Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යම්තමින් බිමින් මතු වී
තිත් අඳින තවන් යට වී
බිම් කොටපු මහන්සිය යාය පොඟා
ගිනි පුළිඟු හැළෙයි පිපිරී
පෙරඹරින් අඳුර එළඹී
හිත් අඳුරු කරයි ඉදිමී
මග කානු මතින්- පිරි පීලි තුළින්
රුපු රෑන ගලයි වධ දී

ලොම් ඇඳුම් ඇඳන් දුම් බී
උණු උදුන්වලින් වියළී
ආලින්ද පුරා - කර සාද කතා
ඔබ සිනාසෙතත් ඉපිලී
ගල් දවනු බැරිව ගිනි දී
තෙත පෝරණයට පිට දී
ආකාස යකා ගැන හරුප කියා
අපි ලගිමු දියෙන් පැරදී

දිය පටල පෙමින් කැළඹී
ගස් වැළඳ රැඳෙයි නොළිහී
සිහිනයට නගින්නට වරම නොදී
ඇත වළලු පයෙන් ගිළිහී
මඩ වගුරු දිගේ ගැවසී
පැස විකුණාගනු බැරි වී
ආ විට කඳුළක් බඳු පවුලකටයි
තව රැයක ඉඳුල අහිමී

ළැදි හාම්පුතුන් මුවෙහී
නැගි සාප සුසුම් නොවැකී
අලවංගු - පොරෝ - ලඹ – උදලු- සවල්
අගුවලම කලක් පවතී
හිල් වෙලා අහස් පියසී
ඉටි රෙදිත් ඉරා පිවිසී
එක රෑක අගිස්සට යන්ට තිබූ
එළි වැටත් තෙමා ගියපී

මිණි පවුරු දොරින් වට වී
උඩු මහල් අතර හමු වී
යුෂ බඳුන් බැඳෙයි ඉන් එපිට අපද
දිව පළිඟු ලබන විටදී
බීඩියද විටද නොලැබී
බත් සුඟද පැළෙහි නොඉදී
අද අපට මෙහෙම කල දවස ගෙවෙද්දෙන්
හහා යසයි යෙහෙකී

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails