Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දශක ගණනක් ඇදෙමින් තිබු සන්නද්ධ අරගලයක් යකඩින් සහ වෙඩි බෙහෙත් වලින් විනාශ කල පසු දකුණ පිනා ගිය පස් වනක් ප්‍රිතීයකින් සැණකෙළි සංදර්ශණ පැවැත් වුවද ඉතා ඉක්මණින් ම ඔවුන්ට යථාර්තය අභිමුඛ වෙන්නට පටන් ගති. මිනිමරු ප්‍රභාකරන් විනාශ වෙන්නැයි පඩුරු ගැට ගසමින් අන්ධ විශ්වාසයකින් උන් මිනිසුන් හට විකල්ප ක්‍රම නුහුරු වීය. එම හේතුවෙන් ම ගිය වර ජනාධිපතිවරනයට මහින්ද රාජපක්ෂ වෙනුවට අපට තෝරා ගැනීමට තිබු එකම විකල්පය වුයේ සරත් ෆොන්සේකාය. එකම කාසියේ දෙපැත්තක් වු මේ දෙදෙනා ගැන දුරාබෝධයක් ලබා දීමට හෝ ලබා ගැනිමටවත් ලාංකිය මහ පොළව මත විකල්ප සංවිධාන නොවිය. වෙන එකක් තියා විපක්ෂයක්වත් නොවිය.

මිනිසුන් බැද තිබු මිත්‍යා රැහැනින් ඔවුන් මිදු විගස ඔවුන් වල්මත් වන්නට පටන් ගත්තෝය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම සියලු පක්ෂ, විකල්ප සංවිධාන, බහුජන සංවිධාන, ආගමික සංස්ථා, පුද්ගල සිතිම් පරාසය පවා අර්බුදයට ලක් විය.

නමුත් කවුරුත් කිසිදු දෙයක් නොවුණා සේ යුද්ධෙ ඉවරයිනේ කියා සුපුරුදු පරිදි උඩ බලා සිටින්නට විය. සියල්ලෝම ලද යුධ ජය අඩු වැඩි වශයෙන් වෙළදපොල තුල විකුණා තම බලය තහවුරු කර ගත්හ. නමුදු පෑරුණු සිත් මෙන්ම ජිවිත ද යුද්ධය නිමා වි අවුරුදකට වැඩි කලක් ගත වි ඇතත් තවමත් ගමන් කරන්නේ අබ්බගාත ස්වරූපයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් දෙමළ වු නිසාමය.

සුනාමිය විසින් මිට වසර ගණනාවකට මත්තේදී දකුණ සුනුවිසුණු කර දැමු විට ජාතික හා ජාතික නොවන නාලිකාද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානද සිවිල් චරිතද, කාලාකරුවන්ද රොත්ත බුරුත්ත පිටින් සහනාධාර රැගෙන සකල දෙස සැරූහ. වෙළදපළ සදහත් ජනප්‍රීයත්වය සදහත් ගග ගලන්නා සේ දමිල ජනයා සිංහල හමුදාව දෙසට එනු විටින් විට පෙන්වා ජය තහවුරු කර ගත් පසු සියල්ල අවසන් විය. එයම තම දෙවන ධුර කාළයට කුළියට ලියන්නන් විසින් ආයෙමත් විකුණු අතර අද වන විටත් එලෙස පැමිණි මිනිසුන් රැඳී සිටින්නේ අසරණවය. පැමිණ අතුරුදහන් වු මිනිසුන් ගැන හෝඩුවාවන් නැත. නඩු නැතිව රැදවුම් කදවුරු වල වෙසෙන්නෝ එමටය. සංවර්ධනය මුවාවෙන් ඔවුන්ගේ ගම් බිම් විදේශ ආයතන වලට උකස් කර ඇති බව ජයග්‍රහණය වටා එකරාශි වු කලාකරුවන් දන්නේ ද නැත. සිවිල් චරිත වලට එය ගණනක් නැත. යුධ ජයෙන් බලය ලබා ගත් අය උතුරු ජනයා අමතක කොට දැං දකුණ ට මැජික් පෙන්වමින් සිටිති.

මේ ගෙවෙන්නේ එවන් ඛේදාන්තයක් අත් කර දුන් යුධ ජයග්‍රහනයේ දෙවැනි සංවත්සර කාළයයි. මේ ගෙවෙන්නේ ඒ යුධ ජයග්‍රහණයම ආයේ ආයේමත් විකුණමින් ඉලක්කම් විජ්ජාවකින් ජානාධිපතිවරණය දිනූ දෙවන සංවත්සර වසරයි. මේ ගෙවෙන්නේ තමන් විසින්ම විර වික්‍රම පදක්කම් පලදා අභිෂේක කරන ලද විරුවාණන් සිර ගත කොට වසරක් පිරෙන සංවත්සරික අවුරුද්දයි. මේ ගෙවෙන්නේ මාක්ස්වාදි පක්ෂ ඉලෙක්ට්‍රෝන වලට කැඩෙන වසරයි. මේ ගෙවෙන්නේ අරමුණක්, වැඩපිළිවෙළක්, නායකයෙක් නැතිව ඉබාගාතයේ යන විපක්ෂයක් උරුමව අවුරුද්දක් සපිරෙන කාළයයි. මේ ගෙවෙන්නේ ඔබ ගැන ලියු මාධ්‍යවේදියෙක් අතුරුදහන්ව අවුරුද්දක් ඉක්ම යන කාලයයි.

'නස්රුදීන්' මෙන් තමාගේ බොරුවට තමා ම රුවටී සකල ශ්‍රී ලාංකිකයන් හීනෙන් පවා දකින්නේ ආශ්චර්යමත් ලංකාවකි. එයටම හරියන පාලකයන් වළවල් වලට වතුර එකතු කර 'වරායක්' යැයි මේ අහිංසක මිනිසා අන්දවති. ප්‍රභාකරන්ගේ හිතුවක්කාර තීරණ නිසා තමාගේ වල තමා ම කපා ගත්තා සේ අද දවසේ ශ්‍රී ලාංකිකයා ද තමන්ගේ මිනි වළ හාරමින් සිටිති. ඉතිහාසය පුරාම ආගම්වාදි සංකල්පයකින් කරුමේ යැයි සියල්ල අත් හැර හීන දකිති. අශ්චර්යමත් ශ්‍රී ලංකාවක් හීනෙන් හෝ ප්‍රර්ථනා කරන මිනිසුන් සිටින රටක ආයේමත් සංවිධාන සහ අරගල කියන්නේ ඉල කැඩෙන විහිළුවක්. නිදහස පිළිබද සාංකල්පීය අර්ථයක් නැති මිනිසුන් අඩු වැටුපට ශ්‍රමය විකුණා ඒ මුදලින් බදු කප්පරක් ගෙවා යාන්තමින් දවස ගෙවති. එහෙත් ඔවුන් මේ ක්‍රම පිළිලය මුළින් උපුටා දමන්නටද කැමැති නැත. ඊට විරෝධය දැක්වීමද එක් නොවෙති. මර නින්දේ සිටින මිනිසෙක් ඇහැර වුවා සේ ඔවුන් අප වෙත ම කඩා පනිති. ස්ථාවර දැක්මක් නැති, මාක්ස්වාදි පක්ෂ සියල්ලක්ම පාහේ වෙළද පලේ ගජරාමෙට බිස්නස්ය. කළෙක පරිවාසය. කලෙක සම්මුතිවාදි ආණ්ඩුය. එයින් ලබන ඇමතිකමින් හදන්නේ වැව්ය. ප්‍රාග්ධනය අධිනිෂ්චිත වු ලෝකයේ මාක්ස්වාදය ඔවුනට කට ගැස්මකි.

ආගමේ සිට සබන් කෑල්ල දක්වා වෙළද පල විසින් හසුරවන බව නොදන්නා මිනිසුන්(?) නුගත් දේශපාලකයන්ගේ ජාතිකාභිමානි දේශන වලට රැවටි එලෙස නොවුනා සේ ඉඳීමට පුරුදු පුහුණුව දැං 63 වසරකටත් ලගය. සිහින දැකීමට සැමට අවසර ඇති අතර ඊට වඩා වැඩි පිරිසක් සිහින විකුණමින් බඩ වියත රැක ගනිති. හෙට නරක බව කියා දෙන්නට මැවුම්කාරයෙක්ම ඉල්ලා සිටින දේශයක සංවිධානගත දේශපාලනය කියන්නේ මිත්‍යාවක්. කාලයක් ඒ මිත්‍යාව නිසාම බොහෝ අය පොළවට පස් විණි. තව එහෙම අය මෙහේ ඉතුරුද?

අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails