
එන්න
ඇවිදින් රැගෙන යන්න
කාලාන්තරයක් මුළුල්ලේ
බිඳෙන් බිඳ රන් සුණු එකතු කර
ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල
මා මියෙන තුරු නොසිට
ඇවිදින් රැගෙන යන්න
හමුනොවුනා නම් ඈ යළිත්
හුදෙකලාවේ පාළම මත
ගං පතුලේ සැඟව ගිය
මතකය යළි අවදි නොකරම
ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල
පුංචි පොහොට්ටුවක් ද සමඟින්
රන් සුණු කොටසකින් නොව
ජීවිතයම වැය කර
රන් රෝස මලකට
නොහැකිය කිසි දිනෙක
හදවතක උපදවන්නට
ආදරය
එහිම උපදින
ආදරයෙන්
රන් රෝස මල්
තැනෙනු මිස
අනුෂ්ක තිලකරත්න



