Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කලාවෙන් සුපුෂ්පිත ලොවක් තැනීමට අපට තෝරා ගැනීමට සිදුව ඇත්තේ
කලාත්මක නොවන මාර්ගයකි.
-ලියෝන් ට්‍රොට්ස්කි


නුඹේ කවි වල
සෞන්දර්යය නැතැයි
අපූර්වත්වයක් නැතැයි
ඔබ මාවෙත
දමා ගසන විට
විචාරක මිනුම් දඬු
සමග බර වචන
මම නිහඬවම
බිම බලාගමි

ජීවිතයේ මිහිරි ඵල වැල
ලියා කවි වල
මවන්නට පුළුවන්ය
මෙලොව කවරදාවත්
නොතිබුනු සෞන්දර්යය
කවි කියවන හිත් වල

විනාඩියකට තත්පරයකට
සුර ලොව මවා මොකටද
සදාකල් නිරයේ දැවෙන
මිනිස් ජීවිත වලට

අනාගතයේ ඉදිවන
සුර ලොවක් වෙනුවෙන්
බොහෝ පනිවිඩ
ප‍්‍රචාරක පති‍්‍රකා
ලියන්නට උවමනාය
ඒවායේ ලියවෙන කවි වල
සෞන්දර්යය වෙනුවට
වටහා දීම්/ දැනුම් දීම්
බල කිරීම්/ ආයාචන
ලියවෙන්නට උවමනාය
මිනිසුන්ට තේරෙන විධියට
උපමා උපමේය
අලංකාර වක්‍රෝත්ති
අතර අරුත් නොසඟවා

නුඹ කියන විදියට
නිදහස් ස්වාධීන
පරමාදර්ශී කවියා වෙනුවට
ආදරය/යුතුකම
වගකීම කියන යදමින්
මම බැඳී සිටිමි
මිනිසුන්ට පක්‍ෂයට

චතුර මධුසංක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails