
තාරකා මල් පිපී
සිනාසෙයි සිරියහන
අමාවක ගෙවාගෙන
සඳ ඒවි දැන් ගෙදර
පෙති එකින් එක තියා
අප තැනූ මල් පැතිම
ගැන පුංචි රහසක්
තිබේ එන්නකො හනික
සඳ හොරෙන් බලා පෙම්
අසාගෙන ඉන්න බැව්
කියන පෘථිවියේ පෙම් -වතුනි
මෙය අසන් දැන්
අපෙ මියුරු පෙම් කතා
අසාගෙන හිඳින් දැන්
රන් හුයෙන් අත් ඇඟිලි
පැටළුණත් ඇවිද ගොස්
මිතුරි හා මිතුරු වී
මහ සැපත සොයාගොස්
යහන දෙපසට වෙලා
නැගි වෙහෙස නිවාලන
පෙම්වතුනි දැනෙනවද
අප ලබන මේ සතුට
ජීවිතේ මීට පෙර
නොලැබුවා වූ සතුට
ඔබ අසන මේ රහස
දනිමි මම් පුරහඳක
සතුට ඇති නුඹ ගාව
තබා හිස මකුස මත
අසා ඉනු සඳ පැතුම
අප්සරා පොඩිමැණිකේ



