Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරසවි සිසුන් වුනාහම රටට බරක් නොවී ඉන්න දැන ගන්න ඕන.....!
-ඇමති S.B දිසානායක -[පුවතක්]


අම්මපා ඇමතිතුමෝ
ඔබතුමා කියනකන්
සරසවි සිසුන් වෙන අපිට
මේ වගක්
නොතේරුන එකනෙ පුදුමෙ!

ඔබතුමලා
ආදර්ශයෙන් පෙන්වලත්
කොහොමද රටට බරක් නොවි ඉන්නෙ කියල
අපිට නොතේරුන එකමනෙ පුදුමෙ!

කෝටි ගනන් වටින
සුපිරි වාහන වලින්
පොලවෙ ගැවී නොගැවී
ඉගිල්ලෙන්නෙ ඔබතුමලා
පොලවට බරක් නොවී යන්නනෙ...!

අපි එහෙමද අහස පොලව ගැටලන්න
කල්පනා කර කර
බර අඩි තිය තියා
පයින් යන කොට
කොහොම බරක්ද?
පෙලපාලි යද්දි
කොහොම බරක්ද?
අනිත් එක එකෙක් දෙන්නෙක් ද?
දාහක් දෙදාහක්
සුළගට වැනෙන ශරීර උනත්
ඔළු මොන මොනා හරි වලින් පුරවල නෙ….
ඉතින් බර දැනෙනවා ඇති සෑහෙන්න
අපිට නොතේරුන එක නෙ ඕක පුදුමෙ..!

ඔබතුමලා දුක් මහන්සියෙන් උපයපු
සේසතම වියදම් කරල
දරුවො පිට රට සරසවි වලට යැව්වෙත්
ඕක නිසානෙ
දරුවන්ව රටට බරක් නොවී
හදන්නෙ කොහොමද කියල
ආදර්ශයක් දෙන්නනෙ..
අපෙ මව්පියන්ටවත්
ඕක තේරුනේ නැහැනෙ..

අම්මපා අමතිතුමෝ
ඔබතුමලා ඔච්චර ආදර්ශමත්
විදිහට පෙන්වලත්
අපිට ඕක තෙරුම් ගන්න බැරි උනානෙ!

රට කිව්වහාම ඉතින් ඔබතුමාල නේ
ඔබතුමාලට අපි බරක් කියල
අපිට නොතේරුන එකම නෙ පුදුමෙ….!

2010.11

දිනුක සපුතන්ත්‍රි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails