
සෙනඟ ගඟ සිඳුණු ඉවුරක
මම ඉන්නම් හෙටත් මඟ බලාගෙන
මිතුරිය
ඔබ එනතුරු
දැවී ගිය සොම්නස ළඟ තබාගෙන
ගනුදෙනු කරන්නට වියෝ දුක
ප්‍රථම පේ‍්‍රමයේ මළ සිරුරු හොවාගෙන
යන්නෙ කුමටද ගෙන් ගෙට
සොයන්නට අබ ඇට
ගිහින් බැලුවොතින් අභ්‍යවකාශෙට
දැක ගන්න හැකි වේවි අපිටම
ගිණිය නොහැකි ග්‍රහ වස්තු අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
කෝටි ගණනක් සත්වයන් අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
කෝටි ගණනක් පෙම් සිහින අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
මුණ ගැහුණම ආයෙමත් හෙට
ප්‍රසාරණය කරමු හදවත්වල සුසුම් අබ ඇට
එයම විතරයි නේද ඉතිරිවුණු එකම තෘප්තිය
උද්‍යානයේ
බංකුවක් උඩ
මට මතකයි ඊයේ සවස අපෙ සමීපය
ඔබේ පේ‍්‍රමයේ වියෝ කඳුලක්
තෙත් කළා මගෙ පිටි අත්ල
කඳුලැල් බිඳුවක් වුව
මා නෙත’ගින් ගලන
වදන් පින්සල අගට ගෙන
අගෙයි මිතුරිය ඔබ අඳින සිතුවම් සිත නිවෙන
ඔබ හරි හොඳයි ඇයටත් වැඩිය
පැහැදිලි රූපයක් මැවුනත් සිතේ හැම විටම
ඔබේ දුක් අඟුරු
මගේ දුක් අඟුරු
අනේ හරි පුදුමයි
රත්රන් යැයි අපටම නොපෙනෙන අයුරු
සිරුරින් විතරක් නොවෙයි
පේ්රමයෙනුත් කිස
මිතුරිය දැන්
ඔබ
මම
දමිත් උදයංග දහනායක



