Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔබේ මරණය!
රුදුරු එපුවත
සවන වැකි සඳ
නතරවුණි හද!
කදුඵ ගිලගෙන
තොල් හපාගෙන
දෑත් මිටිකර
දිරියගත් සිත
තවම රකිනෙමි!

ඔබ රැගත් මග
අමතකව ගිය
ඔබේ සගයන්
‍‍"සාරි" - ‍‍"සාටක"
අලි වල්ග හා‍
ඔබව මැරූ
‍‍"නිල ඇදුම්" සමගින්
පයුරුපාසානයේ යෙදෙනා
අයුරු දැක
හිරිකිත
නැගෙන සිත
දරාගෙන
ඉවසා සිටින්නෙමි!

‍‍"බීපු මිනිහෙක්
වුණත් හවසට
අසිහියෙන් මෙන්
ගෙදර එනවා"

ඒ වගේමයි
පීලි පැන
එහි ‍- මෙහි
අයාලේ
ගියපු සගයින්
ඉක්මනින් හෝ
පමාවී මුත්
ඔබ නැවැත්වූ
තැනට එනවා!

ඉතින් එතැනින්
නැවත
‍‍"මුලසි‍ට"
පටන් ගන්නට
සිද්ධ වෙනවා!

දිනන්නට නම්
සම්ප්‍රදායික
‍‍"සැමරුමෙන්" ඔබ
වෙනස් ගමනක්
යන්ට වෙනවා!

2010.11.13

පියන්කාරගේ බන්දුල ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails