Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


පෙති දෙපෙති මල් දකිමි
‍නුඹෙ සිනා එහි නෙළමි
මදනලට හිස තියමි
නුඹේ සිතුවම අඳිමි ...

ගීතයක පද බඳිමි
නු‍ඹෙ මුවින් ඒ අසමි
දිලෙන දෙනෙතට එබෙමි
මගේ රුව එහි දකිමි ...

හීනයට අඬ ගසමි
නුඹෙ ඇසින් ඒ දකිමි
කව්කමක රස සොයමි
එළිසමය නුඹෙ දනිමි ...

සරතැසට ගතු කියමි
මුදු සරය ගෙන ඇදෙමි
බෝ පතක සුව දනිමි
අරුම සෙනෙහස විඳිමි ...

උරහිසට හිස තියමි
නුඹෙ සුසුම මම විඳිමි
සඳ අරණෙ ගුලි ගැසෙමි
සඳ සිසිලෙ මම තෙමෙමි ...

සියපතට දුක කියමි
නුඹ දුරක බව දනිමි
සසල සිත අත තියමි‍
මියෙනයුරු දැක හඬමි ...

-තුෂාරි ප්‍රියංගිකා-

012010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

මහා පිරමිඩය සූදානම්ය - ඊ ඒ ඩෝසන් ප්‍රීති

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 1.29.2010

සරසපු වේදිකාවේ ඔබේ සුරත ඇති
වහ කෝප්පය මට
උත්සවාකාරයෙන් දිය හැකිය

මගේ අතින් ඔබට ද
වහ කෝප්පය ඒ අයුරින්ම
උත්සවාකාරයෙන් ලබා ගත හැකිය

කිසිවෙකුත් වස බොනු යැයි නොපවසනු ඇති
විධානය නොදෙනු ඇති
කැමැත්තෙන් බොනු මිසක
මිනිසුන් හෘදය සංවේදි වී ඇති බැවිනි

මිනිසුන්ම විෂ පානය යෙහෙකැයි
තීරණය කර ඇති වැඩි කැමැත්තෙන්
ඉතිං
අපිට හළහල විෂ ප්‍රමෝදයෙන් යුතුව
පානය කළ හැකිය...

තව මදක් ඉදිරියෙන් අඩි තුනක් ගැඹුරට
ජීවිතය වෙනුවෙන්
ස්මාරකයක් ඉදි නොවන
බිම් කඩක් ඇත

එමත විශ්වයේ ප්‍රමුදිත වදන් ලියා තබා ඇත
මියෙන ආත්මයට සුව පත් කරන්නට
කිසිවෙකුත් හාරා එලියට නොගනු ඇත
හළාහල විෂ ගැල්වුන මමියකැයි කියනු ඇත

පරමාදිපත්‍යයේ නාමයෙන් කිසිවෙකුත්
මේ විෂ ගොඩගනු නොමැත කිසි‍දින
දැනුත් පාරාවෝ රජ පවුල
වැළලී සිටියි පොළව යට

එනමුත් ලොවම මවිත වන
මහා පිරමිඩය මතුපිට ඇත
මිනිසුන් ඒ සොහොන බලන්නට
දැනුදු යති එති එරටට

අපි රජවරුන් නොවුනද
රජ සැප විදිමින් යහතින්
භූගත වන්නට තීරණය කර ඇත
පාරාවොන්ට දන් දී සියල්ල
ඉතිං ඉහලට ඔසොවා ජය පැන් ලෙස
බීපල්ලා වහ!

මහා පිරමිඩය සූදානම්ය
තොප සියල්ලන් මත
නැගී ගොඩ නැගෙන්නට!

ඊ ඒ ඩෝසන් ප්‍රීති
270110

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබ……[එකම එක හුස්මකට කැටිවෙච්ච] - තුල්‍යා සංවේදිනී

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

සුවඳක්……
යාන්තම් ඉහිරිච්චි සුවඳක්……
ජීවිතේ පුරාවට අහිමි වූ
එත් හිත හැමදාම වසාගත්
සුවඳක්……

මටත් හොරෙන් මගෙ කූටියට
හීන්සැරේ ඇවිදින් ගිය
නිරාමිස ප්‍රීතියක ඡායා රැගෙන
පවනක්ව දුරස්වු
සුවඳක්……

අපරිමිත විශ්වයේ සොඳුරු බව
හෙමින්……හෙමින්……
එකින් ……එක……
ජීවිතයට ඇමුනූ
සිහිනයේ සුන්දරම මොහොතක
විජ්ජුලතා දිලිසෙද්දී
මල් පිපුනු හෝරාව පහු වුනත්
ආත්මය අවදි කළ
සුවඳක්……

ඔව්……
එකම එක හුස්මකට කැටිවෙච්ච
සුවඳක්……

තුල්‍යා සංවේදිනී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිදුවීම:
කළු කපා කළු කෙරූ
සූර්ය ග්‍රහණයක
දැවි දැවී ලේ ගලන
හදවතක එළිය දැක
මහ විසල් කුණාටුව ගෙට ඇවිත්
ගිනි නිවා තුඩ කඩා ලූ පෑන
නෑසේද ඉකි ගසනු යම් තැනක
මල් මැරී, කටු පිපෙන මුඩු බිමෙක


* * * * * *

පැණය:

පොළොව හැර අහස වෙත නැගි නැගි
තුඟු කඳුව උස්ව අප සිටි හැටි
උණු නොවී ඇතුළතින් නොම දැවී
ගිනි කන්ද විය හැකිද සබඳිනි

සීතලම හද පතුල පහුරු ගා
ඇවිලෙනා කවි ලියන සකියනි
බිම වැටී මිදුණු හිම කැටයකින්
කෙලෙස නම් ඇව්ලේද ලැව් ගිනි

දුර යනුව, මගට බැස යා නොහි
අනුන්ටම මග කියමු මග රැඳි
මලක් මත පිනි බිඳුව නැළවෙවී
ගඟක් වී ගැලියැකිද සබඳිනී

ඉරිතලා දෙකඩ වූ මහ පොළොව
ඉරි තැළුණු තොල් තියා සිප වැළඳ
වියළවා බොල් ඇසෙහි උණු කඳුල
හිස ගසා මරණ‍ෙයහි අවසඟව
දුටුවාද වැළපෙනා ජීවිතය, අඩදැණිව?

ඉතිං සකියනි,
ඒ මහා ඉරණමත්
කවියකට නිමිත්තක්
විතරමද?


-මාලතී -
01-10

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


මෙතෙක් මග පෙන්වූ
ප්‍රදීපාගාරයේ සිටි කලාකරුවා
අවසන
ඉන් බිමට බැස
‘අර නැවට’ ගොඩවුනු
පබා පස්සෙන්
පෝලිමේ !

(2010 ජනවාරි 24 වැනිදා රාවයේ “අවරදිග ආවර්ජනා” කියවා කම්පා වූවෙක්)


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිල නොලත් වෙදදුරා
සමග චුට්ටක් වෙලා
හැංඟි මුත්තං කළත්
පොඩි එකා අහු වුණා... 


රුවන් බන්දුජීව

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

සිර කඳවුරක ජනපතිවරණය - ජූඩ් ප්‍රේමන්

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 1.23.2010


ෂෙල් වැසි ලෝ දියෙන්
දියකළ නිවෙස් පවුරු පාෂාණ
නටබුන් අරා ඇලවෙන පෝස්ටරයෙන් මතු වෙයි
විලිස්සන උන් මුහුණු

යුද රකුසු හැව හැර
ගැලවේ නිල ඇඳුම් සමගම
නොගැලවෙන සාටකය
පුෂ්ටිමත් ඇඟ පසඟ විවර වෙයි

නල්ලූර් කෝවිල අභියස
රක්ෂණයට ජාතියක අබිමන්
භක්ෂණය කළවුන්ගේ
දහසකුත් ප්රනතිඥා ගිගුම් දෙයි
නොදෙවැනිව හෙළු පොකුරු බෝම්බ වලට
මේ ජනපතිවරණයයි
හතළිස් දහසක් සෙබළුන් පිරිවැරූ
එළිමහන් සිරකඳවුරක

ජූඩ් ප්‍රේමන්
18. 01.2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

හුදෙකලාවේ එක් වසක්...........

Posted by Sanjeewika Manohaari 1.22.2010


හිම තලාවක හිස හොවාගෙන
ඉපල් තුරු වෙත ඇස් අයාගෙන
හුදෙකලාවක තනිව ඉවසමි
පිටුවහල් වසරක විරාමය.

දුඹුරු ලෙහෙනා ඉපල් මුදුනක
නො දිසි ජීවය ඉව කරයි.
සා දෙනක හිම පිඩලි සාරා
මිහි කුසෙහි උණුසුම සිඹියි.

ලපල්ලක් නැති ඉපල් අතකින්
ජවය ගිලිහී බිම වැටෙයි.
පොළෝ ගැබ වෙත ඇදුණු මුලකින්
ජීවිතය ගිලිහී නො යයි.

හිමෙන් ගල්වුණු ඇඟිලි තුඩකට
හිම සිසිල වුව නොම දැනෙයි.
එහෙත් සබඳිනි හිමට නො මිදුණු
හදක තවමත් පණ ගැහෙයි.

ඉපල් තුරු දළු දමන දවසක
හිම තලා දිය වී ගලයි
හිමෙන් ගල් නො ගැසෙනා හදවත්
අලූත් හිරු දැක පණ ගසයි.

දුෂ්කර ම පිටුවහල වුව
පන්නරය වී දිවියට කැවෙයි.
අඳුර ඉරණා පළමු අවි තුඩු
පළමු හිරු කිරණින් දෙවෙයි.

සනත් බාලසූරිය
20 ජනවාරි - 2010.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


දමිළ සන්නද්ධ ව්‍යපාරය යුධමය වශයෙන් මුළුමනින්ම සමූල ඝාතනය කිරීමෙන් (liquidate) මාස හතක් ගත වන තැන් සිට ශ‍්‍රි ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ මාසයකට අඩු කාලයකි. නිදහසින් පසු ගතවුණු දශක හයක කාල පරිච්‍‍ෙඡ්දය තුළ සිය දේශපාලන අයිතීන් වෙනුවෙන් සටන් කළ දමිළ ජාතියේ නියාමක බලවේගය ලෙස කි‍්‍රයාත්මක වුනු LTTE සන්නද්ධ ව්‍යාපාරය තිස් වසරක් පුරා ගෙන ගිය යුධමය ක‍්‍රියාන්විතයට අවශ්‍ය දේශපාලන විසදුමකින් තොරව මිලිටරිමය ලෙස පරාජයට පත් කිරිීමට වත්මන් පාලන තන්ත‍්‍රය ක‍්‍රියා කර තිබේ. මෙය අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වූවද, මෙයට පෙර බලයට පත්වූ විධායක ජනාධිපති වරුන් තිදෙනෙකුට කළ නොහැකි වූ එහෙත් සිංහල ජාති මාමක (Sinhalese chauvinists) බලවේගයන් අපේක්ෂා කළ විසදුමයි.

දමිළ සන්නද්ධ ව්‍යාපෘතිය යුධමය වශයෙන් මුළුමනින්ම පරාජය කිරීමේ වගකීම ගත් දකුණේ බහුතර සිංහල ජනතාව වත්මන් නායකත්වයට ඒ සදහා පූර්ණ සහයෝගය පල කර තිබේ. දකුණ අත්පත් කරගත් ඒ විජයග‍්‍රහණය මාස කිහිපයක් ඇතුලත දියවී යන්නට පටන් ගැනුනේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහු යටතේ යුද හමුදා නායකත්වය දැරූ, අවසන් යුධ වෙහෙයුමේ ප‍්‍රමුඛතම කර්තව්‍ය ඉටු කළ සරත් ෆොන්සේකා අතර පැවති සබදතාව පලූදු විමෙනි. මෙයට අවශ්‍ය මූලික සැලසුම විපක්ෂය ප‍්‍රමුඛ අනෙකුත් ආණ්ඩුවට එරෙහි සුලූතර පක්ෂ වලින් දියත් කෙරුණි. අවසානයේ ආණුඩු පක්ෂය නොසිතූ ලෙස විපක්ෂයට ජනාධිපතිවරණය ස`දහා වාසියක් අත් වුනේ ජනාධිපති ප‍්‍රමුඛ ආණ්ඩුව පසුගිය කාලය මුළුල්ලේ මේ රටේ ස්ථාපිත කළ ” රණවිරු දේව සංකල්පය ” නිසාවෙනි. එනම් හමුදා සෙබලා දේවත්වයෙන් සැලකීමයි. තව දුරටත් කියනවානම් මෙය මෙපමණ මීට පෙර යුද්ධය පැවතුණු කාල වකවානුව තුළ සිදු වූවක් නොවුනු අතර රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් එකක් වන හමුදා සේවය උත්කර්ශයට නංවා සාමාන්‍ය ජනතාව ලවා ඔවුන්ට වැදුම් පිදුම් කරවීමයි. ප‍්‍රධාන විපක්ෂය ඇතුළු අනෙක් පක්ෂ මෙවර මැතිවරණයට තනි තනිව තර`ග කිරීම වෙනුවට ජාති මාමකයන්ගේ වීරයෙක් වන සරත් ෆොන්සේකා සිය ජනාධිපතිවරණ සටනට තෝරා පත් කරගෙන තිබේ. දැන් මේ තත්වය ආණ්ඩුවට පාරා වළල්ලක් බවට පත්ව තිබේ. මෙය ඉතිහාසයේ මීට පෙර සිදු නොවූවක් වන්නේ එකම කණ්ඩායමක එකම අධිපති මතවාදයක් දැරූ දෙදෙනෙක් එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධව අවි අමෝරාගෙන සිටීමයි. ඒ හරහා ජනවාරි 26 වෙනිදාට නියමිත ශ‍්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා තේරීමේ මැතිවරණය සිංහල අධිපති මතවාදය (Sinhalese chauvinists) තීරණාත්මක ලෙස කණ්ඩනය කෙරෙන මැතිවරණයකි.මේ හරහා ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින්ගේ මූලික අවධානය උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූණු දෙමළ ජනතාව වෙත යොමුවී තිබේ. ඛඔඔෑ සංවිධානය මිලිටරිමය ලෙස අවිචාරවත් ලෙස පරාජය කිරීමෙන් අනතුරුව දකුණේ සිංහල නයකයින්ට නැවත වරක් තීරණාත්මක ලෙස දෙමළ ජනතාව හමුවට පැමිණීමට සිදුවීම බෙහෙවින් උත්ප‍්‍රාසජනකය. තිස් වසරක යුධමය කාලය තුළ බලයට පත්වුණු ජනාධිපතිවරු තිදෙනෙක් ජනවාර්ගික අර්බුදයට විසදුමක් ඉදිරිපත් කිරීම ප‍්‍රමුඛ කොට ගෙන මෙරට සුළු ජාතිකයින්ගෙන් ජන වරම ඉල්ලා සිටි අතර 94 බලයට පැමිණි චන්ද්‍රීකා කුමාරතුංගගේ ප‍්‍රධාන මැතිවරණ පොරාන්දුව වූයේද එක්සත් ලංකාවක් තුළ පිලිගත හැකි විස`දුමක් ලබා දීමයි. ඒ සදහා දෙමළ ජනයා විශාල වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංගට ඡුන්දය පාවිච්චි කලහ. නමුත් ඇගේ වසර එකොළහක ධුර කාලය තුළ සිංහල ජාතිවාදී දේශපාලනය සහ එම ජාතිවාදී මතවාදයේ ප‍්‍රධාන ප‍්‍රකාශකයින් වන බෞද්ධ භික්ෂුන්ද දේශපාලන ගැත්තන්ද සම`ග දෙමළ ජාතියට සිංහල ජාතියේ දේශපාලනික වංචනිකත්වය මනාව විදහා පෑවේය. චන්ද්‍රිකා කුමාරතුංගගේ දෙවන ධුර කාලයේ ප‍්‍රථම අදියරේදී බලය බෙදීම පිලිබද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ පසු එය ගිනි තබා ඉරා දමා ප‍්‍රතික්ෂේප කර තිබීම යතෝක්ත ප‍්‍රකාශයට කදිම නිදසුනකි. මෙවැනි තත්වයන් වල ප‍්‍රතිඵලයක් ලෙස දෙමළ බෙදුම් වාදී අරගලය පිලිගත හැකි විස`දුමක් ලබාගැනීම වෙනුවට බිහිසුනු යුද්ධය වෙත ආපසු තල්ලූවිය.

පසුගිය දශකයක කාලය තුළ බලයට පැමිණි ප‍්‍රධාන ධනේෂ්වර පක්ෂ දෙක වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතියේ ඉල්ලීම් සුජාත ඒවා බව පිලනොගත් අතර එහි ගාමක බලවේගය වුණු විමුක්ති කොටි සංවිධානය මිලිටරිමය වශයෙන් සමූල ඝාතනය කිරීමට 2005 දී ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය ප‍්‍රමුඛ ජාතීවාදී බලවේග මහින්ද රාජපක්ෂ බලයට පත්කන ලදී. ජනාධිපති ධුරයේ සිව් වසරක් අවසන් වීමට මත්තෙන් ජාතිමාමක බලවේගයන්නේගේ අපේක්ෂාවන් මුදුන් පත් කරමින් කොටි සංවිධානයේ මිලිටරි ක‍්‍රියාකාරිත්වය පසුගිය මැයි මාසයේදී සමුපූර්ණයෙන්ම නිහඩ විය. ඒ අනුව නව යටත්විජිතවාදී ධනේශ්වර රාජ්‍යයේ (neo colonial capitalist state)පූර්ණ රාජ්‍ය බලය සිංහල ධනපති පංතිය වෙත කේන්ද්‍රගත කිරීමටත් මහ ජාතිවාදය පෝෂණය කිරීමටත් එම බලවේගයන් දෙමළ ජනතාවගේ මළ සිරුරු දහස් ගණනක් මතින් සමත් වී තිබේ.

අද වන විට එක් පූද්ගලයෙකු වටා කේන්ද්‍රගත වී තිබුණු සිංහල හෙජමොනික ආධිපත්‍ය දෙමළ ජනයාගේ පිඩක යාන්ත‍්‍රනය වුනු මිලිටරි බලවේගය වටා ඒකරාශී වෙමින් තිබේ. ඒ අනුව වත්මන් නායකත්වයේ ” රණවිරු දේව සංකල්පය යේ ” ආනුභාවයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය ස`දහා හිටපු මිලිටරි නායකත්වයක් ඉදිරිපත් වී තිබේ. මෙය පාලක පංතිය අපේක්ෂා නොකල අතර ඒ හරහා විපක්ෂයේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයාට පැහැදිලි ශක්තිමත්, තරගකාරී ජනමතයක් ගොඩ නැගෙමින් තිබේ.

ජනාධිපතිවරණයට සති 3 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී ප‍්‍රධාන පක්ෂ දෙකේ අවධානය යොමුව තිබුණේ දෙමළ ජනතාවගේ ඡුන්දය කා සදහාද යන්නය. එයින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සංධානයේ තීරණය ලබා ගැනීමට ප‍්‍රධාන සිංහල අපේක්ෂකයින් කැස කැවූහ. මේ ලිපිය ලියන මොහොත වන විට දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂට සහයෝගය නොදී විපක්ෂ පොදු අපේක්ෂකයා වන සරත් ෆොන්සේකාට සහය පල කිරීමට තීරණය කර තිබේ. LTTE ය බිද වැටීමත් සමග මහින්ද රාජපක්ෂ පාලනය පශ්චාත් යුධමය කාල පරිච්ෙඡ්දයේදී ජාතික ගැටලූව හා දෙමළ ජනයාගේ ජාතික විමුක්ති අභිලාෂයන් ඉතිහාසයේ කුණූ බක්කියට ඇද දැමීය. මේ සදහා රාජපක්ෂ රෙජිමය බරපතලව නියෝජනය කෙරෙන සිංහල ජාතිවාදී දෘෂ්ඨිවාදයත්, යුධ ජයග‍්‍රහණයේ උන්මාදයත් උපක‍්‍රමිකව ජනවාර්ගික අර්බුදය යටපත් කිරීමට යොදාගෙන තිබේ. මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට අන්ත ජාතිවාදී පිරිස්, සිවිල් සමාජ බුද්ධිමතුන් යැයි කියා ගන්නා බුද්ධිමතුන් රැුලක්ද ජන මූල සංස්කෘතික නායකයා යැයි කියමින් පටු ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් වැඩවසම් ක‍්‍රමයට ආවඩන මනෝ මූල ඊනියා කලාකරුවන් පිලක්ද, නින්දිතව රාජ්‍ය මාධ්‍ය මෙහෙයවන්නන්ද සමග බරපතල ප‍්‍රචන්ඩ දේශපාලන භාවිතයක් තුලින් කෙසේ හෝ නැවත විධායක ජනාධිපති ධූරයට පත්වීමේ ක‍්‍රමවේදය තෝරා ගෙන තිබේ.

විපක්ෂයේ පොදු අපේක්ෂකත්වයට ඉහත කී ලෙස ෆොන්සේකාගේ ආගමනයෙන් නව පනක් ලැබී තිබේ. ප‍්‍රතිවිරුද්ධ මතවාදයන් දෙකක් හසුරවන ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මේ මොහාතේදී එකට එක්ව තිබේ. අනෙකුත් විසිරී සිටි සුළු ජන නියෝජනයන් සහිත මුස්ලිම් දෙමළ පක්ෂද මේ මොහොතේ එක පෙරමුණකට එක්වී සිටී. ඒ අතරට රාජපක්ෂ රෙජිමයට දෙමළ ජාතික සංහාරය (ethnic cleansing) සදහා යුධමය හා දේශපාලනික ශක්තිය ලබා දුන් (මේ මොහොතේ ලංකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් උනන්දුවෙන් සිටින ජාත්‍යන්තර බලවේග හා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කරන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් සිවිල් සමාජයේ ඇතැම් බුද්ධිමතුන් ෆොන්සේකාගේ බලයට පත්වීම උදක්ම අපේක්ෂා කරයි. වඩාත්ම උත්ප‍්‍රාසාත්මක කාරණය නම් මේ පිිිරිස් අතරට යුද්ධයට සහයෝගය දැක්වූ නමුත් මහින්ද රාජපක්ෂට විරුද්ධ කලාකරුවනුත් එක්වී සිටීමයි. මෙය ජාතිවාදී බලවේගයේම අනෙක් අන්තයයි. එනම් ක‍්‍රමය වෙනස් කිරීමේ දීර්ඝ කාලීන විස`දුම සෙවීම වෙනුවට පුද්ගලයා වෙනස් කිරීම මගින් තාවකාලික ප‍්‍රමෝදයක් අත්කර ගැනීමට උත්සාහ කිරීමයි. ෆොන්සේකා හරහා රාජපක්ෂ පාලනය පන්නා දැමුවද නැවත දේශපාලන බලය සංකේන්ද්‍රගත වන්නේ සිංහල බෞද්ධ ධනපති කේන්ද්‍රියව නොවේද ?

ජාත්‍යන්තර ප‍්‍රජාව ගතහොත් වරෙක ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතික අරගලය මර්දනය කිරීමට සහයෝගය දුන් ඉන්දියාව, ඇමරිකාව, හා යුරෝපා කේන්ද්‍රීය රටවල් අද සිය න්‍යාය පත‍්‍රය සකස් කර ඇත්තේ ඔවුන්ගේ යෝජනා හා ව්‍යාපෘතින් වලට වඩා වාසිදායක පොරාන්දු ලබා දෙන අපේක්ෂයා ජයග‍්‍රහණය කරවීමයි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ කුමන අපේක්ෂකයා ලවා හෝ නව ලිබරල්වාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරවීමටත් ඒ හරහා ධනේශ්වර රාජ්‍ය ක‍්‍රමය ස්ථාවරව පවත්වා ගෙන යාමටත්ය. හොදම උදාහරණය නම් රාජපක්ෂ රජය චීනය, ඉන්දියාව වැනි ආසියාතික බලවතුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැංවීමෙන් මෙය වෙනස් නොවීමයි. මේ අනුව ජාත්‍යන්තර බලවේග ඕනෑම අවස්ථාවක දිනන අපේක්ෂකයා අනුව සිය ස්ථාවරයන් වෙනස් කිිිරීමට පෙලඹෙනු ඇත.

දැන් දෙමළ ජනතාවට අභිමුඛ වී ඇත්තේ දෙමළ සමාජය මර්දනය කිරීමේ යාන්ත‍්‍රනයේ ප‍්‍රභල කොටස්කරුවන් දෙදෙනායි. ඒ අනුව සිංහල බලවේග දෙමළ ජනතාවට සිය දේශපාලනික යටත්වීම සංකේතවත් කිරීම සදහා සිංහල නායකත්වයේ අඥාදායකත්වයට (Sinhalese Dictatorship)ඡුන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටී. අද වන විට බහුතර දෙමළ හා මුස්ලිම් පක්ෂ ප‍්‍රධාන සිංහල අපේක්ෂකයින් දෙදෙනා වටා රොක්වී සිටී. දෙමළ ජාතික සන්ධානයද සිය දේශපාලන ස්ථාවරය ප‍්‍රකාශ කරමින් ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට සහය පල කිරීමට තීරණය කර තිබේ. නමුත් එය සියලූ මන්ත‍්‍රින්ගෙන් සැදුම් ලත් තීරණයක් නොවන අතර ඔවුන්ගෙන් හරි අඩක් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් සහය පල නොකිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් බහුතර දෙමළ නියෝජනයන් සහිත පක්ෂයක් ලෙස ෆොන්සේකාට සිය සහය පල කිරීමට අවශ්‍ය ඉල්ලීම් කිසිවක් පැහැදිලිව ඉදිරිපත් නොවුනු අතර හුදු කට වචනයකට සීමා වුනු අදහස් කිහිපයක් පමණක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ. එදිනම ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර සිටියේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් සියලූ පක්ෂ සහය පල කර සිටියත් දෙමළ ජාතික සන්ධනය සමග බලය බෙදීම පිලිබදව කිසිදු සාකච්ඡාවක් හෝ ගිවිසුමක් අත්සන් නොකල බවයි. ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද ? සිංහල බහුතර ඡුන්දයෙන් පත්වීමට නියමිත ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවර අයෙකුටවත් දෙමළ ජනතාව මුහුණ දී තිබෙන වාර්ගික පීඩනයට දේශපාලන විසදුමක් ලෙස දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිලිගැනීමට සිංහල හෙජමොනිය ඉඩ නොදෙන බව නෙවේද ? නිදහසටත් එපිට සිට දෙමළ හා මුස්ලිම් ජන වර්ග මුහුනදී සිටින විෂම දේශපාලන චක‍්‍රයෙන් එම ජනතාව මුදා ගැනීමට වත්මන් ප‍්‍රධාන සිංහල ධනපති පක්ෂ දෙකත් ඒවාට සහයෝගය දක්වන ඊනියා වාමාංශික ලිබරල්වාදී පක්ෂත් අසමත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ එම ප‍්‍රකාශයෙන් එය ඉතා පැහැදිලි වේ. බලය බෙදීම පිලිබද සාකච්ඡාව ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ගේ තහනම් වචනයයි. ජනාධිපති රාජපක්ෂ යුධ ජයග‍්‍රහණයෙන් ඔද තෙද වැඩුණු දකුණෙන් තමාට පෙරලා කෘත ගුණ දක්වන්නැයි ඉල්ලා සිටී. එය ඔහු පසුගිය මැතිවරණ වේදිකාවකදී බෞද්ධ හා සිංහ කොඩිය එකවර අතට ගෙන ප‍්‍රදර්ශනය කරමින් ප‍්‍රකාශ කරයි. අනෙක් පසින් ජනරාල් ෆොන්සේකා හමුදා නිල ඇ`දුමේ බලය ප‍්‍රදර්ශනය කරමින් දකුණේ කෘතවේදීත්වය අපේක්ෂා කරයි.

මේ අතර LTTE සංවිධානයේ පරාජයත් සම`ග දෙමළ දේශපාලන සමාජය ක‍්‍රමික බෙදීමකට භාජනය වී තිබේ. දෙමළ ජාතික සංවිධානය ෆොන්සේකාට හෝ රාජපක්ෂට එක්ව සයෝගය පල නොකරයි. අනෙකුත් දෙමළ නියෝජනයන් සහිත දෙමළ පක්ෂ ප‍්‍රධාන බලවේගයන් වෙත සංක‍්‍රමණය වී තිබේ. කදුකර දෙමළ ජනතාවගේ නියෝජිතත්වයද අවිනිශ්චිතය. මේ අනුව දෙමළ ජනතාවට මෙම මැතිවරණය තීරණාත්මක සාධකයක් වීමට කිසිදු ඉඩක් නොමැත. විශේෂයෙන් උතුරු නැගෙනහිර කදවුරු වල දුක් විදින ජනතාවත් නැවත පදිංචි කෙරූ අවතැන් ජනතාවටත් ඡුන්දය භාවිත කිරිම කෙසේ වෙතත් ඔවුනගේ මූලික අවශතාවයන් හෝ ඉටු නොවන තත්වයන් යටතේ එම ප‍්‍රදේශවල සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජයේ දේශපාලන ප‍්‍රචන්ඩත්වය කිසිදු අවකාශයක් සලසා දේ යැයි සිතීමද අසීරුය. මේ හරහා ප‍්‍රධාන පක්ෂ දෙක උත්සාහ ගන්නේ දෙමළ නායකයන් ලවා එම ජනතාවගේ ඡුන්ද උදුරා ගැනීමයි. එයට ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට සහයෝගය දෙන දෙමළ දේශපාලන නායකයන් දෙමළ ජනතාව පොදුවේ මුහුණ දී සිටින ඛේදවාචකය නොසලකා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිංහල රාජ්‍යයට ඡන්දය පාවිච්චි කරන්න යැයි කිම කෙතරම් අකාරුණිකද ?

ලොව පුරා සිටින දෙමළ කතා කරන සැබෑ මානව හිතවාදී බලවේග හා මෙරට සැබෑ බුද්ධිමත් සමාජය කළ යුත්තේ මෙම ඊනියා ජාතික වීරයන් ගැලවුම් කරුවන් කරගෙන ඊනියා ප‍්‍රජාත‍්‍රන්තවාදී දේශපාලන ප‍්‍රවාහයට හවුල් වීම නොවේ. මෙරට සැබෑ වාමාංශික දේශපාලන බලවේගයන් ඇත්නම් ඔවුන් සිදුකළ යුත්තේ පීඩාවට පත්වී සිටින දෙමළ මුස්ලිම් මෙන්ම සිංහල පීඩිත ප‍්‍රජාවන්ද සිංහල ධනපති වංචනික පාලනයෙන් මුදා ගැනීමට සැබෑ බලවේගයක් ලෙස ක‍්‍රීයා කිරීමයි. එය ධනේශ්වර දේශපාලන පක්ෂ හා බද්ධ වී කිසි කලක ඉටු කළ නොහැක්කකි. සියලූ ජනවර්ගයන්ට අයත් සැබෑ ජනතාවාදී බලවේග පිල් බෙදී එකිනෙකට චෝදනා කර ගැනීම වෙනුවට පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යතාර්ථවාදීව ක‍්‍රියා කළ යුතුය. දෙමළ ජනතාවට දෙමළ වීම නිසා වුනු අසීමිත පීඩාවන්ද අනෙකුත් සු`ඵ ජාතීන් මුහුණ පා සිටින පීඩාවන්ද පීඩිත සිංහල ජනතාවද මුදා ගත හැක්කේ ඒ හරහායි. සැබෑ ජනතා බලවේග ගමන් කළ යුත්තේ ඒ දෙසටයි. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මර්දනයට එරෙහි සැබෑ මානුෂිය අරගලය දියත් කළ හැක්කේ විවේචන මගින් නොවන අතර එහෙත් අභ්‍යන්තරයෙන් මතුවන ක‍්‍රියාමාර්ග තුලිනි. එයට අවශ්‍ය මුලික ශක්තිය සැපයීම අපගේ උත්සාහයයි. මේ ලිපියද ඒ උදෙසාය.

රුවිනි තල්පාවිල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


මහීතලයේ රිද්මයානුකූල ගිගිරුමෙන් සලිත වන

ලෝ දිය දහර

අගාධය පතුලේ බුබුළු දමමින් දඟලයි

රක්ත තප්තව දිලිසෙන ලෝ දියේ

අඳුරු රත් පැහැය

කඳු සිඛර මත විඩාබරව රැඳුන

‍අන්ධකාර වලාකුළු

ගිනියම් පැහැයකින් දිදුළුවයි


සියක් ගව්වක් ගැඹුරු අගාධය දෙපස සිට

රත්වන් වූ දෙනෙත් වලින් විහිදෙන

තියුණු රතු එළි දල්වා

අපි එකිනෙකා දෙස බලමු

රත් පැහැයෙන් දැල්වෙන නිරුවත් සිරුරු

ආගාධය පතුලේ සිට නැගෙන

ලෝදියේ උණුසුමින් උණුසුම්ව

ගලායන ස්වේදයෙන් ආලේපනය වී දිලෙයි දිදුලයි

දෙනෙත් වලින් විහිදෙන්නාවූ රත්වන්

ආලෝක කදම්භයෝ එකිනෙක හා පැටලී

අපේ සිරුරු එකිනෙකා වෙත

පසුනොබා යා හැකි ආකර්ෂණයකින් අදිති


අපි පාවී ඇදී ගොස්

අගාධයට ඉහල අහසේදී

එකිනෙකා හා වෙලී පැටලී

ලෝදියෙන් පිරි ආගාධය පතුලට ඇද වැටෙමු


ඩග් ඩග් ගා ගැහෙන

පපු කුහර තුලින් නැගෙන බොල් හඬ

මිහිතලයේ ගිගිරුමත් සමග එක්ව

මහා ඝෝෂාවක් ව ඇසෙයි

ලෝදියේ උණුසුමින්

ගිනියම් වූ මාරුතය

දෙකන් අසල ලතෝනි දෙමින්

අපේ සිරුරු වියලා ගිනියම් කරයි


අත්ල මත තබා ඇඹරෙන

තෙත මැටි පිඬු ද්වයක් මෙන්

අපේ සිරුරු එකිනෙක හා වෙලී ඇඹරී

ලෝදියේ උණුසුමින් දැවී

එකම එක පදාර්ථ ගුලියක් ව

අගාධය පතුලත

ගිනියම් ලෝ දිය ගංගාව වෙත

ඇද වැටෙයි


ගිනියමින් ගිනියම් වන සිරුරු

වාෂ්ප වී ගිනිගෙන

දැවෙන ගිනි ගුලිය මැද

එකිනෙක හා වෙලී

මුසුවී ඇඹරෙන

තෙත මැටි පිඬු ද්වය

එකිනෙකා හා වෙලෙමින්

එකිනෙකා මතින් ලිස්සා යමින්

එකම එක මැටි පිඬක්ව

නොසන්සුන්ව බැමෙයි


අගාධය පතුලත

ගිනියම් ලෝ දියෙහි ගිලෙන

ගිනිගත් ගිනි ගුලිය ගිනිගෙන දැවී

සැහැල්ලුවෙන් සැහැල්ලුවන

එකම එක ආත්මයක්ව

ලෝදිය කල්දේරම් පතුලතින්

ඉල්පී ඉගිලී අහසට නැගී

වලාකුළු අතරින් රිංගා

වියනක්ව බැඳි

අන්ධකාර වලාසළු

ඉහලින් සුර්යාලෝකයේ

මන්දාස්මිතිය ගලායන ඉසව්වේ

සේද කෙඳි මෙන් පැතිර යන

සුදෝ සුදු දුහුළු වලා බිඳක් වී පාව යයි


යාන්තමට උණුසුම්

මද පවන ලතැවෙවී හමයි

සන්සුන් සුසුම් හඬ

ලතාවකට ඉහල පහල යන

ලයාන්විත ගීයක්ව ඇසෙයි


අළුත සේදු කෙස් වලින් නැගෙන සියුම් සුවඳ

ඉහලට ගැනෙන හුස්ම හා වෙලී විත්

පෙණහළු පුරවාලයි


මට ඇති... දැන්..

හ්ම්...!


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රඟ දැක්වේ එළි පිටම
සුභ සහ යස නාඩගම
කිසිදු අය කිරීමක් නැතුව


        සැපැති සිහසුන මත
        සුභයෝ හිඳුවති බලෙන්
        යසයෝ හිනැහෙති ඉල බදා


                    නාඩගම තුල නාඩගම
                    නොදන්නා පේ‍්‍රක්ෂක
                    තුෂ්නිම්භූතය ! නැත සිනා


                             ලොබ වී සිහසුනට
                             සුභයෝ පොර බදිති යස හා
                             රාජපාක්ක්‍ෂිකත්වය හැර දමා


                                    තරඟයකි රැඟුම්  අවසන
                                    හඳුනා ගන්නට රජ තෙම
                                    නාටකය තව නැත නිමා


                                              මහා කලබැගෑනිය තුල
                                              කළකිරුණු පේ‍්‍රක්ෂක තොමෝ
                                              විසිර යති තිරය වැසෙන්නටද පෙර

                                                     
- ශ‍්‍රියා කුමාරසිංහ -

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



පේ‍්‍රමයට මුවා වී
පසුපසින් ලූහුබඳින
වියෝ දුක කල් තියා
දැන හඳුන ගන් පිණිස
මෙවර පැති කණ්නාඩි
සවි කළෙමි හදවතට


රුවන් බන්දුජීව

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

"බතී"ට [බතී නුඹ... අනාගතයට යන්නැති..] - රසික ජයකොඩි

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

බොහෝ දුර සිට පැමිණෙන
විරාගික මඳ සුළඟට
මලානික තුරුපත් වුව
සලා ඇස් හිනැහෙන්නැ'ති
බතී නුඹ
මේ ලෙස බලා ඉන්නැ'ති..

සිතුවිලි නිබඳ ලඹදෙන
කුටියක නිනද තනිකම
කොපුල'ත ගලන කඳුළක
හැඩපලු ගොතන්නැ'ති
බතී නුඹ
ඒ කඳුළ නොදකින්නැ'ති

හීතලෙන් ගුලි වෙන රැය
මායමෙන් හිනැහෙන විට
වාසගම් නැති කවියට
පේළියක් මුසුවෙන්නැති
බතී එය
නුඹට නම් නොහැඟෙන්නැති..

සරැලි කෙහෙරැළි පිරිමැද
නල මුදුව එන සිහිනය
කල්පනා දිය රළ යට
සදාකල් සැඟවෙන්නැ'ති
බතී නුඹ
ඒ සිහින නොදකින්නැ'ති

අතීතය
වී මම නතර වෙන්නැ'ති
බතී නුඹ
අනාගතයට යන්නැති..


රසික ජයකොඩි
20/ 01/ 2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

රතු ඉර

ඔරලෝසුව
මොරදෙන කොට
මම හිටියේ
තද නින්දක
සුව සිහිනෙක,
නුඹ අත ගෙන
තරු විසිරුණ
මල් ලැහැබක.

ඇස් අරින්නේ කොහොමද?
හීනයේ ඉතිරි භාගය
නොදැක මම...

ආදරයේ
පරක් තෙරක් දන්නේ නැති
අංශබාර
ආලවකය!
රතු ඉර ගැහුවේ
ඇයි මට
පැය බාගෙට?

තුසිත් රවීන්ද්‍ර අබේනායක
190110

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




සිත බිඳුණු කවියාන

අහස බලනු  බැරි මට නුඹෙ කඳුල      පෙනේ
පො‍ළොව  බලනු  බැරි මට නුඹෙ සුසුම දැනේ
අහස     පො‍ළොව අහිමිව අපි උපන්     බිමේ
කුමට  සකිය මේ කවි කම් උරුම          උනේ

වාන ඇරිය වැව් බඳ දෙදරා                හැලුණි
නේන ගමන් ගොස් සගයින් එහි          ගිලුණි
හීන පේන මානේ මරු වැල්                ඇදුණි
මාන  බලා තරු ඇසකට ගිනි               බිඳුණි

අකුරු    මිසෙක විස ඊතල නොපෑ          සකි
පතොක්   මලෙක සුවඳත් කව් කෙරූ     හැටි
නපුරු   කලට ගෙට ආ පිරිපත             සුරැකි
නුඹේ   කඳුල බොඳ වුණි මා ඇසින්        වැටි

සැඩ    හිරු හතක් පායා ගිනිගත්          නුවර
බිහිරිව      ගොළුව නිදියන පුර සෙනග    මැද
අවදිව   ඉඳන් උන් වෙනුවෙන් ගැයු     විහඟ
ඔය  ලේ ගලන  කව් හිමි අදටද          හෙටද

-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්-
01/10

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

නග්න කලාව හා පුරසාරම

ත්‍රස්ත මර්දනයට වහන්වී දමිළ වාර්ගික සංහාරයකට ගජ මිතුරන්ව නායකත්වය දුන් දේශපාලනික නියමුවාත්, සංග්‍රාමික නයුවාත් තම පොදූ සතුරා අහිමි සමාජයේ රජකම වෙනුවෙන් ප්‍රතිමල්ලවයන් වී පෙර මිතුරා නව සතුරා බවට හරවාගත් සංග්‍රාමයකට එලඔ සිටී.

දෙදෙනාම අඩු වැඩි වශයෙන් දායකව සිංහලයන්ට තම ජීවිත කාලය පුරාවට උදම් විය හැකි හා කෘතගුණ සැලකිය හැකි මහ අනර්ග ත්‍යාගයක් තිළිණ කර ඇති හෙයින්, මෙවර ජනාධිපතිවරණයේදී අදේශපාලනික සමස්ථ සිංහල සමාජයට ඇත්තේ හැදු පියාද?, වැදු මවද? යන්න තෝරා ගැනීමේ උභතෝකෝටිකයයි. දිගු කලක් එකට දීග කෑ අඹු සැමියන් පතිවත හා පතිනිවත ගැන කියමින් දික්කසාද වූ කල, ගත යුත්තේ මව් පාර්ශවයද, පිය පාර්ශවයද නොදත් ඔවුන්ගේ සහජාත දරුවන්ගේ ව්‍යාකූලත්වයට දැන් සිංහල ළදරු සමාජය අවතීර්ණ වී සිටින අතර, මෙම සිංහ මව්පියන්ට සහජාත නොවූ දෙමළ සමාජය අද අභිමුඛව සිටින්නේ තමන්ගේ භාරකාරයා ලෙස අඩු නරක තෝරාගැනීමේ ව්‍යාකූලත්වයටයි. අර්බුදය වන්නේ යුධ ජයග්‍රහණයේ කීර්තිය හා එහි මුක්තිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා අතර ඇතිවූ අතිශය පෞද්ගලික අඹුසැමි ගැටුම, රටේ ජාතික ප්‍රශ්ණයක් බවට පෙරලාගෙන අරගල කිරිමට තරම් දේශපාලනිකව මන්ද මානසික ශ්‍රී ලාංකීය ජන සමාජය දැක්වූ උත්තේජනය හා සංවේදිභාවයයි.

ව්‍යාකූල සමාජයකට සහන් එලියක්ව මඟ කිවයුතු බුද්ධිමතුන් හා කලාකරුවන්ම මෙකි අර්බුදයට මඟ කියන පෙරගමන්කරුවන් වීමෙන් පෙරලා ප්‍රක්ෂේපණය කරන්නේ, සංෙවිදියැයි කියාගන්නා මොවුන්ගේ සංෙවිදිතාවය තමන්ට ගෝචර සමාජයේ අර්බූදයන්ට හැර අන් සියල්ලකටම අදාල බවයි. බද්ධ සමාජය වෙනුවෙන් කලාකරුවාගේ වගකීම කලහකරුවාගේ භූමිකාව දක්වා තමන් විසින්ම විතැන් කරගත් මෙම කාර්තුව, කලාවේ නාමයෙන් යෙදුනු සකල කාර්්‍යයන්ගෙන්ම ඔවුන් උපයාගනු ලැබු සංඛේතීය ප්‍රාග්ධනය කිසිදා බංකොලොත් නොවන දේශපාලනය නම් වු නව ව්‍යාපාරයක ආයෝජනය (අපයෝජනය) කිරීමට පෙලඔවු ඉතිහාසයේ සුවිශේෂතම කාල වකවානුව යන්නත්, එම වෙළඳාමේ අද්විතීය ප්‍රවර්ධකයා රංගධර මහින්ද රාජපක්ෂ නම් ඔවුන්ගේ සංවේදීය නායකයා යන්නත් අවිවාදිතය.

මෙම කලහකරුවන් තම ස්ථාවරය සම්බන්ධයෙන් මොන තරම් කෙස් පැලෙන තර්ක හා මහප්‍රාණ අර්ථකථන සැපයුවත් ඔවුන්ගේ පෙනී සිටීම කලාව කේන්ද්‍රීය වු විෂයය මූලික අරගලයක් සඳහා නොව අතිශය පුද්ගලබද්ධ අර්බුදයකින් ගොඩ ඒම සඳහා පමණක් වනවා සේම, මෙම නග්න ක්‍රියාවලිය ලෙංගතු නායකයාගේ දෑත් ශක්තිමත් කරන්නට යයි කියමින් ඔහුව වැලඳගෙන තමන්ගේ දෑත් ශක්තිමත් කර ගන්නට හා තම දෑත්වල ඇති කුණු හා ලේ ඉවත් කර ගැනීමට එම වැලඳගැනීම ප්‍රවේශයක් කර ගන්නා අවස්ථාවාදී දේශපාලඥයින්ගේ භාවිතයෙන් ද කිසිසේත්ම වෙනස් නොවේ. නමුත් අතිශය ඛේදනීය කාරණය වන්නේ මෙම අවස්ථාවාදී දේශපාලනය ගැන සවිඥානික ජන සමාජයම, තවමත් ගැලවිය නොහැකි පිළිලයක් බවට පත්වූ පක්ෂ දේශපාලනයට ඇති නැඹුරුවේ අනුහසින් මෙම එදා වේල න්‍යායේ සමීකරණය විසදා ගැනීමට හා එය වෙනස්කිරිමට උත්සහ දරනු වෙනුවට තම දේශපාලනීය පාක්ෂිකභාවයේ නැඔුරුව මත මෙම තර්ක හා අර්ථකථන සාධාරණීකරණය කරගෙන ආගමික ඇදහිල්ලක් මෙන් ප්‍රශ්ණ නොකරන විශ්වාසයකින් නිද්‍රාශීලීව මෙම ව්‍යසනයට උඩගෙඩි දීමයි. (මෙය කලාව, කලාව සදහාද? කලාව ජනතාව සදහාද? යන පැරණි ඇරිස්ටෝටලියානු විසංවාද අහෝසිවී කලාව එදා වේල සදහා යන නව පරමාදර්ශ ආදේශවී අධිනිශ්චය වන කොදෙව්වයි)

උක්ත අර්බූදකාරි වාතාවරණය තුල කලාව නිර්දේශපාලනීකරණය කර ගැනීම සඳහා කලාකරුවන් පෙරමුණ ගැනීම වෙනුවට රාජපාක්ෂික හිතවාදී කලාකරුවන්ට එරෙහිව ෆොන්සේකා හිතවාදී කලාකරුවන් බලමුලූ ගැන්වීමේ ජනප්‍රිය භාවිතාව, අපේක්ෂිත ඵලය වෙනුවට එහිම ප්‍රතිපක්ෂය අභිමුඛ කරවීමකි. මෙය මිලිටරි නායකයෙක් රාජ්‍ය නායකයා වුවහොත් රට මිලිටරිකරණය විය හැකි බවත්, එහි ආදීනවත් කියමින් එය වැලැක්වීම සඳහා බුරුතු පිටින් හමුදා නිළධාරීන් රාජ්‍ය පරිපාලන හා දේශපාලනික විශයෙහි ලා ස්ථානගත කිරීමේම අන්‍ය වේශයකි. ප්‍රංශයේ ඩිගෝල්ට එරෙහිව සාත්‍රේ ගේ අරගලයෙන් ඉතිහාසය විසින් ඩිගෝල්ට ඉහළින් සාත්‍රේව ඔසවා තබන්නේ ඔහු ඩිගෝල්ට එරෙහිව විපක්ෂ සන්ධානගත වීම වෙනුවට ජනතාවාදී අරගලයක් වෙනුවෙන් පෙරමුණ ගැනීම තම විකල්පය ලෙස තෝරා ගැනීම හේතුවෙනි.

ඒ හෙයින් කළ යුතු වන්නේ මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා අඹුසැමි ගැටුම ජාතික තලයේ ප්‍රශ්ණයක් ලෙස ඔසවා තබා එම අර්බුදය ඛෙදුම් ඉර කොට ගෙන ප්‍රතිපක්ෂ ගතවී එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගැනීම නොව, එක පෙළට සිට කලාවේ හා සමාජීය අර්බුදයන් වෙනුවෙන් බලපෑම් කණ්ඩායමක් මෙන් නැගී සිටීමට කලාව තුළින් උපයාගත් සංඛේතීය ප්‍රාග්ධනය ආයෝජනය කිරීමයි. එය එසේ වූවා නම් අක්ෂරය තහනම සම්බන්ධයෙන් අශෝක හඳගමටත්, ඔස්කාර් සම්මාන උළෙලේ ආකාස කුසුම නියෝජනය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න විතානගේටත් අසාධාරණයක් නොවීමට අවකාශ තිබූ අතර එම අවකාශය අහිමි වී යෑමෙන් තහවුරු කෙරෙන්නේ මෙම සංවේදීය කලාකරුවන්ගේ නග්න භාවයයි. තමනුත් සම්බන්ධ නිර්මාණයකම සහෝදර ශිල්පියෙකුට වන අසාධාරණයකදීවත් සංවේදී නොවී අධ්‍යාත්මිකව මියෙන මෙම කලාකරුවන්ගේ අසංවේදීභාවය ලෙස මතුවු රෝග ලක්ෂණය සදහා උත්ප්‍රේරක රෝග කාරකය අවස්ථාවාදි දේශපාලනය බව හදූනා ගැනිමට පශ්චාත් මරණ පරික්ෂණ අවශ්‍ය නොවේ.

කලාකරුවා සංවේදි විය යුතු බවට විවාදයක් නැති අතර එය අවියෝජනීයම කාරණයක් බවට පෙරලෙන්නේ කලාව මගින් කෙරෙන සමාජ ප්‍රක්ශේපනය යනු නිර්මාණකරුවා සමාජීය වශයෙන් අත්විඳි සියලූ ප්‍රතිවිරෝධතා හමුවේ ගැලවීමට දරන අවිඥනික උවමනාවේම කැඩපත් රූප වීමෙනි. ඒ හෙයින් ඔහුගේ හෝ ඇයගේ සමාජ සංවේදිභාවය අහෝසිවන නිශ්චිත මොහොතේම කලාකරුවෙකු ලෙස උපයා ගත් සිවිල් බලය උපයෝගි කරගෙන ජනමතය ගොඩනැගීමට ඇති අයිතියද අහෝසි වේ.

ඒ අර්ථයෙන් පොලිසිය, අධිකරණය, රාජ්‍ය පරිපාලනය නිර්දේශපාලනීකරණය කිරීම තරම්ම කලාව නිර්දේශපාලනිකරණය කිරීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්වී ඇති අතර, එය එසේ වන්නේ පොදු ජන මතය ගොඩනැගීමෙහිලා හා එම මතය දිශානුගත කිරීමෙහිලා කලාවට ඇති ශක්‍යතාවය සියල්ල අහිමි වී යමින් තිඛෙන කොදෙව්වේ තවමත් පූර්ණ වශයෙන් අහෝසිවී නොමැති තත්වයක් තුලය.

ඉන්දික උඩුගම්පොල
indikaudu@yahoo.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


"හයිය"

අරූ එකපාරටම මට පොල්ලෙන් තඩිබෑවේ නැත්තං මංවත් දැනගෙන හිටියෙ නෑ මෙච්චර හයි
හක්තියක් මගේ ඇගෙ ඇතුලේ තෙරපිලා තියෙනවා කියලා.

"උඹ නම් මහ යකෙක් බං.................."

"මීයා වගේ හිටියට උඹ හෙණ වැඩර් නේ......"

“හ්ම්ම්............”

“ හරියට මීට ඉස්සෙල්ලා දැකලා නෑ වගේ මගේ ඇගපත දිහා මම ආයෙත් බැලුවා. මේ තරං
කාලයක් මටත් නොදැනිම මෙච්චර ලොකු හයියක් මගේ ඇගේ හැංගිලා තිබුණද? නැත්තං මට
හදිස්සියෙම කොහෙන් හරි ශක්තියක් ඇග ඇතුලට ආවද? හිතාගන්න බෑ.”

“මේක මගේ ඇග ඇතුලෙම මට නොදැනි තියෙන්න ඇති. මිනිස්සුන්ගේ ඇග ඇතුලේ පිළිකා
හැංගිලා තිබිලා අවුරුදු ගණනාවකට පස්සේ එළියට එනවා නම් මේ හයියත් එහෙම හැංගිලා
තියෙන්න ඇති.”

ඒත් එහෙම හැංගිලා තියෙන්න පුළුවන්ද?

පහුගිය දවසක 154 බස්එකේ යනකොට කොන්දා එක්ක අවුලක් ගියා. ඌ මාව තල්ලු කරලා මට
ගහන්නත් හදපු වෙලාවේ මගේ ඇගේ මයිල් ගස්වල, කෙස්ගස්වල අග හිටං තිබුණු හයිය ‍මගේ
අතට එන්න ඇති. එච්චර අතපය වෙවුළුවත් මට උගේ හොම්බට දෙකක් අනින්න හයියක් ආවෙ නෑ.
කෙල්ලෝ ගොඩකුත් ඉ‍ස්‍සරහ එච්චරටම ආත්මගෞරවය කෙලෙසිලා යන වෙලාවේ එළියට එන්නැති
හයියක් මොන මයිල්ගහකවත් හැංගිලා තියෙන්න විදිහක් කොහොමටත් නෑ.

මොකටත් ‍වගේ අනිත් එවුන්ට නොදැනෙන්න මං පහුගිය දවස් කීපය ගැන මතක් කරා. මගේ ඇගට
විශේෂ ශක්තියක් ඇතුල්වෙන්න පුළුවන් දෙයක් වුණාවත්ද කියලා. මොකද අමුතුවෙන්
එළියට ආපු මගේ හයිය අනිත් එවුන්ට "පුදුමයක්" "ජයග්‍රහණයක්" “බලවේගයක්” "නියම
පොටක්" වගේ සරල දෙයක් වුනාට, මට ඒක මගේ ජීවිතේ ජාතික ගැටළුවක්.

පහුගිය දවස්වලත් වෙනසක් තිබුණේ නෑ. වෙනදා වගේම උදේට නැගිටිනවා, ඇස් පියාගෙන
බාත්රූම් එකට යනවා, කොමඩ් එක උඩ ඉදගෙන කාරිය කරන ගමං ටිකක් නිදාගන්නවා, රෙදි
අයන් කරනවා, බස් එකට දුවනවා, විනාඩි 30ක් විතර පරක්කු වෙලා බොස්ට බයෙන් බයෙන්
ඔෆිස් යනවා, එදාට තියෙන වැඩවලින් භාගයක් කරලා ඉතිරි ටික ඊළග දවසට තියාගන්නවා,
අදනං කෝච්චිය පොතේ තියෙන වෙලාවටම එයි කියලා හිතලා හැටට හැටේ ස්ටේෂන් එකට
දුවනවා, ටීවී එකේ දාලා තියෙන මොකක්හරි එකක් බලනවා,
නිදාගන්නවා.......................... ආයෙත් සුපුදුරු විදිහ.

මීට අමතරව දෙයක් වුනානම් ඉතිං තියෙන්නේ පොඩි පොඩි දේවල්. හරියට මම හැමදාම
බස්එකේ ඉදගෙන යන සීට් එකේ වෙන මොකෙකහරි හෝතම්බුවෙක් වාඩිවෙලා හින්දා වෙන සීට්
එකකට යන්න වෙනවා වගේ ඒවා.

“අම්මෝ..............! හිතාගන්න බෑ.....!”

එදා ගිය 154 ම අදත් එනවා,

එදා නෝන්ඩි වුන බස්එකේ පාට, ඒ ඉරි, එහෙම්මයි.

ඩ්‍රයිවරයත් ඌමයි, ඕකා තමයි මම බැහැලා යද්දි කින්ඩි හිනාවක් දැම්මේ......

ඉදහං කොන්දා.....

අද මං උඹට හොද පාඩමක් උගන්නංනම්,

මුලින්ම ගහන්නේ කටට අද,

තෝ දන්නෑ මගේ අළුත් "හයිය",

මම නැංගා බස් එකට......

-සංඛ කිරිඳිවැල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


හිකරි ඩිකරි ඩිකරි ලියා
රෙදිත් ඇඳං කඩේ ගියා
චරිතෙ වැනිෂ් වෙලා ගියා
ටෙලිය කාපි දියබරියා

ලබ් ඩබ් ලබ් ඩබ් ජයසිරි
කොන්දෙන් එයි හඬ ජිරි බිරි
කෙළින් හිටපු එවුන් සුපිරි
කඩේ දුවන හැටිය අසිරි!!

ඔන්න බබෝ බිලූ එනවෝ
ලොන්ත ළමයි ගෙනියනවෝ
මයික් එකක් අල්ලනවෝ
තුට්ටු දෙකට විකිණෙනවෝ

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සුළඟට කියමි

"මම යනවා එනවා.. ඒ මගේ හැටි.." - දෙබසකින් ඇහිලූ වචනයක්..

ඉතින් එය ඇත්තක්..
සුළඟක් කියන විට රහසක්..
එය කොහොමටත් ඇත්තක්...

ඒ වුණත් ඔබ
දුර සිට අරන් එන කවියට
මම නමක් දිය යුතු ම ද ?
එය නිදා උන් කවියක්
කිසිදින ඇස් නාරි'තැයි
මා සිතා සිටි
කවියක්...

මගෙ හිත යටත්
තිබුණා සුරුවමක්
කොහෙ හෝ අඳුරු මුල්ලක..
කාලයේ වැලි දූලි ඒ පිට...
කිරිදතක් සේ එය
යළි මතු වෙලා එනවිට
මෙතරම්ම සීතල
දැනෙන්නේ ඇයි මගේ කොපුලට...?

ගිම්හානයේ ගිනියම
දවන බව ඇත්තයි
නිම්නය...
ඒත් කොතැනක හරි
හැංගිලා ඇති ලපළුත්...
සුළඟකට පමණයි
එය සොයාගන්නට පුළුවන්..

ඉතින් දැන් මම හිනාවෙන්නම්..

වග වාසගම් නැති වුණත්
ඒ කවිය මට හරි හිතවත්..
සුරුවම දිසෙයි රැයටත්
තවම ලඹ දෙයි ලපළුත්...


රසික ජයකොඩි
Monday, 28 December 2009 at 09:18

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ජනතා පරමාධිපත්‍ය

(එස්එම්එස් වලින් තරු තේරෙන්නේත් මෙයට අනුවය)


ඡන්දයක් එනකොට
චූන් වෙයි නහුතෙට
කිති කැවී
දෙපතුලේ ඉඳන් ඔලූවට

පෝස්ටර් - තාප්ප වල තෙරපෙති
බැනර් කටවුට් වෙව්ලති
බස් වලින් අදිති - පිට්ටනි පුරවති
පොරොන්දු අහසින් බාති

මැති ඇමති - ඉව කරති
එහෙ පනිති - මෙහෙ පනිති
වහසි බස් දොඩවති

සුදු ඇඳි මහත්තුරු
චන්ඩින් කූද්දති
උන් ඇවිත්
නෙලති - අනිති
මරති - කුඩුකරති
ගිණි තියති

සරස්වති අයිති
කලාකෙත හෙල්ලෙති
අනුහස් කියති
සෙවලැති කවි ගී ලියති
ගයති - වයති - රඟති - නටති

ලියන්නෝ ලියති
හේත්තු වෙති
හැඩට මවති - පත්තර පුරවති

කියන්නෝ කියති
රේඩියෝ ටීවී වල
එති - යති - කහිති - නාති
අපුල්ලති

බුදු බණ මතක නැති
මහණුන් සිවුරු ලෙළවති
දබරැඟිලි උස්ස උස්සා
මුසාබස් වදාරති

අධිපතීහු වම අයිති - ඇහැරෙති
ඡන්දෙට - අරං එන ධනපති
අනේ මන්දා
උන්ගෙ තරගය - වෙනම ම තියති

දකුණේ විනාසය
වෙනසක් කළේ නැහැ කරුමය
නොදුටුවෙන් පෝරකය
ඝාතකයා ම එදා රජ විය
ඇවිදිං
උස්සං
වඩං
අල්ලං
සයිකලෙං
බස්සෙකෙං
පොර කකා ගොහිං
ගැහු නිසාවෙන් කතිරය

වන්නිය ඉතිං කජ්ජක්දැයි
ඇරත් උන් කවුදැයි
මේ අපේ අයිතිය මැයි
මෙදා පාරත් - ගහලයෙක් නියමයි


මහේෂ් මුණසිංහ
2010 01

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

සේකරයන්ගේ කවි කිහිපයක් - බෙදා ගනු පිණිස.

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 1.14.2010



යසෝදා!
පසක් කලා මම තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
සුන්දරත්වය නිවන .. සත්‍යය..

මහගම සේකර
ප්‍රබුද්ධ




....................................................

ලයනල් රාජතිලක සහ ප්‍රියන්ත


ධර්මේ
කාසිම්
රාජසුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතු වෙලා
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩිය..

.......................................................

ප්‍රබුද්ධ

යසෝදා !
පසක් කලා මම තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
සුන්දරත්වය, නිවන .. සත්‍යය..
….. ….. ..
ධර්මය වටහා ගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය
ඒ සඳහා මම නවතිමි
නැවතීම මය ගමන
සංසාරය.. නිවන


...................................................

ව්‍යාංගා හි රන් එතනාට කියන කවි

රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිහෙන්නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබුළුවන්නේ
රන් වන් වී කරලක් මෙන් බිමට නැමී ඉන්නේ
රන් එතනා ඉපනැල්ලේ මොනවද අවුළන්නේ

උදේ ඉඳන් වැඩ කරලා දැනුයි ගොඩට එන්නේ
වෙලේ තමයි ජීවිතයම අව්වට කර වෙන්නේ
උඹේ කැකිරි සිනා පොදක් මා වෙත හෙළමින්නේ
හිතේ තියෙන දුක මදකට දුරු කරවා පන්නේ

....................................................................

ඔබ හිනැහෙන විට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ වැළපෙන විට
මුළු ලොව
ඔබ අතහැර සිනාසෙයි

සේකර
හෙට ඉරක් පායයි

................................
මගේ කවියෙන් ඔබ දකින්න…

අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත

දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මග ඇහිරී
බෙරුව ඉසින අයස මඬින
ඝත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා දමන් ඔබ ඒ දවසේ
අසරණ වී වැළපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත

සබඳ ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න..

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.

ඒ මල් තුළ මා දකින්න.

මහගම සේකර
-සක්වා ලිහිණි 1962-

.....................................................



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


තිස්ස ඇප පිට එළියට! රත්න සිරි සැප පිට ඇතුළට!

(ඕපා දූප තීරුව- 2009.01.12) යුද්ධය සහ එහි අවසාන රංගනය සම්බන්ධ කාරණාවේදී වගේම තිස්ස ඇතුළට ගැනීම, ලසන්ත එලොව යැවීම වගේ කාරණාවලදිත් මේ රටේ කවියෝ, ලියන්නෝ කියන වර්ගය පිළිබඳ වැදගත් නිරීක්ෂණ ගණනාවක් අපිට පේන්න තිබුණා. එතෙක්, ලියවිලි හරහා සද්දන්ත මානවප්‍රේමීන් වශයෙන් ගොඩ නගා ගෙන හිටි ප්‍රතිරූප තූ තූ වෙලා සී සී කඩ වුනා. තාමත් වෙමින් තියනවා. තිස්ස ඇප පිට එළියට එද්දි, රත්න
-සිරි සැප පිට ඇතුළට යනවා! එතුමා ඉතුරු වෙලා තිබ්බ අන්තිම නූල් පොටත් උනා දාලා “නවබිමකට” පය තබනවා. අපි මේව කියද්දි සමහරු අපෙන් අහනවා කවුද ඉතුරු වෙන්නෙ කියලා!

ආත්මයක් නැති පර වැඩ කරන්න සිද්ධ වීම සාධාරණීකරණය කරන්න හේතු හොයන එක නෙමේ මිනිස්සු කරන්න ඕනේ. මේ පර වැඩ කරන එවුන්ගෙන් ඇහුවොත් ඇයි මෙහෙම වුනේ කියලා උන්ඩ කියන්ඩ දාහක් කතා තියනවා. මාක්ස් ලෙනින් ඩෙරීඩා සොක්‍රටීස් සේම පටලෝලා තමන්ගේ පර බලූ වැඩ වහගන්න න්‍යාය සම්පාදනය කරනවා.

පිරියාවෙන් හෝ අප්පිරියාවෙන් කඩේ යන්නෙ ඇයි මුන් මේ හිට්ලර්ලාට?

කන්ඩ නැත්නම් හිඟාකන්න පුළුවන්. මිනිහෙක් බල්ලෙක් වුනාට පස්සෙ ඌට නින්ද යනවද?

අදත් පිටපත
මම

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ඉල්ලීමයි!

ස්වර්ණා මල්ලව ආරච්චි,
ප්‍රසන්න විතානගේ,
අශෝක හඳගම.
ධර්මසිරි බණ්ඩාරණායක,
හේමසිරි ලියනගේ,
සෞම්‍ය ලියනගේ,
රාජිත දිසානායක,
කෞෂල්‍යා ප්‍රනාන්දු,
චන්ද්‍රගුප්ත තේනුවර,
එච්. ඒ. පෙරේරා,
ගාමිණි වියන්ගොඩ,
මැල්කම් මචාඩෝ,

ඔයගොල්ලත් මේ රටේ කලාකාරයො නේ; මෙතෙක් කල් පීචං නොවී ඉන්න පුළුවන් වෙච්ච අයනේ; ඉතිං රටේ ජනතාවට කියන්න, අපි මේ තුට්ටු දෙකට කඩේ යන ඊනියා කලාකාරයන්ගෙ ගොඩටම දාන්න එපා කියලා; අපි ඊට වඩා වෙනස් කියලා.

නැත්නම් මේ යන විදිහට අපිටත් ඔයගොල්ලන්ව අමතක වෙන්න පුළුවන්

මොහාන් විෙජ්නායක
කටුගස්තොට

(මෙය අපට තැපෑලෙන් ලැබුණු අදහසක් බව සලකන්න)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


වෙනස් වෙමු- සිව්වැනි පියවර

සිව්වැනි වෙනස් වෙමු සාහිත්‍ය කතා බහ ජනවාරි 17වන ඉරුදින, සවස 2:30ට කොටුව YMCAහිදී පැවැත්වෙයි. මෙවර කතා බහ පරිවර්තන කවි පිළිබඳවයි.

වෙනස් වෙමු කණ්ඩායම පළ කරන "කයන්න වියන්න" කවි පුවත්පතේ මංගල කලාපය ද මෙදිනට එළි දැක්වෙයි.

කවියට සාහිත්‍යයට හිතැති සියළු සහෘදයන්ට මේ අවස්ථාවට එක් වෙන මෙන් වෙනස් වෙමු කණ්ඩායම ඉල්ලා සිටී.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඡන්ද සොමිය මේල් පල්ලෙන් බේරේ!

(ඕපා දූප තීරුව: 2009-01-13)මේ දවස් වල අපේ මේල් බොක්ස්, යුද වීරයො දෙන්න දෙපැත්තට ගහගන්න මඩ වලින් දෙගොඩ තලා යනවා. (පව් නේ?) හැමෝම කියන්නේ වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේ අපී කියලා. බලමු මුං දෙන්නගෙං එකෙක් දිනුවට පස්සෙ දොඩං ගෙඩි සේරමත් කඩලා ගහත් කපලා දාන හැටි.....!

හුඟක් මේල් අසික්කිත මඩ සහ කුණුහරුප! ඇත්තටම බැලූවොත්, මේ වීරයො දෙන්නට කඩේ යන වාහෙලට නිර්මාණශීලීව මඩක් ගහගන්නවත් දන්නෙ නෑ. ඕකට තව හේතුවක් තමා දෙන්නම එක මල්ලෙ ලූණු කාපු ඩබලක් වීම. මුන්ට එකිනෙකාට එරෙහිව කියා ගන්න දේශපාලනික හෝ න්‍යායික සටන් පාඨ නැහැ. ඒක හින්දා බබා උක්කුං සෙක්ස් ජෝක් වගේ ඒවා තමා එහාට මෙහාට හුවමාරු වෙන්නෙ.

ඊයෙ අපේ රජයේ සේවක මිත්‍රයන්ට මහ රජා අවසාන අල්ලසත් දීලා තැපෑල් චන්දෙ දවසෙ උදේ. මෙච්චර කාලයක් කෑ ගහලත් නොදුන්න ජීවන වියදම් දීමනාව ඊයෙ උදේ කෑෂ් වලින් පේ කරලා. බඩුම තමයි නේද? දැන් ඉතිං නරක කාලෙ ඉවරයි. ඇයි පොන්සේකා දහයක්ම වැඩි කරනවා. අම්මපා හැමදාම් ඡන්ද තිබ්බ නං, රජයේ සේවකයන්ඩ ෆනේ ෆන්!

මෙලෝ සංසාරයක් නැති මඩ මේල් අස්සෙ ඩිංගක් නිර්මාණශීලි අයිටම් එකක් එවලා තිබ්බ අද උදේ. මේ ඒක.....>>>


ඒකත් කඩේ යන්න තියන හදිසිය නිසාද කොහෙද ඛෙලි ටික හරියට බට් කරලා නැහැ දේව පිංතූරෙට! හැබැයි හොඳ උත්සාහයක් මොකා කෙරුවත්.

මේ ඩිසයින් හදන එවුන් මේවයේ පී.එස්.ඩී. ෆයිල් එහෙම බැක්-අප් තියාගෙන ඇති නේ???
මොකද මේවම තව කාලෙකිං මහින්ඩ ඇන්ඩ් කොම්පැනි එකේ ඔලූ ටික ගලෝලා සරත් ඇන්ඩ් ක්ලෑන්ස් ඔලූ ගෙඩි ටික බට් කරලා ආයෙ මඩ සටනකදි රිලීස් කරන්න පුලූවං නිසා.

අදත් පිටපත
මම

ps
පරාක්‍රම නිරි ඇල්ල ආයෙත් සෙක්කුව පෙන්නන යන්නේ!


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


රජාවානම කඳුළින්
තෙමන්නට විය දුරුතු පුන් සඳ
දිලෙන්නට විය එසැණින්
කිවිඳකු සුරත පන්හිඳ..

දැවෙන හිත මැද ලතැවෙන
වර නැගෙන
යළි සැනහෙන
හැඟීම් පොකුරු
අකුරු වෙයි විගසින්..

ව්‍යංගයෙන් හිනැහුණු හිත් තුළ
නිරතුරා පෙණුනි නිම් තෙර
ගැලූ පදතර සිර කර
ගැඹුරු සිතුවිළි රළ රැළි
ඇස් ඉවුරු සිඳ බිඳ
පත් ඉරු මත රොක් වුණි
ආඛ්‍යානයකි කවියම
කවියකි ආඛ්‍යානයම

කිව යුතු දෑ බොහෝ විණි..

පියවරෙන් පියවර
පැමිණියේය
ගිරිකුළු පව්වෙන්
කඩා කඩතිර
මෙහා ලොවට
ප‍්‍රබුද්ධ
රැගෙන යථාර්තය
දම් පියාවක බහා ලූ විලස..

මක් නිසා ද යත්,
සාගතයෙන් පෙළෙන තැනෙක
වගා නොවන බව ධර්මය
අතැඹුලක් සේ වැටහුණෙනි..

සක්වා ලිහිණියක මත
රඳවා හීන අහුරු
මුහු කළ පත්ඉරු
මුණ ගැසිණ බෝඩිම ක
රාජතිලක ලයනල් සහ ප‍්‍රියන්ත කැටිව..

අරුණළු වැටී සියපත මත
එක් කර අලුත් පිණි කැට
වෙනස් කර රටාවට
නොමියෙමි යි සිතා සිත රවටන
අඳුරු ඇස් අරවන
විදුලි සරයක එතී ආ කව

හැඟුමින් පැසුණු කෙත්වතු
හිස නමා පොළොවට
නෙළා දෙයි යායට හෙට ට
නිදහසේ
නිසඳැසේ
හංස ගීතය ගැයේ..

මනෝමන්දිර තුළ
හැඩ මවන සිතුවිළි
නගා සිතුවමට
ගෙනා සේයා
තුංමං හන්දිය පසුකර
තබා සිහිවටන මත
හිනැහුණි..

සාහිත වංකගිරියක
පිය මැන ගිය
මං පෙත දිග
නිශ්ශබ්දතාව කතා කරයි
ඇසිල්ලෙන් හැර පියා
සිහ ගිරි අසුන
නික්ම ගිය සඳ
ගොළු විණ සිඳු සරය

ඉදින්
හෙට ඉරක් පායයි ද
නිසැකව ම ?

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


රාජාලි පියාපතේ සුලමුල...


ලංකාවේ දකුණේ කෙළවර හුංගම හද්දා පිටිසර බටඅත නම් වූ ගම්මානයේ උත්පත්තිය ලද ජගත් ඕස්ට්‍රේලියාවේ සිට සයිබර් අවකාශයේ සිංහල කවි වැපිරීමේ ව්‍යාපෘතියේ මූලාරම්භකයෙකු වන්නේ සහස්‍රාරම්භයත් සමගින්ම වසර දෙ‍දහස් එකේ කැටපත් පවුර නම්වූ සාහිත්‍යකරණයේ මංගල සිංහල ලකුණින් සැරසුණ වෙබ් අඩවියත් පහණ සහ සන්නස නම් වූ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් සයිබර් අවකාශය තුලින් නිර්මාණය කරමිනි.

වෘත්තීයෙන් වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවකු වන ජගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධිධාරියකු වන අතර සිය නිර්මාණ හැකියාවන් පුබුදු වන්නේ හැත්තෑව දශකයේ රූපරේඛා නම් වූ

ළමා සඟරාවට ලියූ සිඟිති කවියකිනි. ඒ 1973 වර්ෂයේ දීය.


අසූව දශකයේ මුල ප්‍රකාෂයට පත් වූ නුවණ සඟරාවටත් මිහිර සහ නවයුගයටත් පාසැල් සිසුවෙකු ලෙස ලිපි ලේඛන සංග්‍රහ කිරීමෙන් ජගත් සිය ලේඛන කුසලතාවයේ සතත අභ්‍යාසයේ යෙදුනෙන් සමසමාජ පක්ෂයේ ප්‍රකාෂණයක් වූ ජනසතිය නම් වූ පුවත්පතේ සිය ප්‍රථම කෙටිකතාව පළ කරගන්‍නට සමත් වන්නේ ද හැත්තෑව දශකයේ දීමය.


සිය ප්‍රථම කෙටි කතා සංග්‍රහය වන කන්ද උඩ මාළිගාව පළ කරන්නට වන්නේ ඉනුත් වසර තිහකට ආසන්න කාලයක් තුළ සිය පුළුල් ජීවන අත්දැකීම සකසුරුවම් කොට සිය පරිකල්පනයේ කළතා වඩවා සුසංයෝජිත ඉදිරිපත් කිරීමක් ලෙසිනි. ඒ 1999 දීය.

සිය ප්‍රථම කවියේ ආසයි මට ලෙස තේමාගත වූ සිය ළමා නිර්මාණ කෞෂල්‍ය ජීවන සංහිතාවක් ලෙස කාව්‍යෝපගත වන්නේ වසර දෙදහසේ සිසිරයේ පිපුණ මල ලෙසිනි.

ඒ ජගත් ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය යි.

දශකයකට පසු සිය පරිකල්පනය අවදි කරවන ජගත් නූතන සයිබර් කවියේ වත්මනට ශේෂ වූ ආදීවාසියා ලෙස හඳුනා ගත හැකිය. සිය පොසිල අත්දැකීම මෙලෙස රාජාලි පියාපත ලෙස කාලයේ කෞතුකාගාරයෙන් වර්තමානයට ජීවය ගන්වා ගෙනෙන්නේ තවත් ජුරාසික් යුගයක මතකයන් අවදි කරවමිනි.

-බූන්දියේ අපි -
09-01-10

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


තිස්ස දැක්කද සත්‍යයයේනෙළුම් පිපී එන අයුරු? [අරවින්ද]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

රැල්ල කෙවටිලා

ජනාධිපතිතුමා පබා බලමින් සිටියේය. පිහි ඇනුම් කේස් එකක් ගැන අයියාට තදින් දොස් කියූ ඇය කාමරයට වැදී දොර වසා ගත්තාය. ජනාධිපතිතුමා හිතුවේ ඩිරෙක්ටර් ඊළඟට පබා අඬන ලෝන්ග් ෂොට් එකකින් ක්ලොසප් එකකට යනු ඇත කියාය. නමුත් එහෙම ෂොට්ස් මෙතර්ඩ් එකක් තිබුණේම නැත. ටික වේලාවකින් පබාගේ යෙහෙළිය කාමරයට ගියේ ෂුවර් එකටම පබා දොර වසාගෙන අඬනවා ඇතැ’යි සිතා අනේ, හුනේ තොත්ත පුහුලේ කියා නලවා ගන්නටය. එහෙත් පබා තියා මොන මළ සෙහොනෙක්වත් කාමරේ සිටියේ නැත. කාමරයට ගිය එකීත් ආපසු ආවේ මිනිහා මූදු ගිහින් මළ ගාණට අඬාගෙනය. නාට්ටියේ ඊළඟට ගියේ කෙල්ල අතුරුදන් වූ බවට එක එකා නැගූ මැසිවිලිය. මේ විකාරය බලා සිටි ජනාධිපතිතුමාට අසූහාර දහටම නැග්ගේය. මෙහෙමත් නාට්ටි ලියන මීහරක් ඉන්නවාද යකෝ කියා කල්පනා කළ ජනාධිපතිතුමා ඒත් එක්කම දිගින් දිගටම හිතන්නට පටන් ගත්තේ පබාව අරන් ගිය කොබා කවුරු විය හැකිද කියාය.

මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වී පොලීසියෙන් ඇසුවේ බඳින නොබඳින ගාණට හොර ගල් අහුල අහුලා සිටි පබාගේ කොල්ලා වැඩේට සැක නැද්ද කියාය. සැකයි සර් කී පොලීසිය පබා ප්‍රඩක්ෂන් එකේ එවුන්ටත් පහර දී චණ්ඩියා වී රට ගොස් යළි ඇවිත් සෙම හල හලා සිටි කොල්ලා අල්ලා රිඹ යන්න නෙළුවේය. ඔය කිව්වට පබාගේ අයියත් අප්සට් කැරැක්ටර් එකක් නේදැ’යි ජනාධිපතිතුමා ඇසූ සැණින් පොලිස් නිලධරියෝ සමගිපුර වසන්තයා ගෙනැවිත් අගේ මධ්‍ය ලක‍ෂයෙන් තිබූ අංගෝපාංගයකට නයිලෝන් නුලක් දමා බාල්කයක එල්ලුහ. ඊළඟට ජනාධිපතිතුමා පොලීසියෙන් ඇසුවේ පබාගේ තාත්තා කංසා උරා මත්වී කෙල්ලව කාටහරි වික්කා වෙන්න බැරිද කියාය. ඇත්ත නේන්නම් සර් ඒකත් වෙන්න පුළුවන් කියූ පොලීසිය පබාගේ මහ එකා අල්ලා අකෙන් පුතදා කණපිට නොගැසුවා පමණි. සේරම අත්අඩංගුවට ගත්තත් අයියාට බැන්න සීන් එකෙන් කාමරයට කට්වූ කෙල්ල නැහැ කියා ළතවෙමින් සිටි පොලීසියට ජනාධිපතිතුමා යෝජනා කළේ පබා එකේ ඩිරෙක්ටර්ගෙන් ප්‍රශ්න කළොත් මොකද කියාය. ඒක කියන අසක්කුවෙන් ඩිරෙක්ටර් ශාන්ත පොලීසියේය. පස්සෙ මූව බාල්කෙ එල්ලනවා කියා සිතූ නිලධාරියා ශාන්තගෙන් ඇසුවේ කෝ ඕයි පබා කියාය. ශාන්ත කීවේ පිටපතේ හැටියට ඉතිං පබා අතුරුදන් වුණා. එච්චරයි කියාය.

අනේ හලෝ අපි නොදන්න පිටපත්, අපට ජනාධිපතිතුමා කිව්වෙ තමුසෙලා ඇක්ෂන් කිව්වට පස්සෙත් පිටපත ලියනවා කියලයි කියූ පොලිස් නිලධාරියා හමුවේ වරද පිළිගත් ශාන්ත බිම බලාගෙන මහපටැඟිල්ලෙන් සිමෙන්තිය හාරන ගමන් කීවේ සමහර වෙලාවට රඟපාන ගමන්ම පිටපත ලියනවා තමයි කියාය.

යක්කු ඔළුවට ආරූඪ වූ පොලිස් නිලධාරියා ඇසුවේ ඇයි ඕයි ඔය විධියට කොහොමද උසස් ටෙලිනාට්‍ය කලාවක් බිහිවන්නේ කියාය. පබා ගැන මේ හැටි ජනාධිපතිතුමා උනන්දු මොකදැ’යි හදිසියේ ඇසූ ශාන්තට පොලීසිය කීවේ තීරණාත්මක ජනාධිපති ඡන්දයක් අවු අස්සේ පවා ශ්‍රී ලංකන් ලයිෆ් එකේ කොල්ලා දිනන හැටි ඒ ටු ඉසැඩ් බලා සිට ඌට සුභ පැතූ ජනාධිපති කෙනෙක් පබා නාට්ටිය ගැන උනන්දු ඇයි කියා අහන එකම ගොං ප්‍රශ්නයක් බවය.

පබා අතුරුදන්වීම ගැන අමුතු කතා කනින් කොණින් ආරංචි වන්නට පටන් ගත්තේ මේ අතරය. එක් කතාවකින් කියැවුණේ පබාගේ කොල්ලා මෙන් හතර ගුණයක් විතර ලොකු ගණ උඩු රැවුලක් වවාගත් නැඩයකු පබා සිටි කාමරයේ ජනෙල් පොලූ ගලවා කෙළී මොරදෙද්දී රැගෙන ගිය බවය. වත්තේ පයිප්පය ළඟදී ඇසුණු තවත් කතාවකට අනුව කියැවුණේ පබාගේ අයියා වැනි චණ්ඩින් හක්කේ තියා සෙම ඇරිය හැකි වර්ගයේ හමුදාවෙන් පැන්න නොපැන්න ගානේ ඉන්න උසට උසේ ආ උඩු රැවුල්කාරයකු කාමරයේ බිත්තිය කඩා පබා කුදලාගෙන යද්දි එකී මීක් නොගා අවනතව සිටි බවකි. තවත් සමහරු කීවේ රට්ටු සියල්ල අතහැර තමන් ගැනම උනන්දු වන නිසා එය දරාගත නොහැකිව පබා රුහුණු කුමාරිට පැන්න බවකි. මේවා අතරින් සමහර ප්‍රචාර බොරු කරමින් පබා කලඑළි බැස්සේ මාව නාට්ටියෙන් අයින් කරන්න සැලසුමක් තියනවා. මාව කළුවර කාමරේක දාන සීන් එකක් ෂූට් කළේ ඒ නිසයි කියා පත්තරයකට කියමිනි.

පත්තරකාරයා අසා තිබුණේ ඇයි ඔයා හදිසියේම හංසයාගේ කරේ යන්න හිතුවේ කියාය. ඒ නිසා නේද මේ සේරම බාධක කියා වැඩිදුරටත් ඇසු ඔහුට පබා උත්තර දුන්නේ අනෙක් පැත්තේ නිළියන් පොරකන නිසා මේ පැත්තේ ඉන්න එකම තරගකාරියට ෆයිට් එකක් දි තමන්ට ජයගත හැකි බවට ඇති වූ විශ්වාසය නිසා මේ වේදිකාවට නැග්ගා කියාය.

ඔබ සඳහන් කරන ඔබේ එකම තරගකාරිය කවුදැයි කියා පත්තරකාරයා ඇසූ ප්‍රශ්නයට පබා කීවේ අනෝමා ෆොන්සේකා කියාය. එම ඉන්ටව් එක බලා පත්තරය ගුලිකර ජනේලෙන් එහා පැත්තට දැමූ ජනාධිපතිතුමා ළඟ සිටි ගොතයකුට පරාජිතව කීවේ රැල්ල කෙවටිලා කියාය. නැත්නම් පොන්ටිං රවට්ටගෙන කියාය. ඔයින් මෙයින් අන්තිමට මාරම හුටප්පරයක පැටලූණේ අධ්‍යක‍ෂ ශාන්තය. මෑන්ට එක දිගටම ඉහළින් ටෙලිෆෝන් කෝල්ස් එන්නට පටන් ගත්තේය. මිනිහා, පොල්ගස් උඩ පවා කෝල් කරන එකා ඉන්නවාදැ’යි බල බලා ඒවාට උත්තර දුන්නේ තුම් මුනින් දාඩිය පෙරමිනි. පබා කපලා පබා කරන්න අමාරුයි සර්. ඒකට මං මැරිලා ඉපදෙන්න ඕනෙ කියන වචන ටික යාන්තං ගැටගසා ගත් ශාන්තයා අඬන ඇඬිල්ල ගැන දුක සිතුණු උඩ ඉන්න උඩප්පුවා උඩප්පරං ගසමින් ඇසුවේ මං ඔය චරිතෙට අනර්කලී එවන්නද කියාය. දෙන්නම සිංහල නොදන්න කොස්ගහට දෙල්ගහ කියන අයනේ හෙලෝ කියු උඩප්පුවා තමුසේ ඉතුරු එපිසෝඩ් ටික මං කියන විදියට ෂූට් කරනවා කියා දුරකතනය තිබ්බේය. ශාන්තයා පබාගේ අයියගේ ටයිප් එකට වැටී අඤ්ඤකොරොස් ලීලාවෙන් පුටුවකට ඇද වැටුණේය. අනතුරුව මෑන් ජාතික ප්‍රශ්නය තරම්ම ජනප්‍රිය වූ නාට්‍යයක් කිච නොකර බේරාගැනීම ගැන සිතුවේය. පළමුව ඔහු, පබා ඇක්සිඩන්ට් එකකින් මරන්නට තීරණය කළත්, ඒ ඉරණම කෘෘර වැඩියැ’යි සිතුණු බැවින් පබා රට යවන්නට තීරණය කළේය. එසේත් නැතහොත් මිස් ෆයර් එකකින් මැරුණොත් පබා ගැන ජනතාව තුළ මතු වු ආදරය තව වැඩිවන බවද කල්පනා කළ ශාන්තයා ලබන 26 වැනිදා වනතුරු මොකක් හෝ ගැටයක් ගසා පබා ඉබාගාතේ යවන වැඩපිළිවෙළක් සැට් නොකළහොත් තමන්ට, අත්හැර දැමු ලොකේෂන් එකක ලොකප් වෙන්නට සිදුවනු ඇති බවද කල්පනා කළේය.

අනෙක් අය වගේ මව්බිම වෙනුවෙන් මැරෙන්න යන වේදිකාවට නගින්න කියා මොනතරම් ඉල්ලීම් ආවත් පබා නැග්ගේ දේශද්‍රෝහීන්ගේ වේදිකාවටය. මෙය නිරීක‍ෂනය කළ ජනාධිපතිතුමාට සිතුණේ මෙකී නම් ෆොනී වගේම ගටක් තියෙන පඛෙක් කියාය. ජනාධිපතිතුමා, ළඟ සිටි ටෙලි ෆීල්ඩ් එකේ කාපර් කෙනෙකුගෙන් ඇසුවේ දුමින්ද සිල්වාගේ අයියා රෙනෝට කිව්වොත් පබා මව්බිම වෙනුවෙන් මැරෙන්න යන වේදිකාවට ගෙන්නා ගන්න බැරිවෙයිද කියාය. ගත් කටටම බෑ සර් කියූ ටෙලි කාපරයා රෙනෝ, රෙනෝ කියන වචනය ඇහුණත් අමු ගන්දස්කාරේ බැරි නිසා කෙල්ල පණ එපා කියා දුවන්න ඉඩ තියෙනවායැ’යි කීය.

ඔය අලකලංචි මැද්දේ පබා ටවුම මැදින් ගමන් කර පාර අයිනේ දුරකතන කුටියකට ඇතුල් වුණාය. ඇය ෆලෝ කරමින් පැමිණි පුද්ගලයකු වාහනය නවත්වා දුරකතන කුටිය ඇතුළට ගිය පබා පැහැරගෙන යළි මෝටර් රථයට ඇතුල් වුණේය. පබා ඉදිරි අසුනේ ඇලවූයේ ඒ කාලේ කරවල වාඩිවලට පැහැරගෙන ගිය පොඩි එකකු බිල්ලා දුන් ටොෆිය කා මත්වූ විලාසයෙනි. මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයා තමන් බඳින්න ඉන්න ආමන්ත මෙන් හතර ගුණයකින් විතර නැඩයකු වුවත් ඒ ආමන්තයැ’යි පබා අඩසිහියෙන් සිතුවාය. මොකක්ද අනේ ඔයා කරන්න යන්නේ කියා ඇසූ පබාට ඉදිරි අසුනේ සිටි නැඩ ආමන්තයා කීවේ මං ඡන්දෙ ඉල්ලනවා. ඔයාගේ ෆුල් සපෝට් එක ඕනෑ කියාය. විස්මයට පත් පබා ඔයා කවදාවත් දේශපාලනයට එයි කියලා මං හිතුවෙ නැහැ කියා කොයි ප්‍රාදේශීය සභාවටද ඉල්ලන්නේ කියා ඇසුවාය. ආමන්තයා කීවේ ප්‍රාදේශීය සභාවට නොවෙයි මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලනවා කියාය. ඔයාට නම් හොඳටම පිස්සු කියූ පබා ආමන්තගේ මුහුණ බැලූවාය. වාහනය එලවමින් සිටියේ ආමන්තයා නොව කොල්ලූපිටියේ ගල්පල්ලිය ගාව හේමන්තයා බව දුටු පබා සිහිසුන් වූවාය.

විමලනාත් වීරරත්න
රාවය- 10-01-2010


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඔයා මගෙ නං ජීවිතේ මල්

හංසයා රට පුරාම තිත් තියාගෙන පියාඹයි. පවුල් පාලනයට තිත, රාජ උමතුවට තිත, අරකට තිත මේකට තිත වශයෙන් තිත් බොහෝ ගණනක් පාලම් ලයිට් කණු තාප්ප මත තියා තිබේ. අපේක්ෂකයා සමග ඇ‍විලෙන්නේ අපේක්ෂාවය. අපේක්ෂාව නිල් පාටය. කිරි සප්පයාගේ හිට මලගිය පරාණ කාරයාගේත් අපේක්ෂාව ඒකය. අපේක්ෂකයා බහු වර්ණය. තැනට ඕනෑ විදිහට අලියා වෙන්නත්, සීනුව වෙන්නත්, සීනුව ගහන අලියෙක් වෙන්නත් මේ හංසයාට පුළුවන. දෙන්නාම පොදුය. ඒ අතින් නම් එක වල්ලේ බඩුයැයි හිතෙන තරමට පොදුය. පාට කඩදාසි වෙලෙන්දන්ට තීන්ත බුරුසු නිෂ්පාදකයින්ට, ග්‍රැපික් ආට් සමාගම් වලට හොද්ද බොරවී තිබේ. මාධ්‍ය නිදහස කුණු මෝලේ කුණු ගඳ හා සමානව රට හරහා ගලායයි. ක්‍රිකට් ගැහූ කට්ටි දැන් කඩදාසි කුට්ටම අතට අ‍රගෙනය. ගහන්නේ තුන්සිය හතරද, බූරුද, ඕමිද, කියා වාදයකි. තුරුම්පු අදින්න ලෑස්ති වෙන කොට සෙල්ලම වෙනස් වෙයි. සරම් කැහැපට ගහගැනීමත් අතපය වීසි කිරීමත් දැන් දැන් පෙනෙන්නට තිබේ. චග්ගුඩු සෙල්ලංකාරයෝද සිටිති. ගුඩු යන තුරු බදාගෙන ඉන්නා උනුත්, රිටන් එකේ සයිස් එක දිහා බලාගෙන දිගටම ගුඩු අල්ලාගෙන ඉන්න උනුත්, නිකම්ම ගුඩු ඇරිය උනුත් පත්තරවල පෝස්ටරවල හිනාවෙති.

අපේ තාත්තා ඉස්සර කියන සිංදුවක කෑල්ලක් මතක් වුණා. මේක නාඩගමේ කෝනංගියාගේ සිංදුවය.
“අක්කාවරුනි මගෙ නැටුම් බලා මට බක්ක කැවුම් දෙනවද නුඹලා...”

මේ විගඩම විගඩමක් බව කතා බහ කල හැමෝම කියති. බුලත් කන එකාය, හංස පිහාටු කාරයාය කියා වෙනසක් නැත. එහෙම බැළුවාම මේ සීඝ්‍රගාමී නැටුම නටන්නේ නැතුව මේකත් එස්. එම්. එස් වලින්ම අවුරුද්දක් දෙකක් විතර අද්ද අද්දා කරන්නට තිබුණා නම් කොයි තරම් යහපත්ද? අඩුම ගානේ තවත් අළුක්කාලක් දෙකක් පැට්රල් පාන් වියදම පහල දමාගන්නටත් තිබුණි. ඒ වාසිය මේ සතිය දෙකට වඩා දිගට අවුරුද්දක් ‍විතර අද්ද අද්දා තියා ගන්නටත් තිබුණි. මේ රටේ නවීන සිතුම් පැතුම් අනුව එස්. එම්. එස් වගේ නූතන තාක්ෂණයකින් ප්‍රඩාතන්ත වාදය පෝෂණය කරන්නාවූ ආකාරය ලෝකයටම හඳුන්වා දෙන්නට තිබු ‘චෑන්ස්’ එක ප්‍රයෝජනයට නොගැනීම ගැන කණගාටු සිතේ. ඕනෙම එකක් ගුවනින් විහිළුවක් කර විකුණ ගන්න ගුවන් වෙලඳපලක් හදා දුන් අයට මේ වගේ හිතුවිල්ලක් පහල නූනා පුදුමය. අති පුදුමය. හොරේ ඇත්තේ හංසයා සිංදු කියන්න ගත්තේ වැඩේ සේරම සෙට් කලාට පසුව වීමය කියා එහෙන් මෙහෙන් කියවෙයි.

සේරමත් නාන කොට නිකංම ගොඩට වෙලා වේලි වේලි ඉන්න එකේ ආෂික් එකක් නැත. හෙට අනිද්දා කොහොම වේද නොදන්නා නිසා, පයිප්පයේ වතුර එන වෙලාවට නා ගන්න එක කවුරු කවුරුත් කරන දෙයකි. ඒ නිසා දන්නා කියන බොහෝ දෙනෙක්, අමුඩ ඇතිව හා අමුඩ නැතිවත්, බේතින් සූට් ඇඳගෙන හා නොඇඳ ගෙනත්, පයිප්ප ලඟ පෝලිමේ සිටිති. හට්ටි මුට්ටි ටින් කබල් අරගෙන වාඩිවී සිටිති.

මේ ගැන හිතන කොට මතක් වුණා දෙබසක්, පබා එකෙන්ම.
“නෙලාපු පිළිමෙට මිස, පිළිම නෙලන එකාට වඳින සිරිතක් නෑනෙ ලොකු අයියෙ”

උක්කුවාට උණත් පිළි‍මෙකට මෙන් ‍වඳින පුදන පිරිසක් මේ රටේ ඉන්නා වග අමතක වෙලා හෝ මතක් වෙලා හෝ කරන මේ නා ගැනිල්ල මිනිස්සුන්ගේ හිත් රි‍දවෙන දෙයක් බව මතක් නොවීම නම් අභාග්‍යයක් මයි. මේ රටේ බොහෝ දෙනෙක් මෙන්ම මේ ගොල්ලත් පබා බලන්නේ නැති බවට මේක සාක්කියක්ද කියා තවමත් සිතමි.

වෙපන් එක උස්සාගෙන පාරවල් අයිනේ බලා ඉන්නා අපේම දරුවන්ගේ නාඹර මුහුණුත්, උන්ගේ ඇඟට දූවිලි ගසාගෙන ඉගිල්ලෙන අයිස් කාමර වල පියාඹන උදවියත් අද යුද්ධයේ යථාර්තය වී තිබේ. මේ දරුවන්ගේ අම්මලා තාත්තලා මෙන්ම, ආයෙ ආයෙත් කියන්නට වචන නැති කතන්දර හිත් වල හංගාගත් සිංහල දෙමළ මුස්ලිම් ‍‍‍ෙභ්දයක් නැතිව යුද්ධය යුද්ධයක් ලෙස අත්විඳි මිනිස්සු ජීවිත ගැටගසා ගන්නට අතපත ගාති, අත පාති. පාරවල් පාලම් හැදෙයි. මිනිස්සු විශේෂයෙන් සිංහල මිනිස්සු එක සේසත් කල සිය රට බලන්නට යති.

“මාර කටුවක් තමයි කන්න වුනේ. ඒත් ඒ ගමන එහෙම ගියාම තමයි ජොලි.”

මාර්ග බාධක හිටි අඩියේ එහා මෙහා වෙන්නට කලින්, වවුනියාවේ රැයක් නැවතී, බස් පෝලිමක වරුවක් ගෙවා, යාපනයට ‘පාද යාත්‍රා’ කල එකෙක් කීවේය.

“අප‍රාදෙ මේ යුද්ධෙ නැවතිච්ච හින්ද, යාපනේ වවුනියා මිනිස්සුන්ට දැන් ගමන් බිමන් යන එකේ කිසිම ජොලියක් නැතුව යයි නේද....?”

“ඒක නං ඇත්ත තමයි... ඇත්ත තමයි.”

හංසයාට හුලං පිඹින, බුදලයට කර්මාන්ත ශාලාවක් කරන එකෙක්, සුවිශාල මාලිගා ආලින්දයක සිට, ජනරාල්ගේ ගෙදර සාමාන්‍යත්වය පහදා දෙමින්,

“තමුන්ට කියා කිසි දෙයක් කර නොගත් එකෙක්...” ගේ වර්ණනාව කියයි.

“දින්නත් ඉතින් මුකුත් කරගන්න හම්බවෙන එකක් නෑ‍ නේද....?”

“නෑ... නෑ... මිනිහ හරිම අවංක කෙලින් මිනිහෙක්...!”

ඡන්දය කරන්නේ හැමදාම ඡන්දය කරාපු උන්ය. හැදිච්ච උන් හා නැහැදිච්ච උන් මෙන්ම හැදෙන්න ගිහින් නැහැදිච්ච උනුත් එතන සිටිති. මේ සේරම කලත්තා බිමට හැලුවොත් මේ ඡන්දයේ ශීර්ෂ පාඨය ලස්සණ සිංදුවකි.

ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්...!

-රන්සිරිමල් ප්‍රනාන්දු


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


කන්‍යාභාවය නැවත නැවත සකසා ගත් පෙම්වතිය නොහොත් අලූත් ඡන්දයට නිමවනා "පරණ සිතුවම" - විරාජ් ලියනාරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

"යමුනා ගං තෙර මේසයක් උඩ" සමග තවත් කවි- [වීරයාගෙන් ]










මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails