Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැමදාම වහින්නේ
වනයේ හිස් මුදුනට
එළිය පායන්නෙත් එතැනට
විසල් තුරු සෝදමින්
පත් අතර වෑස්සෙන
බිංදු ටික පමණයි
ලැබෙන්නේ පහළට

වෙන් වෙන්ව උස යන
මහ ගස් කඳන් යට
ඇලී මිහි පොත්තෙහි
කටු කලල් අකුලෙහි
යටි වියන සිටියා
වෙලී- පැටලී- නොනැඟී

සිනා සළුවෙන්
වැසී යන මෙන්
හදක දුක් ගැබ
වනය මුදුනේ
මීදුමෙන් සහ
සොඳුරු මායා පටලයන්ගෙන්
වැසී තිබුණා
වනය පතුලේ
අඳුරු පදනම

අල- පෝට- දෙමළ ඈ වැල්
කෙටි පඳුරු- මිටි වදුලු
ඒ අතර තණ බිස්ස
ඉන් පිටට නොඉල්පෙන සුඟු තලය

ප්‍රේම නොකළත් කුරුළු ප්‍රියයන්
සිප නොගත්තත් සුළං සලෙළුන්
දකිමි- පොඩි මල් පිපෙන මහිමය
යට යටි වියන තුළ

වැටිය යුතුය එහි
එක් කිරණ බැල්මක්
ඉර ගල අවටින්- සඳ ලප කඳුළින්
ආකාස දැසින්

උඩු ගුවනින්- දඬු මොණරෙන්
විද්ද නොහැකිය ඒ කිරණය
ගෙන යා යුතුය
බැස වන දුදුල තුළ

කටු කොහොල් මෑත් කර
වළ- වගුරු මතින් පැන
බඩ ගාන සපුන් සේ
ගලා යන ගඟුල් සේ
වක් වෙවී- හැරි හැරී

වර්තන නියම වෙනස් කොට
ගෙන යා යුතුය කිරණය

[යටි වියන]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails