Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කියන්නෙහි නිතර ඔබ
මා පියා බොහෝ පොත් ලියන බව
නමුත් මට නොවැටහේ
ඔහු ලියන කිසි දෙයක්

හැම සැඳෑ වරුවකම
ඔබ ළඟින් හිඳ ගයන නමුත් ඔහු
ඔබට වැටෙහන්නේද මෑණියනි
එ පදවැල් වල අරුත්?

මෑණියනි ඔබ කෙතරම්
මියුරු වූ කවි කතා කියනෙහි ද?
මහම පුදුමෙකි ම’සිතෙහි
ඔහුට කිම ගොතනු බැරි එබඳු පද ?
ඔහු කුඩා කළ ඔහුට
කියා දුන්නේ නැද්ද ඔහුගෙ මව
සුවිසල් යෝධයන් ගැන
සුන්දර සුර’ඟනුන් ගැන
සියුමැලි කුමරියන් ගැන?
අමතක වී ද නැත්නම්
ඒ රස කතා ඔහු හට?

දිය නාන්නට පමා වෙත ඔහු
සිය වරක් සිහි කළ යුතුය ඔබ
ඔහු නමින් උණු උණු අහර පිස
ඔබ පොරොත්තුව සිටින අතරේ
අමතක කර එ ගැන
ලියන්නෙය ඔහු දිගටම

නිතරම පොත් ලිවීමය
තාත්තාගේ සෙල්ලම
එනමුත් මා ගියොත්
සෙල්ලම් කරනු සඳහා
තාත්තාගේ කුටියට
වහා පැමිණෙමින් ඔබ
කැඳවන්නෙහිය මා
"මොනතරම් ඳඟකාර ළමයෙක් ද මේ ?"
කියමින්

සියුම් ඉසියුම් හඞක්
නැගුණහොත් මා මුවින්
අසන්නෙහි ඔබ සැණෙකින්
"තාත්තා වැඩක් බව පේන්නේ නැතුවාද?"

දිගටම දිගින් දිගටම
ලිවීමෙන්
ලිවීමෙන්
ලැබිය හැක්කේ කෙබඳු සතුටක්ද?

තාත්තාගේ පොත්
පෑන් පැන්සල් අරගෙන
ඔහු සේම හිඳගෙන
මා ලියනු ඇරඹූ විට
‘අ’ යනු ‘ආ’ යනු යනුවෙන්
තාත්තා ලියන කළ
වචනයක් වත් නොදොඩන
ඔබ හරස් කපන්නේ කිමද මා මෑණියනි?

මොනතරම් කඩදාසි බණ්ඩල
අපතේ හරින්නෙද ඔහු?
එබව නොදුටූවන්ව හිඳිමින්
එකම එක ඔරුවක් හදන්නට
කඩදාසියක් ගත්තොත්
කෑගසන්නෙහිය ඔබ
"මොන වදයක්ද ළමයෝ උඹ දෙන්නේ අපට?"

හිතෙන්නේ මොනවාද ඔබ හට
නොතේරෙන කළුපාට සළකුනු
දෙපැත්තෙම ඇඳ ඇඳ
මිටි ගණන් කඩදාසි
තාත්තා කැත කරනු දකින විට ?

[රවීන්ද්‍රනාත් තාගෝර්ගේ "Authorship" නමැති කවියේ පරිවර්තනය]

රවීන්ද්‍රනාත් තාගෝර්
පරිවර්තනය - සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails