Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සේද මාවත දිගේ එන්න
සූදු වීදියට
ජැක්පොට්, කැසිනෝ, රේස් ඔට්ටු
සඳහාම නිදහස
දොර දොර නැගේ
මදහස....!

මහානායක හිමිවරුනි
ජයපිරිත ජපකර
ඇල්කොහොල් සමග මුසුකර
බෝතල් කර දිය හැකිය
සූදු වීදියේ තැබෑරුම්වල....!

කලා - කරු වෙනි ඉතිං
මැදගෙන වරෙල්ලා
දත කට
අඩියක් ගහන්නට
ස්ත්රී නිමිත්තක
සුව පහස විදින්නට
මැතිවරණ සමයේදී විකිණූ
සංවේදී ඉඳුරන්ම
පිනවන්ට....!

බුද්ධිමතුනි
දුරාචාරය සදාචාරයවන බව
අසිරිමත් ලෙස
ජනතාව දැනුවත් කරපල්ලා
අලි ගිල්ල ජූල්
සාලය මැදට හලන
රජයේ මාධ්ය වලින්ම.....!

වනිතාවනි
ලොව පැරණි වෘත්තියට
අයදුම් පතක් දෙන්න
ආර්යාවට
සූදු වීදියේ සිට
නිමිති පා
මොනරු අහුලන්නට....!

කොල්ලනි වරෙල්ලා
රැකියා විරහිත
සූදු වීදියේ
ටිකට් කඩන්නට......!

සරසවි සිසුනි
වලපල්ලට ගියාදෙං
නිදහස් අද්දියාපනේ
උපාධියටත් වඩා
වටිනවා මේ රටේ
කුපාඩිකම.....!

සපෝරුයි දැන් ඉතිං
ආසියාශ්චර්යය.....!
පක්ෂියා ඉගිලී
බූරුවා වී.

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails