Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිස සිඳුණ
අත් සිඳුණ
පිළිම මෙහි නොතබන්න
දැන්වීම් එල්ලගෙන
බවුන් වඩන රූමත් බෝ ගස
අලුතක නම් ලැබුව

මතකයි එදවසත්
ඒත් සෙවණ දුන්නා
කඳුළු හල හල වුණත්
දැවී ශේෂව යන තුරුම

එන විට මඟ වැටුන
හිස නැති ඒ මතක
ගෙන තබා පුදසුනේ
කොයි තරම් වැන්දාද
අද තහනම් පාමුලේ

ඔහු ගත්තේ රතු පාට
අපට දුන්නා රන් පාට
අඳින්නැයි කියා හිරු
පිපෙන හෙට උදෑසන
ඒත් මා ළඟ ඇත්තේ
එකම එක චිත්‍රයයි
ඔහු බලෙන් පටෝගත්
ජීප් එකේ චිත්‍රයයි
කළුම කළුවර රැයේ

දෙන්න මට ඉඩ දෙන්න
ඔහු මතකයට ගන්න
කියා කියමිද කෝම
අත් පා සිඳුන කල
බුදුන්ටත් සරණ නැති කල

වැළලේවි ඒ පිළිම
සිය සියවස් ගණන්
දිනෙක වීදුරු මැදුරු
ගැබෙක අභිෂේක වී
මිල කළ නොහැකි වන
අබිමන ලබන තුරු

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails