Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බේරේ වැව අසල රජයේ ලොන්ඩරියේ
රුපියල් ලක්ස දහයක් දිනකට පාඩුයි*

කෝඩේ මේ තරං අහවල් එකද බොලව්
මෙච්චර හෝදලත් බං රිම් එකෙත් පැච්!

ඇන ඇන විපක්සෙට බුදු පෝරියල් දෙන
බැණ බැණ හතුරු බලමුළු පෙති පෙති ගහන
පැන පැන දි දී වාසල කාරිය කොරන
දින දින පණ අදිනවද "දිනපතා මිණ"?

සුල මුල නොම දනිති පාටක ගුලාපියෝ
පල වැල නෙලති "මුල් පිටුවේ" පෙරේතයෝ
හල හල ඔලුවලට මල පහ කරාපියෝ
හිල "හිල මිණ"ත් පාඩු ද මල් කුමාරයෝ?

"ඩේලි නිවුස්" නැෂනල් බත් රැප් පේපර්
වීකෙන්ඩ් ඩිටර්ජන්- "ඔබ්සර්වර්"- චාටර්!
"සරසවි" කඩමල්ල දොයි! දිල් තෝ පාගල්
"තරුණිය" එක්ස්පයර්ඩ්! දැං දැම්මට ෆේෂල්

පොඩ්ඩන් බැලූ "මිහිර"ත් අමිහිරට හැරේ
"බුදු සරණ"ටත් ළඟදිම බුදු සරණ ලැබේ
වහලේ සිදුරු අතරින් "නව යුගය" පෙරේ
කටු මැටි නොගෑ බිම දුන් "පොර ටෝක්" පිරේ

හොරු ටික ප්‍රොෆිට් වෙති ආයතනය "ලොස්"සා
එළියෙන් පට්ට ෂයිනිං ඇතුළෙං පුස්සා
කෙහෙළියෙ "ජසයා" අල්ලා බේරෙට බස්සා
"වෙල්ලා හැලිය" නිස්සට දුන් එක මැක්සා

පිළිකනු කසල වළඳන ගැඩවිල් සත්තු
ජන සතු මුදල් ගිලිනා පාදඩ ඇත්තු
බඩ ගින්දරෙන් රත් වෙන තැටියක කොත්තු
කෙටුවත් මදිය මේ වගෙ බැල්ලිගෙ පුත්තු

*(-පුවතක්)

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails