Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සංචාරකයන්ට දැකීම නුසුදුසුයැයි කියමින් ගාලු කොටුව පෙම්වතුන්ට මතු නොව සියලු තරුණ තරුණියන්ට තහනම් කලාපයක් බවට පත් කරයි.
-පුවතක්


මිත්‍රවරුනි දන්නවාද
අසා තියෙනවාද
අපේ ගාලු උරුමය පිළිබඳ
එහෙමනම් අරිමු අපි
ලොකු අධෝ වාතයක්
ඇසෙන්නට මුළු රටට
දැනෙන්නට වට අවට
ගඳ වුණාට අපේ මොකෝ
අපි නාස් පුට වසා ගෙන

කැමරා ඇස් අරිල්ලා
පෑන් උල් කර ගනිල්ලා
ඔන්න අපි අරින්නයි හදන්නේ

කාකි කමිස කාරයිනි
කටු ලොවන සුනඛයිනි
එන්න කොටු තාප්පෙට
පෙම්වතුන් බය කරන්නට

නාකි ග්‍රාම සේවක
තරම් කවුරුද දන්නේ
ප්‍රේමයෙ මිහිර පිළිබඳ
එන්න අත් පොත් අතින් අරගෙන

අත්වැල් බැඳන් යන
ප්‍රේමය පෙන්නන්න බෑ මට
ඊයෙ රෑටත් කෑවෙ
ගුටි ගෙදර ගෑනිගෙන්

තන පටට ජංගියට
සුද්දියො අලංකාරය
උන් නරක් වනු ඇතිය
අහෝ... විලි වසා ගනු ඇතිය
දැකලා පෙම්වතුන් මෙහි
අත්වැල් බැඳන් ඇවිදින

එබැවින් වහ වහා
කොටුව වට කළ යුතුය
ප්‍රේමය වැටලිය යුතුය
පිටි තල හයා බැඳ අත්
ගෙළ ලා පියා වද මල්
ගෙන යා යුතුය
හමුදා වද කඳවුරට
රෑම් පාට් වීදිය දිගේ
වද බෙර ගස ගසා
තාරුණ්‍යට හෙටක් පිණිස

....

කඩු පොලු අතින් ගත්
වධකයින් දෙස
බලා සිටිති දෙදෙනෙක්
අතේ දුරින් සැලෙන හදින්

1. නීතියේ යුවතිය
ඇඟලා ගෙන ඉන්න
මානව හිමි කම් සළු පට
ගැලවී වැටෙන

2. ලේන්බාන් වීදියේ කොනේ ගෙදර මිනිසා

ප්‍රේමය ගැන කියා දෙන සොඳුරු මිනිසා
නඟමින් එක ප්‍රශ්නයක් තම සිතින්
"ප්‍රේමයේ මිහිර පිළිබඳ
සිය ගණන් ගී ලියලත්
සුමුදු කවි පද ගොතලත්
මෙපමණද ඇසී ඇත්තේ
මේ වධකයින් හට
-මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න-"

අප්සරා පොඩිමැණිකේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails