Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිදන ලොව හෙට ඇහැරවන්නට
සුවඳ මල් පිපෙතී
ඇල් පවන් වී ගලා හැලෙනා
දිය කඳුරු හැදෙතී
නටුව වට කර කටු සදන්නට
ලොවම විස කෙරෙතී
සුමුදු පෙති පොඩි එවන් ලොවකට
දෙපියවර තබතී

නැළවි ගීයක පද සොරා ගෙන
තාලයත් මොට වුණී
සුරඟනන් පිරි සොඳුරු සීනය
හිනා අග ගොළු වුණී
විසුල පිණි දිය දොවා දැමු ඒ
පැන් කළය හිස් වුණී
නපුරු තාලය වයන වෙණ නද
ගුරු ගෙදර වැලපුණී

අමාවක පෝයත් වඩා ගෙන
තරු කැකුළු ඉගිලුණී
කෙසඟ අත පය නිදිවරා ගෙන
පන්හිඳත් වැහැරුනී
මව්පියන් උන් හති දමා දෙවු
කිරි කළය ඉහිරුනී
සුදු වළාවෝ ඈත පා වී
අසෙනි සර පිපිරුණී

දැයෙක දරුවෝ කූඩු කර දා
දෑත සිඳ දමතී
දැයක් දැරුවෝ බොල් හිනාවෙන්
වියරු වී නටතී
උනුන් තැනුවෝ අහස් මන්දිර
සුරපුරක් කෙරෙතී
පිලේ කොඳු ඇට පුපුරුවාලා
වැට කඩුළු බඳිතී

ලොවක ඇති නැති අතර ඉඩකඩ
නුඹට අහුරනු බැරී
එක පෙළේ හිඳ එකම සුසුමට
කඳුළු නැත මඟ හැරී
දෑත දෑතක වෙළා උර දී
ගමනකට දෙන දිරී
ළදරු තරුකැට තලා පොඩි කර
අහස ගිනි ලනු බැරී

තාම කිරිකැටි සිනා දෙතොලත
වියැකිලාවත් නැතී
දොඩන බහවත් නොදන්නා නුඹ
නමින් කවියක් ගෙතී
දිනක් ඇවිදින් අද හෙටම මේ අකුරු
ඇහිඳිනු ඇතී
තියාපන් ඒ මඟේ පියවර කඳුළු
අසපුවෙ වෙතී.

06.11.2010

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails