
වෙසක් වෙසක් බැලූ බැලූ හැම තැනම වෙසක්
වෙසක් යනු මගේ සවනට පුරුදු බසක්
පසක් කරන දින බව බැමි බිඳපු පුතෙක්
මතක් කිරීමත් මගෙ මතකයට සැපක්
-මීට වසර තිහකට පමණ පෙර මගේ තාත්තා ලියූ වෙසක් කවියක්
මා මුවරඳ
ඔබේ
මල් මකරන්දයේ
කය සතපන
මගේ සුජාතාවෙනි
දිග ඇදෙන්න
මේ
වදුලේ
(බලන්න! වෙසක් සඳ
අපේ පයේ හැපෙනවා)
පිරිනමන්න!
ඔබෙ
තුනුවිල
කිරිපිඬු දානයක් ලෙසින්
සසඟින් පසු
බුදුවන
මට
(2000)
[කාලයක් තිස්සේ ලියූ කවි - 2007]
චින්තක රණසිංහ
KAVI BOONDIYA | වෙසක් රැයේ - පෙම්වතියකට තුරු වදුලේ - [චින්තක රණසිංහ]
Posted by
BoondiOnLine
11.28.2010



