Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔවුහු ගෙදර ගියහ.

මින් පෙර කිසිදාක
මා වැනි කෙල්ලක
හමුව තිබුණේ නැතියයි
සිය බිරින්දෑවරුන්ට වහසි බස් කීහ
එහෙත්
ඔවුහු ගෙදර ගියහ.

මගේ නිවස සුපිරිසිඳු යයි කීවේ ඔවුන්ය
මා දෙඩූ කිසිදු වදනක
ගුප්ත බවෙහි සේයාවකුදු නොතිබුණි.
එහෙත්
ඔවුහු ගෙදර ගියහ.

හැම පිරිමියෙකුගේම මුවග වූයේ
මා ගැන පැසසුම්ය
ඔවුහු මගේ සිනහව ප්‍රිය කළහ
මගේ උකුළට
හුරුබුහුටි බවට ලොල් වූහ
එහෙත්.....

ඔවුහු ගෙදර ගියහ.

['They Went Home' By Maya Angelou]

මායා ඇන්ජලෝ
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails