Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නොකා නොබී හාමතේ වලකජ්ජ ගැසුවද, බඩගින්න ගැන හෝ බඩුමිල ගැන හෝ කට නෑරිය යුතුය. හැටට හැටේ බඩුමිල ඉහළ නොයන, ලෝකෙන්ම හොඳම අධ්‍යාපන ක්‍රමයක් පවතින, ‍මනා සංවිධානයකින් යුතු ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් පවතින, දිනකට එකක් තියා අවුරුද්දට එකක්වත් මිනියක් නොමරන, ප්‍රචණ්ඩක්‍රියා හීනෙන්වත් නොපෙනෙන මේ අතිඋතුම් ශ්‍රී ලංකාද්වීපය ආක්‍රමණය කිරීමට කපුටු කාක්කන් පිරිසක් බටහිර සිට වලිකන බැවින් අපි බඩ ගැන නොසිතා රට ගැන සිතිය යුතුමය.

2011 අවුරුද්දට ඉදිරිපත් කරපු අයවැය ජහමනතාව වෙනුවෙන්මය. මේ තරං පඩියක් වැඩි කරයි-

කියා හීනෙන් වත් හිතුණේ නැත. එක අතකට මේ තරං පඩි ගන්න මිනිස්සුන්ට අන්තිමට ඒ සල්ලිවලින් කරන්න දෙයක් ඉතිරිවේ දැයි සැක සහිතය. තමන්ගේ පවුලේ සියළුම දේපල නෑයොත් පිටින්ම දන් දී වෙස්සන්තරත් පරදවන සුළු අපේ උතුමාණෝ එපා කියද්දි මුළු රටටම සල්ලි බෙදුවේය. හැමදාම රටකන්න බලාඉඳින දේශපාළුවන්ට පයින් එකක් ඇන්නේය. යුඇන්පියෙන් පැනපු එවුන්ට අමාත්‍යංශ තියා ප්‍රාඩෝ එකක් වත් දුන්නේ නැත. ඇමති මණ්ඩලයට සැලකුවේ බල්ලෙකුට මෙන්ය. ඒත් ඉතිං මේවා ගැන කතා කරන්න රටට ඉඩකඩක් ලැ‍බුණේ නැත. දැන් කලක පටන් උතුමාණන් ගැන පළු යන්න කතා කරන්න කරුණු එකතු වෙලා තිබුණත් කොහෙවත් යන පඟර නැට්ටෙකුගේ ප්‍රශ්ණයක් රටේ ප්‍රශ්ණයක් වීම නිසා එය මඟ හැරී යයි.

පරිසර බද්දයි, ඇඟ බද්දයි, බළු බද්දයි අයින් කරපු කාලෙම බලුවංශ කියා උලමෙක් කොළඹ උපවාසයක් කළේය. අනේ බදු බරින් සැහැල්ලු වෙලා අඩියක් ගහපු රටවැසියන්ට සිය නිදහස් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නොලැබුණි. බදු බරින් වුණු හෑල්ලුවට ඊට සම්බන්ධ මාතාවන්ට පින් අනුමොදන් කරන්න සූදානම් වුනත් රටේ මැදිහත් මාධ්‍ය ඊට ඉඩක් ලබාදුන්නේම නැත. හොඳ කියන එක අහනකොට කොච්චර නිහතමානීද කියනවනම් උතුමාණෝ ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගනී. සරම සුළු දියෙන් තෙමෙයි. නිකං මොකද ගඳ ගස්සන්නේ...

කොහොම හරි ඉතිං අපේම පුතෙක් වුණු උතුමාණන්ට එයාගේ අයවැය ගැන ප්‍රශංසා කරන්න වත් ඉඩක් ලැබු‍න් නෑනේ, අපිව ගිලින්න බලං ඉන්න යූ එන් එකේ පොල් බෑ මූන්ගේ කමිටුවක් ලංකාවට එනවයි කිව්වනේ... අපේ බඩ ගැන, අතේ සතේ ගැන මොන කතා ද…? පණමෙන් රකින අපේ රටට එහෙම අභියෝගයක් එනකොට. තමන්ගේ පක්ෂේ එවුන් ටික සී සී කඩ විසිරිලා ගියාට බලුවංශ උන්නැහැ අතහරින පාටක් නෑ. මෙදා පාර නං උපවාස කරලා මැරෙන එක කෙසේ වෙතත් අංශභාගේ වත් හදාගන්න පාටක් තියෙන්නේ.

රට ගැන, ජාතිය ගැන දේශීය නිෂ්පාදනය ගැන කතා කරලා ඡන්ද ගත්තට අපේ උතුමා ඒ ගැන සතයකට මායිම් නොකළේය. ඔය අළුගුත්තේරුවන් කියනවා සේ නැවතත් වැඩවසම් කාලයකට අපි යන්නේ නැත. තවත් කාලයකින් තායිලන්තය, පීලිපීනය වගේ හොඳ හොඳ කෑලි පහසු මිලට ගතහැකි, කොටින්ම සුද්දන්ට හෝ සල්ලිකාරයින්ට එළිපිට තම සියළු අවශ්‍යතා සපුරාගත හැකි වනු ඇත. රටේ සියළු දිස්ත්‍රික්කයකම ගණිකා ගම්මාන ඇති කර කාන්තාව‍න්ගේ රැකියා වියුක්තිය නැත්තට නැති කරනු ඇත.

මේච්චර ප්ලෑන් අතඋඩු තියාගෙන හිටයට අපේ මැතිඳගේ මේ සැලසුම් ගැන කතාකරන්න අපේ මාධ්‍ය ඉඩ දෙන්නේම නැත. යූඇන්පීකාරයෝ හිතාමතාම ඊට පරහට හිටී. උන්ට නායකයෙක් පත්කර ගැනීම රටේ දැවෙන ප්‍රශ්ණයක් කර ගෙන ඇති නිසා රටේ එවුන්ට බඩේ ප්‍රශ්ණ නැතිවා සේය. තමන්ගේ ලිබරල් වැඩපිළිවෙළ “ලිබරල්” වලටත් එහා ගොස් වැඩ කරන අපේ මැතිඳා දෙස බල බලා ‍හූල්ලමින් රනිලා බලං ඉන්න විට සජිතයා විසින් අපෙ මැතිඳා‍ව අනුකරණය කිරීමට වෙහෙසෙයි. කොහොම වුනත් අපි ගැන කවුරු බලන්නද? කවුරු දකින්නද?

දැන් අපි ජාත්‍යන්තර පොරවල්ය. හාල්, පරිප්පු ඉන්දියාවෙන්ය. ළූණු පකිස්ථානයෙන්ය. කුකුල් මස් මැලේසියාවෙන්ය. සියළු ඉලෙක්ට්‍රොනික් බඩු චීනයෙන්ය. සබන්, දත්බෙහෙත්, සියළු සනීපාරක්ෂක දෑ ඉන්දියාවෙන්ය. තව මොනවා ජාත්‍යන්තර වන්නද? කවුද අපිට දූපත්වාසීන් කියලා කිව්වේ?

උතුමාණන්ට පින්සිද්ධ වෙන්න අපි දැන් අම්බානක නිදහස්, නිවහල් ජීවිතයක් ගත කරමු. කඩේට බඩු ටිකක් ගන්න ගියාම හෝ ගෙදරින් එළියට විටෙක අතේ සතේ නැතිකම නිසා නිදහස ඇබ්බිත්තක් සීමා වුණත් අපිට මාර නිදහසක් ලැබී ඇත. එහෙව් එකේ මේ එකේක හාල්පාරුවෝ අපේ මැතිඳට අහවල් එහෙකට ආඩපාලි කියනවද මන්දා?

අපේ මැතිඳා නිවන් දැක බුදුන් දකිත්වා....!!!!

ගෝරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails