Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

PANA BOONDIYA | පැන බූන්දි | 027

Posted by BoondiOnLine 12.08.2010



මේ දෙබස් ප්‍රකට වේදිකා නාට්‍ය හතරකින්. (ඉන් එකක් කෙටි නාට්‍යයක්.) නාට්‍ය මොනවාද? ඒ ඒ දෙබස් අයත් වන චරිත මොනවාද? එකී චරිත රඟපෑවෝ කවුරුන්ද?

1. 'අවසර මහරජතුමනි, ඔබ වහන්සේගේ පියරජු අපගේ පියාගේ නිවසේ රැයක් ගත කළා නොවෙයි... මගේ පියණන්දෑ ඔබ වහන්සේගේ පිය රජුගෙ මහ වාසලේ ටික කලක් සේවය කළා...'
'උඹේ පියා අප පිය රජුගේ.... වාසලේ...හොහ් හොහ් හුහ් හි හිහ් හා හා... නැගී සිටුව... එසේ නම් තොප මගේ බෑයා... ඇයි උඹ ඇත්ත කීවේ... සත්‍යය හිසට ලොකු බරක්....'

2. 'අණ කරලා තියනවා කෙනෙක්. අවුරුදු දහස් ගාණක් ඉඳන් එන සංස්කෘතිය. අපි ඒ සංස්කෘතියෙන් ජාතක හෝ අවජාතක උන කොටස්.... දැන ගන්ඩ... මම ඒකෙ හොඳම ජාතකය...'
'ඔයා ඒකේ හොඳම ජාතකය නම්, මම ඒකෙ හොඳම අවජාතක එකිය කියලා හිතගන්ඩ...'

3. 'එහෙම නං අපි අපූරු ඝාතනයක සජීවී රූප ඔබ වෙත ගෙන එන සුවිශේෂී මාධ්‍යමය මොහොත සමගින් ඒකාත්ම වෙමු.'
'ඊට කලින්, පිපාසය නිවනා ශෝක රසයක මිහිර යළිත් විඳලා හිටියොත් හොඳයි නේද?'

4. 'ඔබතුමීගෙ ලස්සන රූපෙ දිහා බල බලා ඉන්නකොට මාත් ලස්සන වෙනවා. ඔබතුමීගෙ නිල්පාට ඇස් දෙකෙන් මගේ ඇස් දෙක දිහා බැලුවොත් මගේ ඇස් දෙකත් නිල් පාට වෙනවා.'
'....... හරි කවි කාරයෙක්නෙ. ....... අර මට හැදුවයි කිවුව කවියක් කියන්න බලන්න.'




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails