Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුන් මහකට විතර ඉස්සර
ප්‍රේමය පිහිනගෙන ආ
රමණීය ගඟ දිගේ
පැමිණේය මරණීය
වධ වේදනාවන්
යකඩ කම්බි ගෝස් කෑලි

නෑ අම්මේ මං තරහා
අක්කල දෙන්නයි අයියයි
මඟ බලාගෙන ඇති
ගෙනෙන තුරු පොරොන්දුව
මේ සිදාදියේ
කුරුළු පැටව් විකුණන කඩ
ඕන තරම්
තාත්තාටත් කියන්න
මං තරහා නෑ කියලා

බදු බරේ උකුසු ඇස
බර වෙනා දෙතන දෙසත්
බලනවා මට පෙනෙනවා
කෙළ හල හලා

අනේ තව ටිකකින්
ගිනි කඳු පුපුරාවි
බිත්ති දිගේ රතු පාටට
උණු උණුවට
ලාවා ගලා යාවි

ඇයි අම්මේ මේ විලාප
ඇස්වල උතුරා ගලනා කඳුළැලි
මං දන්නවා උඹ ආදරෙයි මට
මං ඉවසනවා වාගෙම
උඹත් ඉවසපන් අම්මේ

අර අර අර බිත්තියේ
හිපොක්‍රටිසුත් ඇස් පියා ගත්තා
ප්‍රතිඥාවෙ වගන්තිය
ඉල්ලා අස්කර ගත්තා

යම් මතු දවසක
කාලය දීපය දේශය
යහපත් වන
මං එනවාමයි
මේ තුරුලට

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails