Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කතාකරන මිනිස්සු - මේ රාජ්ජයට අරහං
ලියන කියන මිනිස්සු - මේ රාජ්ජයට අරහං
බේරගත්ත රට උංගෙන් - වනසන්නට එන දැං
කතාකරන තාප්ප - මේ රාජ්ජයේ තහනං

කුඩා අකුරු 'ටී ෆයිව් සික්ස්' බුලට් වගේ
ලොකු ලොකු ඒවා හරියට 'ආටි' වගේ
කැරකෙන්නේ හිසවට ගිනි බෝල වගේ
කතාකරන තාප්ප 'මිග්' රොකට් වගේ

ඒ නිසා තහනම්ය
කතාකරවන්ඩ මේ රාජ්ඡේ තාප්ප.

පොළු ගසා තරුණ හිස්
නැඟුණු දකුණෙයි, උතුරෙයි
රැකගත්ත සුකොමල රාජ්ඡේ
මැටිපිඩක් වගේමයි
තාම හරි තෙතයි - මෙලෙකයි
වාතයක, කැස්සක සැරට වුව
වැගිරිලා දියවෙලා යා හැකියි.

එහෙව් එකේ
කතාකරන්ඩ ගත්තාම තාප්පත්
ගිනිබෝල අකුරෙන්
දෙදරන්නෙ නැද්ද පාදමේ ඉඳන්?

ඒ නිසා මෙතුවක් පටන්
තාප්ප ලවා කතාකරවීම තහනම්.....

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails