Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බ්‍රිතාන්‍ය චිත්‍රපටි ආයතනය මගින් ඉමැජින් ඒෂියා ලේබලය යටතේ නිකුත් කර ඇති මේ චිත්‍රපටිය රික්වික් ඝටක්ගේ සිනමා පරිකල්පනයේ අතිශය නිර්මාණශීලී සහ සුසංග අවස්ථාවකි. ලේඛකයකුගේ පෑනට හෝ චිත්‍ර ශිල්පියකුගේ පින්සලට හෝ සිනමාකරුවකුගේ කැමරාවට හෝ ග්‍රහණය විය හැකි යථාර්ථයේ කිසියම් පින්තූරයක් කිසියම් දෘෂටිවාදයක් සහ කතිකාවක් ලෙස ගොඩනගනු වෙනුවට යථාර්ථයේ සංකීර්ණ භාවය සහ තම සීමිත-

කලාත්මක භාවිතය අතර පවත්නා සිනමාකරුවකි ඝටක්! යථාර්ථය ලෙස පවතින දේවල් තම සිනමා වෘත්තාන්තය තුළ ඒකාබද්ධකරන ඝටක් තමා විසින් එලෙස ඒකාබද්ධ කරනු ලැබුවේ කවර ප්‍රපංචයක් ද යන බව ප්‍රෙක්ෂකයාට දැන ගන්නට ඉඩ හරියි. ඒ ඔස්සේ ඔහු සමාජ විචාරකයකුගේ ගෞරවනීය ස්ථානය ඔබට ලබා දෙයි. බෙංගාලය වසා පැතිරුණු දරිද්‍රතාව, පහළ මැද පංතියේ ඛේදනීය මරණය සහ සමාජ සංචලතාවේ හෙවත් ඉණිමඟ දිගේ ඉහළ නැඟීම වෙනුවෙන් දිළිඳු පංතිය විසින් ගෙවිය යුතු වන්දිය පමණක් නොව භාරතීය සංගීතය නමැති කලාත්මක උරුමය තම සිනමා නිර්මාණය තුළ ගොනු කරන රිත්වික් ඝටක්, තම කලාත්මක පරිකල්පනය පැබ්ලෝ, පිකාසෝගේ ගුඅර්නිකා වැනි විශාල කොලාජයක් බවට පත්කරයි. මධුර මනෝහර රාගධාරී සංගීතය සහ භාවාතිශය ජවනිකා සමග තවත් බොහෝ දේවල් ඒ සිනමා කොලාජයේ ඇලවෙයි.

පාරේ දී කැඩෙන ගැහැනු සෙරෙප්පු - බාබර් ගාස්තු ගෙවන්නට බැරි නිසා මුහුණේ වැඩී කැසිල්ල ඇති කරන තරුණ රැවුල් - බොක්ෂින් පුහුණුවීම් ඩබ්ලියු. බී. යේට්ස් කවියාගේ සහ ෂෙලී කවියාගේ ඉංග්‍රීසි කවි - පවුලේ අගහිඟකම් වයෝවෘධ ගුරුභවතුන්ගේ පෞරුෂය - දුම්රිය ශ්‍රමිකයන් රෝගීන් කරවන වැඩමුර අර්චනයක් හෙවත් අමෘත ලාංඡනයක් බවට පත්වුණු මුදල් නෝට්ටු - සුන්දර බුද්ධිමත් ලලනාවන් කරා පැමිණෙන කාස රෝගය - කඳුකර ළය රෝහල යනාදි රූප රැසක් ඝටක්ගේ සිනමා කොලාජයේ අලවා තිබේ. ඉතාමත් චමත්කාරජනක කාරණය නම් මේ සියලු දේවල් භාව ගීයක්, හින්දි මෙලඩියක් එම්.එච්. හුසේන්ගේ චිත්‍රයක් තරම් භාවපූර්ණ වීමයි.


රික්වික් ඝටක්


මේ චිත්‍රපටිය මහළු ගුරුවරයකුගේ පවුලක් වටා ගෙතී ඇත. චිත්‍රපටයේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ වැඩිමහල් දියණිය වන නීතාගේ අතිමහත් කැපවීමයි. ඇගේ බාල සොහොයුරිය සැහැල්ලු ජීවිතයකට හුරුවුණු මෝස්තරකාරියකි. වැඩිමහල් සොහොයුරා සංගීතය වෙනුවෙන් දිවි කැප කළ තරුණ ප්‍රතිභාවන්තයෙකි. තවමත් ඔහුට ප්‍රසිද්ධ ප්‍රසංග සඳහා පෙනී සිටින්නට අවසරය සංගීත ගුරුවරයා වෙතින් ලැබී නැත. නීතා ඔහුගේ බරපැන ද දරන්නීය. බාල සොහොයුරා පාසල් යන නමුත් වැඩි උනන්දුව බොක්සින් ක්‍රීඩාවටය. නීටාගේ බර ඇදීම පෙනෙන්නේ මහලු පියාට පමණි. ඔහුගේ ශිෂ්‍යයකු හා විද්‍යා උපාධිධාරියකු වූ සනත් නීතා සමග හාදවෙයි. චිත්‍රපටියේ නාමය වන 'මේඝේ ධකා තාරා' යන නම නීතාට පටබඳිනු ලබන්නේ සනත් විසිනි. පවුලේ වියගහට බැඳුණු නීතාගේ කැපවීම අවසන් වන්නේ ඇයට කාස රෝගය වැළඳීමෙනි. ඊට පෙර තවත් බලාපොරොත්තු බිඳීමක් සිදු වේ. සනත් අගේ මෝස්තරකාර නැගණිය විවාහකර ගනියි.


මේ සිනමා නිර්මාණයේදී රිත්වික් ඝටක් ඉන්දියානු බොළඳ සිනමාවට ආවේණික භාවාතිශය ශෛලිය තම සිනමා භාෂාව බවට පත්කර ගනියි. අධිරඟපෑම්, රූප රාමු තුළ ගොනුවන තීව්‍ර භාව ප්‍රකාශ, ගායනා, ඍජු බ්‍රෙෂ්ටියානු කියුම් යනාදිය සිනමාකරුවාගේ අභිප්‍රාය නොවහළා හෙළි කරන්නට සමත් වේ. එලෙස භාවාතිශය රීතිය ක්‍රම භාෂාව බවට පත් කර ගැනීම මඟින් ඔහු සිනමාව නව තලයකට ඔසවා තබයි. බොළඳ සිනමාවට ආවේණික අමන බොළඳ භාවයත්, ප්‍රේක්ෂකයා ලක්ෂපතියන්ට අන්දවා මුලාවට පත් කරනු ලබන විනෝද කර්මාන්තයක් කණපිට පෙරළයි. දරිද්‍රතාවෙන් අවපැහැගත් ජීවිතය විඳ ගන්නට ප්‍රේක්ෂකයාට ඉඩ දෙයි. එයින් ඔහු අපට පවසන්නේ කලාව නමින් බොළඳකමය. ගොන්කම උසි ගන්වමින් අද මිනිස් ශිෂ්ටාචාරයට එරෙහිව විනෝද කර්මාන්ත මගින් සිදු කරන වැරදිවලට සැලොලයිඩ් පටිය වරදකරුවකු නොවන බවයි.

[රාවය| චැප්ලින් කොලම| 2010.10]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails