Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත : දේශීය ගොවියා නගා සිටුවීමට රජය පාන් මිළ ඉහල දමා ඇති අතර පාසල් ආපනශාලා වල කෙටිකෑම වෙළඳාම ද තහනම් කර ඇත.

ඇට වවන්නට තියා
පොලොවෙ ඉඳගන්නවත්
අල්ලක බිමක් නැති
කුලී ගෙදරක ඉන්න
බළු ගැත්තො
මේ අපි

පාන්
ඉස්කිරිඤ්ඤං
අල පාන්
එළවළු රොටි
ගල් බනිස්
පිරුණු පෙට්ටිය බැඳන් සයිකලේ
ටවුමෙ හැම පාරකම
උදේ හවහා
උඩට පහලට
හති කඩං
කකුල් පණ තියෙනකං
පදින්නේ
ළමයින්ගෙ තාත්තා

පාන් දැන් ගිනි ගනං
බේකරියෙ වැඩ අඩුයි
මුදලාලි
ඒ දවස්වල දුන්නු සොච්චමත් අඩු කරල
විකිණෙනව අඩුයි නං පාන් ඉස්කිරිඤ්ඤං
මුදලාලි වුණත් වෙන ඉතිං මක්කරන්නද?)

හැමදාම
පාන්දර තුන වෙද්දි අවදිවී
වඩේ
කටිලිස් පැටිස් රොටි හදං
ඉර එක්ක
මං ගියා ඉස්කෝලෙ කැන්ටිමට

අතට ආ දොයිතුවෙන්
පෑන් පැන්සල් ඇක්සයිස් පොත්
අරන් දුන්නා අපේ පොඩි වුන්ට

හෙට ඉඳන්
පැටිස් කටිලිස් වඩේ තහනම්ලු
ඉස්කෝලෙ කැන්ටිමට

පිං කරන මැතිවරුනි
වවන්නට තියා
ඉඳගන්නවත්
මහ පොළොවෙ
අපිට නෑ අල්ලක් වත්

ඉතිං අපි
හෙට ඉඳං
දෙන්නෙ මොනවද කන්න පොඩිවුන්ට?
ඇක්සයිස් පොත් පෑන් පැන්සල්
අරන් දෙන්නේ කවුද
උන්ට පාසල් යන්ට?

සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails