Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පතනවා පතනවා
දීර්ඝායුෂ පතනවා
සුභාශිංසන ගෙනෙනවා
ජාති ජාතිත් ළඟින් ඉන්නට
පුණ්‍යානුමෝදනා කරනවා
සභාපති අසුන්වල
ලැගපු බලූ කුක්කෝ
දුඃ කියා එළවලත්
තාම කටු ලොවින්නෝ

අලූත් සළු පිළි ඇඳ පැළඳගෙන
නැවක් සරසවියට වඩිනවා
නැතේ රස්සා අනාගතයෙන්
කළු වලාකුළු ඇදෙනවා
ලිප්ටන් රවුමෙ ලේ මැකෙන්නැද්දෝ
කඳුළු උන උන අහනවා
බොරු චෝදනා එල්ල කරලා
ගණ දෙයියො වැලිකඩ යවනවා
අකාලේ දීඝායු කොට කර
සරසවිය බිම දානවා
පිටරටින් යළි ගේනවා
එයට කොමිෂන් ලැබෙනවා

පොඩි උන්ට බත් කටක් දෙන්නට
අම්ම ගල් වැඩ පොළට යනවා
අපේ බත් පත විකුණ විකූණා
උන් බර්ත් ඩේ පාටි දෙනවා
හිරු සඳු දෙසට අවි එල්ල කරලා
නැගහල්ල යයි කියනවා
තුන් නොවේ තිස් තුන් කෝටියක්
බියෙන් පුරවර වෙළෙනවා
මෙන්න මාගම් තොටින් ඉර හඳ
එකම මොහොතේ නැගෙනවා
දීර්ඝායුෂ පතනවා

අප්සරා පොඩිමැණිකේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails