Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිලන්ජනා එන්න අපි කැෆේ ඩි ෆ්ලවර් වෙතින් තේ බඳුනක් තොලගා
සෙන් නදියේ ඉවුර දිගේ ඇවිද යමු
මටත් තියෙනවා කියන්නට කතන්දර
ජීවිතයෙන් ගෙතු- කාලයෙන් හැඩතල මැවූ
මාත් අඳුරු සමකින් යුතු- ආසියාතික වනිතාවක්

ඉතින් නීලා
ආදරය හමා එන්නේ මඳ පවනක් ලෙසින් උවත් - ඉවත යන්නේ චණ්ඩ මාරුතයක් සේ
ඇතැමි විට ඉතිරි වන්නේ ඇඳි වතත් ශෝකාලාපත් පමණයි
ඇත්තටම "ඡතේමි" කියන්නේ කවුද අපිට
ඒ වදන සෙනහසේ රසවත් කමින් එතූ- මැදින් කටුක ආශාව රැඳවූ බෙහෙතක් වගේ
පිරිමි ආදරය කරන්නේ ඔවුන්ට ම පමණයි
ඔවුන්ට අප රසවත් කෑමක්- සුවපහසු සයනයක්- සුරක්ෂිත දාරකාගාරයක්

කොතැනකද සිතේ සහනය සොයන්නේ- මවගේ මුදු සෙනෙහසේ ගිලුනු අයුරින්
පෙරදිග අත්ථකිලමථානු යෝගයත් බටහිර කාමසුඛල්ලිකානු යෝගයත්
අතර මැදි මාවතක් ඇති
අපි සොයමු
සමහර විට තවත් අත් එක්වෙයි අපිට
සමහර විට බොහෝ අත්

"තස්ලිමා" ගේ "ද ෆ්‍රෙන්ච් ලවර්" කියවීමෙන් පසු.....

උද්‍යෝගී පලිහක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails