Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඬ ගහන කොට ගිනි අවි
පළමුව ඇදවැටුනෙ සත්‍යය
විරුවන් ඇවැසි බිමකට
කවියන් කුමට සිතමින
ඔබ මේ බිමෙන් සැඟවින

සූරිය කන්ද පාමුල
සූරිය සදිසි දරු කැල
ගිනි බිඳ වළලනා විට
ඔබේ පන් හිඳෙන් වැගිරින
උණුසුම් කඳුළු සිතුවිලි

චෙම්මිණි වලේ සැඟවෙන විටදී
යාපා පටුනෙ අරුණළු
මගෙ පන්හිඳෙන් වැගිරින
උණුසුම් කඳුළු සිතුවිලි

දුර දිග විදින අවියත්
පවා පරදවන කවි සිත්
මහා බලවත් බව දත්
නිසා ලුහුබැන්දෝය කවි සිත්

මහ යුධ ගැටුම අවසන
විමසා බලමි නෙත් හැර
හිස් බව මිසක් හැම තැන
ජය ගත්තවුන් කොතනද

දෙකොනේම හිස් බිම්වල
විරුවන් නිදන යුරු දැක
තනිවම සිතින් විමසමි
අල්ලක් විතර රටකට
විරුවන් ඇයිද මෙච්චර

කවියනි නුඹේ වාරය
තාම ඔය සිත් සුවඳ දෙත්නම්
එන්න මෙහි විත් බඳිමු කඳවුරු
අලුත් වන මව් දෙරණ සනහන
අලුත් කවියක් ගොතමු හැම දෙන
යළිත් කිසිදා බියෙන් සැඟවී නොයන

[ගබ් පෙළහර- 2010 ජූලි]

ආනන්ද බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails