Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නියඟය අලුත් කොළ පළඳන
මානා පඳුරු යායක
අල්ලක උරුමයෙහි බැඳ දැමූ
පරවේණි දාසයෝ වෙමු අපි

සොරා අරගෙන අපේ ගොවි බව
අපට ගොවියන් යැයි නම්බු දෙන
පරසිදු කවට පබු දනන් හට
විහිළු අගුණයි
මේ හැටි ඇස් රතු කරන

කිහිරඟු'රෙහි වැටී රත්වෙන
ගිනි කබල වැටී පැලැහෙන
පවුකාර වහලුන් වැන්න ප
ගොවි බවේ හංවඩුව තියා පපු මත
ඉඩම් යායෙන් වතුරින් වෙන්කළ

සීත දියවර නිදන් කර
ගොසවුණු වැව් පිටි ඇති
මේ ශුද්ධ භූමියට
කළ ගුණ සලකා වඳින හැමවර
ගල් පොළෝ ගබ පත්ළෙහි
වැලලුණු සියක් උල්පත්
බුබුලුලන හඬ දැනේ සිහියට

වතුර මත පා දරා සිටියත්
පිපාසය අප කට වසා ඇත
වේලවා තොලපට ද උගුරද

පීරී ගා හඬවමින ඉළුක් තල
සැහැසි ඉඩෝරය පිට
කාරුණික වී මෙ අප අතගාන
දිගා මඩුලු සුළං රැළ
දුකේ දී අත නෑර ළඟ හිඳින
මිතුරුතුමෙකු වාගෙයි

ඒ සුමිතුරා කොඳුරා අසයි
වැව් සොහොන් දැක දැක
තව තවත් හඬනු කුමකට
නාඹ තල් කඳක් සා
දිය කඳක් ගොඩ ඇද දෙන
සාත්තුනායක සොයා ගත යුතු
පිපාසේ බෑ නොවෙද ඉවසන්ට

[කිරි සුවඳැති රාත්‍රිය]

නන්දන වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails