Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිම කියන්නෙම
බොරුවක්

තිබහට
වතුර හොය හොය
දිව අතින් ගෙන
වරුවක්
කිමිද යන කල
සුසුමක
ඔබ ගෙනෙයි
පත් ඉරුවක්

ආයන්න නොමැතිව
ආදරේ සොයනා
හීයන්නෙ හිත ළඟ
හීන විනිවිඳිනා
මා යන්න මඟහැර
මාලිමා දකිනා
මා යන්නෙ කොතැනට
තාම මා හිතනා

හිරු විසල් වුව
තරුවක්
නැව විසල් වුණු
ඔරුවක්
හිම කියන්නෙම
බොරුවක්

ඇත්ත
මගෙ හිත
කවක් නැති
පත් ඉරුවක්

[04 දෙසැම්බර් 2010]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails