Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හතර අතින් ගම්බිම් වලි
තෙප්පමෙන් ඔරුවෙන්
බෝට්ටුවෙන්
ලහිලහියේ හබල්ගාමින් රුවල අදිමින්
කලපුව මැදට රැස්වූහ ඔවුන්
තමදිවි දෙන අරගලය
සුපරුදු පරිදි දෙවිදුන්ට භාරකර

යාත්‍රා කලහ සන්නාහ සන්නද්ධ
හමුදා දෙසට එකම අදිටනින්
දියෙන් ගොඩින් ගුවනින්
යුධසේනාවෝ ගිගුරුම් පෑහ
ඔවුන් බිය වැද්දීමට
බෙල් 12,ද මිග් යානාද
ගුවනේ සැරිසැරුවේ ඔවුන් සලිත කරනටය
නාවුක යාත්‍රා ඔවුන් එන මග අවුරා සිටියේ
මාර සේනාවක් මෙනි
එම නාවුක යාත්‍රා වල
හියුඩෙක් කරිටාස් ලෙස සදහන් කර තිබිනි
කතෝලික සභාවෙන් උතුරේ ධීවරයින්ට
දුන් යාත්‍රා ත්‍රස්තවාදයේ නාමයෙන්
නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමූ
ධීවරයාගෙන් පැහැර ගෙන
දකුණේ මීගමු කලපු ධීවරයාද
කලපුවේම ගිල්වා දැමීමේ
සී ප්ලේන් මෙහෙයුම
සoවර්දනයේ නාමයෙනි

ආණ්ඩුවේ ඉහලින් දුරකථන ඇමතුමකි
එය විවෘත නියෝගයකි
වහා කලපුවෙන් ඉවත් වෙයව්
නැතිනම් පහර දීමට
නියෝග කරන බව එයින් කියැවිනි
හබලත් රිටත් පමණක් අතැතිව
සිටිනා ඔවුන්ගේ අහිoසාවාදී සටනට
තර්ජනය මෙන්ම ඝර්ජනයද එලෙසය
කලපුව අහිමි කිරීමම
ඔවුන් මරාදැමීමක් බව
දන්නා නිසාම
ඔවුන් එයින් නොසැලුනහ නොහැරුනහ
අයුක්තියේත් අසාධාරනයේත්
සියලු පීඩාවන්ගෙන් බැට කමින්
කලහැක්කක් නොමැතිව සිටි
දකුණේ නිද්‍රාශීලි හර්දය සාක්ෂිය
මීගමු කලපුවෙන්අවදි වූයේ එලෙසය!

ජූඩ් ප්‍රේමන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails