Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එකම එක වෙඩි පාරක් අපතේ ගිහින් නෑ. උන්ටත් එහෙම වෙන්නැති- මං අදහස් කරන දේ තමුන්ට වැටහෙනවද? - අපේ පැත්තෙන් ඔය ප්‍රතිවිරෝධෙ සේවය කරන්නෙ අපට නෙවෙයි නං අඩු ගානේ අපේ දරුවන්ටවත් විමුක්තිය ලබාදෙන්න, සංහිඳියාව පිරිච්ච, ප්‍රතිවිරෝධතා වලින් තොර, කිසි කෙනෙකුට අයහපත් කෙනෙක් වෙන්න ඉඩක් නැති ලෝකයක් නිර්මාණය කරන්න. අනික් පැත්ත ඒ කියන්නෙ තමුන්ගේ වැඩ පිළිවෙල අහිමි වෙච්ච, පලකට නැති ප්‍රතිවිරෝධතා වලින් පිරිච්ච පැත්ත, අඩු ගානේ ඔවුන් තාවකාලිකව ජය ගත්තත්, තව විසි අවුරුද්දක්, සිය අවුරුද්දක්, එහෙමත් නැත්නම් අවුරුදු දාහකින් ආයෙත් අපියි උනුයි අතරේ අරගලය ආරම්භ වෙනකම්ම වාස්තවික ඉතිහාසයක් නිර්මාණය කරන්න දායක නොවී ආයෙ ආයෙත් සදාතනික වෛරය හා ප්‍රතිවිරෝධය ජනනය කිරීමේ යෙදෙන නිසා ඔවුන් තුළ තිබෙන මේ ප්‍රතිවිරෝධයන් කිසිම කමකට නැති නැති ඒවා බවට පත්වෙනවා.

ඉතිං ඔය විදියට හරියට නොදන්නා එකම වෛරයක් ඇස්වල අවුලවාන - බාගවිට අපිට ඒක දැනෙන්නෙත් නෑ- අපි විමුක්තිය පතා ගෙන සටන් කරනවා. උන් දිගටම වහල් භාවයේ රැඳෙන්න සටන්කරනවා. මේ අරගලයට වර්තමානයේ තියෙන නියම අර්ථය ඒකයි. ඔය නිල අර්ථකතනයන්ට ඔබ්බෙන් තියෙන නියම, පරම අර්ථය ඒකයි. සියලුම වධ බන්ධනයන්ගෙන්, පීඩනයන්ගෙන් මිදීම උදෙසා වන මූලික, නිර්නාමික ආවේශයකින් කටයුතු කිරීම. කම්කරුවා සූරා කනු ලැබීමෙන්, ගැමියා සිය මුග්ධකමින්, මධ්‍යම පාන්තිකයා සිය කුසීතකමින් ඒ වගේම සමාජයෙන් නෙරපනු ලැබූවන් දූෂණයෙන් මුදවා ගැනීම. දේශපාලන කටයුතු වල නිරත වීම කියන එකෙන් මං අදහස් කරන්නෙ මෙන්න මේකයි. අර පැසිස්ට් වරු අභාග්‍යය කියන දෙය සදාතනික අභාග්‍යයක් බවට පත් කරන්න, මිනිසා මිනිසාට එරෙහිව යුද කරන තත්වයට පත් කරන්න වීරිය කරනා අතරේ මානව අභාග්‍යය යන්න ඊටම එරෙහි ව යොදමින් අපේම පොදු විමුක්තිය උදෙසා සටන් කිරීම!

[The Path to The Spider's Nest| මකුළු කැදැල්ලට යන පාර| විදර්ශන ප්‍රකාශනයකි.]

ඉටලෝ කැල්විනෝ
පරිවර්තනය - චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails