Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"හැඟුම් කෙටි කර යවනා - එස්.එම්.එස්. රුපියලකට අඩුවෙලා"
(ජංගම දුරකථන සේවා ජාලයක විද්‍යුත් ප්‍රචාරණ දැන්වීමකිනි.)


නැවුම් නො ඉඳුල් මතක වෙනුවට
මල් පෙත්තක් ඇවිත් මා අතට!

නිය පහරින් බොහෝ පීඩා විඳ
'චිප' දහසක් මැදින් ගමන් කොට

නුඹේ මිදුලේ යසට
උදේ හිනැහෙන සුවඳැති මලෙක
පෙත්තක් වාගෙයි
බැලූ බැල්මට

නුඹේ නම ම යි තිබෙන්නෙත් කෙටි කරලා
කොටාලා පෙත්තේ කොණක

ඒත් තව සැකයි මට
කාගෙ ද කියා මේ මල් පෙත්ත
සොයමි නැහැයට ළං කර
තිබේ දැ යි විලවුන් වුවඳ වත්
නුඹ ඇඟ ගල්වන!

[නොසොඳුරු පෙදෙසක- 2010]

ප්‍රදීප් සාරංග කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails