Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පිළිහිඩි නොතවරා කුස්සියම පීරා
උයාගත් දානය අරං එනකොට
පන්සල පාමුල ගස් අතරින්
මම නුඹව දැක්කා දුරින්

කියන්නට නම් බොහෝ දේ වේ
ඇවිත් දුවගෙන
එහෙත් හිමියනි සක්මනෙක ඔබ
බිම බලාගෙන

කුඹුරු වැඩ සහ අනවරත වූ
නේක කරදර හිංදාම
නුඔට ඔය මග යන්නට
පමාවූ බව සත්තයි

නුඔත් සමගින් එදා ඇරඹූ
ජීවිතේ නම් හීනයක්මයි
කමක් නෑ හිමියනි තුටින් සිත
ගෙනා දන්පත පිළිගන්නවද.....?

ජීවි‍‍තේ ඇරඹුමක සටහන්
හැමදාම හදවතේ රැඳුනා
මියෙන තුරු අත් නොහරිනා බව
එකල දුන් පෙම් පතක තිබුණා
නුඹ කියූ නෙක විහිළු සිහිවී
මේ දැනුත් මට හිනා යනවා
අන්තිමය මියැදිච්ච වේලේ
අපි අඬපු හැටි මතක් වෙන‍වා

දුවට නැන්දා රවනවාලු දෑවැද්ද සිහිකර
බුම්මගෙන බෑනාද යනවලු දුවව මගහැර
ලොකු පුතාගේ නඩු තීන්දුව ගැන මතක් කර
ලේලි ආවා කඳුළු අරගෙන අද පාන්දර
පොඩි එකා කල්ලියට වැටිලා එහෙන් කරදර
දරාගෙන ඉන්නවා තනි මං විසල් බර

ඉතිං හිමියනි කාල වේලාවක් තියේනම්
වඩිනු මැන අපි පුංචි ගෙපැළට
දිවා රෑ වෙහෙසෙමින් යුගයක
එදා ඔබ මා සදා නිමකළ
අපේ ගෙදරට
දෙපා දෝවා වඩන්නම්
මොනතරම් අග හිඟ තිබෙන මුත්
එදා රසටම උයා දෙන්නම්

හිරු නිදන ගොම්මනට සැමදින
මහා බයකින් වෙලෙයි සිත නම්
කමක් නෑ හිමි සඳුනි ඒකට
මං අපේ ගෙපැලේම ඉන්නම්
මියෙන්නට පෙර අනේ හැකිනම්
මාත් ගොඩගනු මෙදුක් සසරින්

-2009, දෙසැම්බර්-

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails