Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෙල්වම් මගේ
සොහොයුර.........!
දැන් අපි අපේ සිතියමේ
හරියටම ලකුණු කර ගනිමු
අසාධාරණය උපදින තැන
වෙනසක් නැතිව
පීඩනය
අප මතම හෙලන .........!

සෙල්වම්
මගේ සොහොයුර .........!
අයුක්තිය පැතිර ඇත්තේ
මාලිමාවට අනුව නම් නොවේ

හිමිදිරි උදෑසන සිට
මධ්‍යම රාත්‍රිය වනතුරු
සමෘද්ධිය හා
සෞභාග්‍ය පිළිබඳව
දේසනා ඇසේ අපට
එදා වාගේම අදත්..........!
ජීවිතවලට
ගව් ගණන් දුර නමුත්
දේශනා ඇසේ අපට
සිව්දිසාවෙන්ම .........!

සෙල්වම් ම‍ගේ
සොහොයුර........!

දැන් අපි අපේ සිතියමේ
හරියටම ලකුණු කර ගනිමු
සූරාකෑම උපදින තැන.
උඹත් මමත්
ගොඳුරු වන.......!

පැරණී කල්පනාවන්
කලපුව තුළම ගිල්වමු
අයුක්තියට කකියන ලේ
රස්නයට තියාගමු........!

සෙල්වම් ‍ මගේ
සොහොයුර.....!

සූරාකෑම පැතිරී ඇත්තේ
මාලිමාවට අනුව නම් නොවේ

බොහෝ මෙවලම්
අපට මග වරද්දා දී තිබේ
ජීවිතය අපට
හොයාගන්නට වෙනවාමයි
දණින් නොවැටෙන තැනක.......!
යුක්තිය අපට
හොයාගන්නට වෙනවාමයි
වෙනස් විදියකට නොසළකන තැනක
නිදහස අපට
හොයාගන්නට වෙනවාමයි
ඇඟිලි නොගසන තැනක.......!

ඉතිං සෙල්වම්
අපේ සිතියමේ
ලකුණු කරගත් ඉලක්කයට
පහර දෙන්නට වෙනවා අපිට..........
එකම කඳවුරක සිට
විමුක්තිය දිනාගන්නට ......!

දයා නෙත්තසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails