Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉතින්, මිර්ගොරද් නගරයට ගෞරවයක්වන්, අලංකාරයක්වන් පුරුෂයෝ දෙදෙනා දබර කර ගත්හ. කුමකටද? වැදගැම්මකට නැති දෙයකටයි. පාත්තයකු නිසාය. ඔවුහු දෙදෙනා මුණගැසෙන්නට අකමැති වූහ. ඉතාමත් ළබැඳි මිතුරන් මෙන් සුප්‍රකටව සිටි දෙදෙනා අතර පැවති සියළු සබඳතා සිඳී බිඳී යන්නට විය! ඉවාන් ඉවානවිච් සහ ඉවාන් නිකිපරවිච් දිනපතා ඔවුන්ගේ දුක සැප විමසා බැලූහ. තම සඳලුතලවල සිට සතුට උපදවන බස් දෙඩූහ. ඔවුන් දෙඩු දෙඩුම් හැමවිටම හදවත දයාවෙන් සනසන් සුළු විය. ඉරිදා ඉවාන් ඉවානවිච් සහ ඉවාන් නිකිපරවිච් තම අගනාතම කබා ලාගෙන අතිනත් ගෙන මෙන් එක ළඟින් ගමන් කරමින් පල්ලියට ගියහ.

ඇතැම් විට, මිර්ගොරදි නගරයේ පාරවල දක්නට ලැබෙන මඩ කඩිත්තක් හෝ කුණු කසළක් හෝ ඉවාන් ඉවානවිච්ගේ තියුණු දෙනෙතට හසුවෙයි. එවිට ඔහු සැණෙකින් ඉවාන් නිකිපරවිච්ට මෙලෙස තෙපලයි: "බලාගෙනයි, මෙතනින් අඩිය තියන්න එපා. මඩ කඩිත්තක්!" අනික් අතට ඉවාන් නිකිපරවිච්ද තම සෙනෙහෙබර මිතුරුකම පළකරමින් තම මිතුරා දුටු විගස ඈත සිටම දුම්කුඩු හෙප්පුව දිගුකරමින් "කරුණාකර ඩිංගක් ගන්න" යන වදන් තෙපලයි. ඔවුන් දෙදෙනා.... එය මා දෙසවන වැකුණු විට මගේ හිස මත හෙණයක් පතිත වුණාක් මෙන් විය. මට එක්වර අදහා ගත නොහැකි විය. එය ඇත්තකි! ඉවාන් ඉවානවිච්, ඉවාන් නිකිපරවිච් සමග දබර කරගෙන! එතරම් උදාර මිනිස්සු! මින්මතු මෙලොව කවර දෙයක් නම් නිත්‍ය වශයෙන් සැලකිය හැකිද?

[නිකොලායි ගොගොල් ගේ හිම කබාය සහ තවත් කතා]

නිකොලායි ගොගොල්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails