Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


මීගමු කලපුව සුරැකීමේ සන්ධානය විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාව.

මීගමුව කලපුවේ මුහුදු ගුවන් යානා [Sea Plane] කි‍්‍රයාත්මක කිරීමේ සංචාරක සැලසුම ක‍්‍රියාත්මක වීම නැවැත්වීමට අප හා එක්වන්න.

1. මොකක්ද [Sea Plane] ගැන කියන කථාව?

මීගමුව කලපුව,ශී‍්‍ර ලංකාවේ පිහිට් මුහුදු තෘණ ඛ්ම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබා දෙන, ඉතා වැදගත් ෙඡෙව විවිධත්වයක් ඇති,හෙක්ටයාර් 3068ක පමන වගුරු ප‍්‍රදේශයකින් වට වූ,

හෙක්ටයාර් 3164 ක් පමන වන ජල ප‍්‍රදේශයක් සහිත ඵලදායී පරිසර පද්ධතියක්. එය ධීවරයන් 3500කට පමන සෘඡුවම රැකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමන නැංගුරම් පහසුකම් සපයයි. එබැවින් මීගමුවේ ධීවර පවුල් 15,000 කට පමන ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් ලබාදේ. එහි මත්ස්‍ය හා ඉස්සන් අස්වනු හෙක්ටයාර 01 කට කිලෝ ග‍්‍රෑම් 150ක පමණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයක් තිබීම හා වර්ෂයකට රුපියල් මිලියන 150ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබාදීමත් ආර්ථිකමයව වැදගත්.

නමුත් සංචාරක ධන කුවේරයන් මීගමුව ප‍්‍රදේශයට ගෙන්වා ගැනීමේ අරමුණෙන් වඩාත් ධනවත් සංචාරකයින්ට අවශ්‍ය ඉහල පහසුකම් සපයා දෙමින් මාලදිවයින වැනි රටවල ඇති සංචාරක කර්මාන්තයට නොදෙවෙනිව ජලය මත පාවෙන හා ඒ මත ගමන් කල හැකි සැහැල්ලු ගුවන් යානා මීගමුව කලපුවට ද, හඳුන්වා දීමට රජයේ සැලසුමක් ඇත. මීගමු කලපුවේ අතිශය වැදගත් මත්ස්‍ය බෝවන ප‍්‍රදේශයක් වන මඩබොක්ක ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිලෝ මීටරයක් දුරකට විහිදෙන පරිදි හා මීටර් 100 ක් පළලින් යුතුව ධාවන පථයක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇත.

2. මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ධීවරයාට හා කර්මාන්තයට සිදු විය හැකි බලපෑම කුමක් විය හැකි ද ?

* මීගමු කලපුවේ රැකියාවෙන් යැපෙන පවුල් 15000කගේ පමණ රැකියාවට බාධා ගෙන දේ.

* සී ප්ලේන් කලපුවට ගොඩබාන හා කලපුවෙන් ගුවන් ගත වන කාලය තුළ ධීවරයින් එම ප‍්‍රදේශයෙන් ඉවත් විය යුතුය. අනාගතයේ කොපමණ සී ප්ලේන් සංඛ්‍යාවක් භාවිතයට ගනීදැයි දැන් අපට කිව නොහැක. එවිට එම ප‍්‍රදේශයෙන් ධීවරයන්ට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදු වේ.

* කලපුව ආශ‍්‍රිතව අධි ආරක්‍ෂිත කලාපයක් නම්කර, සංචාරකයින්ට හා යානාවලට ආරක්‍ෂාව සැපයීම සිදු විය හැක. ඒ හේතුව නිසා ධීවර රැකියාවේ නිරත පිරිසට බාධා පැමිණෙනු ඇත.

* සී ප්ලේන් ව්‍යාපෘතියෙන් රැකියා ලැබෙනවා කීවද ඒ ප‍්‍රමාණය කිසිසේත් දැනට කලපුවෙන් යැපෙන ගනියා ප‍්‍රමාණයට නොසෑහේ. ලැබෙන රැකියා ටික වූවත් ලැබෙන්නේ දුප්පත් අසරණ ධීවරයින්ට නොවේ. මෙයින් ප‍්‍රතිලාභ ලැබෙන්නේ ව්‍යාපාරිකයින් සුළු ප‍්‍රමාණයකට පමණී.

* සංචාරක ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීත්වය නිසා, ධීවර රැකියාව නිදහසේ සිදු කිරීමට බාධක මතු වෙනු ඇත.

* ආරම්භය සී ප්ලේන් හරහා සිදු වූවත් මීගමු කලපුව ආශ‍්‍රිත දූපත් ද සංචාරක නිකේතන සඳහා අත්පත් කර ගැනීම සිදු වනු ඇත.


* කඩොලාන පද්ධතිය විනාශකර වැලි ගොඩ දැමීම දැනටමත් සිදු කර ඇත. අධිවේගී මාර්ගය සඳහාද කලපුවේ සෑහෙන ප‍්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී.

* මේ පිළිබඳව දැනටමත් කලපුව අවට ඉඩම් පර්චසය රු 75000 බැගින් විකිණීමට පුවත්පත් දැන්වීම් පලකර ඇත. (2010 අගෝස්තු 15 ඉරිදා දින Sunday Times පුවත්පත් අතිරේකයේ දැන්වීමි පලකර ඇත.

* මීගමු කලපුවෙ දූපත් විකිණීම සදහා දැනටමත් පුවත් පත් දැන්වීමි පල කර ඇති අතර එය මගින් ධීවරයාට ඇති රැකියා කිරීමේ නිදහස අහුරා දමනු ඇත.

* මීගමු කලපුව ආශ‍්‍රිතව කුටිටිකාඩු දූපත [Kings Island] පසුගිය කාලයේ දී සංචාරක හෝටලයක් තැනීමට උත්සාහ කල ව්‍යාපාරිකයෙකුගෙන් මුදවා ගැනීමට සිදු වූ බව අමතක කල යුතු නැත.

* කලපුවේ මඩ බොක්ක ආශ‍්‍රිතව දැනට යෝජිත Sea Plane ධාවන පථය නම් කර ඇති බව දැන ගන්නට ඇත. එබැවින් ඉස්සන් බෝ වීමට බාධා පැමිණීමෙන්,ධීවර රැකියාව තව දුරටත් සිදු කිරීම ඵලදායක නොවනු ඇත.

* මීගමු කලපුව ආශ‍්‍රිත මුතුරාජවෙල වගුරුබ්ම, ආසියාවේ වැදගත් රම්සා තෙත් බිමක් ලෙස නම් කර ඇති අතර, එහි පරිසරයට හා එහි ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් එල්ල වනු ඇත. මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත් වන සංවේදී පරිසර පද්ධතියකි.

* ධීවර ජනයාගේ ආදායම් බිඳ වැටීමෙන් තම රැකියා අතහැරීමට ධීවරයාට සිදු වනු ඇත.එය විවිධ සමාජ විරෝධි ක‍්‍රියාකාරීත්වයන් වර්ධනයට හේතු වනු ඇත.

* සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව වර්ධනය වන විවිධ සමාජ හා සංස්කෘතික ගැටළු තව දුරටත් පැතිරී යා හැක. සංවර්ධනය, අපේ සාරධර්ම හා ආගමීක සංස්කෘතික අනන්‍යතා අකාමකා දැමෙන ලෙස සිදුවිය යුතු නැත.

* මුහුදු ගුවන්යානා අනතුරු වලදී: වාර්ෂිකව මෙවැනි එක් අනතුරක් හෝ වාර්තා වීම මෙවන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන වෙනත් රටවල අත් දැකීමයි. දැවිතෙල් හා වෙනත් අපද්‍රව්‍ය කලපුවට එකතු වීම තුල ජලයේ අපවිත‍්‍රතාවය හා PH අගය වෙනස් වීම මත්ස්‍ය ගහන බෝවීම අඩුකරලයි.


3. සංචාරක කර්මාන්තයෙන් රට දියුණු වෙනවා නම් අපි එයට සහය දැක්වීම අපගේ වගකීමක් නේද? සංවර්ධනයට අපි විරුද්ධ විය යුතු ද?

රට දියුණු වීම හා සංවර්ධනය යනු කුමක්ද? අපි ප‍්‍රශ්ණ කරගත යුතුයි. සංවර්ධනයේ කේන්ද‍්‍ර‍්‍රය රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම විය යුතුයි. එහි ප‍්‍රතිලාභ රටේ ජනතාව සතුවිය යුතු අතර, සාධාරණව බෙදී යායුතුයි. තිරසාර සංවර්ධන මූලධර්ම පිළිබඳව මුළු ලෝකයම කථා කරනවා, නමුත් අපි අපේ රැකියා (ධීවර බිම් - මීගමුව කලපුව, කල්පිටිය දූපත්, නිලාවේලී වෙරළ තීරය, පානම (ශාස්ත‍්‍රවේලී- ආරුගම්බේ ගොවි බිම්) අහිමි කර ගෙන රටේ මිනිස්සු අවතැන් කර ගෙන කරන්නේ සංවර්ධනයක් ද? අපි මේක සංවර්ධනයක් ලෙස කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේක "මහ මුහුද කොල්ලකෑමක්”.. මේක ඉඩම් කොල්ලයේම තවත් පියවරක් ඉදිරියට තැබීමක්. සංචාරක කර්මාන්තය රටට යමි ආදායමක් ගෙන ආවත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට, ගොවියාට, ධීවරයාට අහිතකර බලපෑමක් කරනවා නම්, ඔවුන්ව දරිද්‍රතාවයේ පතුලටම ඇද දමනවා නම්,එහි සංවර්ධනයක් තිබිය නොහැකියි. නමුත් මෙයින් ප‍්‍රතිලාභ ලබන සුළු පිරිසක් සිටින බව නම් පැහැදිළියි. පාරිසරික, ආර්ථීක, සාමාජීය වශයෙන් සමාජය තුල විශාල හානි ගෙන දෙමින් සිදු කරන ක‍්‍රියාවක් රටේ සමස්ථ ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කිසිසේත් දායකත්වයක් නො දක්වයි.ඒ හේතුව නිසයි අපි මෙයට විරුද්ධ වෙන්නේ.

4. එන්න අප හා එක්වන්න.

මීගමුවේ ජන ජීවිතය හා මීගමු කලපු පරිසර පද්ධතිය රැක ගැනීමට ආගම, දේශපාලන පක්ෂ, ජාතිභේද අමතක කර එකා මෙන් එකතු වෙමු. මේ සඳහා ඔබ දායක වීමට කැමත්තේ නම් අප හා එක් වන්න.

"මීගමුව කලපුව කළපු ධීවර අපගේ ප‍්‍රධානම ජීවන මාර්ගයයි. එහි ජෛව විවිධත්වය ලෝක උරුමයකි. එය රැකගැනීමට අපි සැම පෙරමුණ ගනිමු."

[කොච්චිකඬේ, පලඟතුරේ අංක 86හී මීගමු කලපුව සුරැකීමේ සන්ධානය වෙනුවෙන් මාකස් ප‍්‍රනාන්දු වන මම විසින් මුද්‍රණය කර ප‍්‍රසිද්ධ කරන ලදී.]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails