Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉවත ලා කටුක වූ යුෂ බිඳුව
දිවි බඳුන හිස් කර
පියවරක් ගෙන පෙරට
හැරී බලන්නී
හැර ආ දා සිරුර දෙස

සුදු සැටින් ඇතිරිල්ල වසා ඇති
සිතුවමකි වත
අවසන් මොහොතේ වත්
සිනාසෙනු නොහැකි වූ

ගලා ගිය හෙයින්
ජීවය ද ජලය ද එළිය ද
ඈ ලියූ කවි තුළට
කෙසඟ ය සිරුර
අඳුරු ය නිශ්චල ය

ලියූ කවි
නො වැළපෙන බව දැන
තුටු සිතින් ඇදෙන්නී
නො පැහැදිලි ඉවුරකට

[මේ කව මෙතැනින් නවතමි - 2010]

ලාල් හෑගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails