Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ඊ" ගාන්නැයි කියා
එපා අම්මේ
දත් මද්දවන්නට
කා එක්කලා හිනා වෙන්න ද
සේරෝම බොරුවට
විරිත්තන උදවිය
පිටු පා ගිය පසුව
දත් මිටි කන අය

බොකුටු අත්ලට
රැගෙන පොල් තෙල්
උලා හිස
පීරා ගොතා බැඳ
වෙහෙස වෙන්නට එපා අම්මේ
ටොකු අනින්න ද
මට වඩා උස අයට
වර්චස් හෙලන්න ද
ගස් උඩ කපුටන්ට

රැළි තියා මැද සුදු ගවුම
කිරි සුදුවට
අන්දා ඉණට
යවා කුමට ද පාරට
මඩ අරගෙන අතට
බලා ඉන්නා සෙනග අතරට
ලකුණු දේවි ද
පිරිසිදු කමට

සන්ධ්‍යා තීර්ථය| 2010

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails