලසිරි සහෝදරයා අනාථයි කියයා. මොකක්ද යකෝ මේකෙ තේරුම කියා මළ පැන එහේට මෙහේට දුරකතන ඇමතුම් දුන් ජනාධිපතිතුමා ඒවා වැඩ කළත් අනාථ වෙච්ච විමලසිරි ගැන හාං කවිසියක්වක් දැන ගත නොහැකි විය. හොඳටම මළ පැන ටීවී එක දැමු ජනාධිපතිතුමාට දක්නට ලැබුණේ විමසිරි සහෝදරයා රෝහලකින් ප්‍රතිකාර ගෙන කුර ලෙඩ හැදුණු අශ්වයකු පරිදි පැන පැන වගේ ආපසු හෝටල් කාමරයට එන අන්දමය.

-විමලනාත් වීරරත්න [රාවය- 14.11.2010]

රාවය පාඨකයෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails