Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඳුරු තිර බිම හෙළා
දොර කවුළු වසා දා
ලංතෑරුමින් නැගුණු එළි නිවා
අවන්හල නිදි පොරෝනයට වැදි

මි බඳුන පසෙක ලා
මිතුරු කැලැකින් මිදි
මැදියමක මාවතට පිවිසුනෙමි
වා රැළිද පෙරටු කොට
හීන් ඉරි වැහි කෝඩ
නෙක ගැජුම් අසනි මැද
බිම් ලකුණු සොයමි මම
කාලයම හඹා ගිය
ඔරලෝසු මුහුණතේ
දවස දිය වී ගොසින්
නිම්නාද දෙනු වැනිය
ජීවිතේ සෝ සුසුම්

ගී විරිත් නො ඇසේය
මී බඳුන් ගිලිහේය
නර කෙසක් සීතලට ලතැවේය
පා වැසුම් යුග දොවා
කාලයේ දිය සපුන්
සෘතුවෙන් සෘතුවට
මේ ලෙසින් ඇදී යයි
නොනිවාම පහන් වැටි
පියවරක හඬ සොයන
ඔබේ රුව ඉඳ හිටෙක
අසනි එළි තුල දිසේ
වළාකඩ ඉරාගෙන
මොහොතකදි මා‘භිමුව
මටම මා මුණ ගැසුණි
ඒ මගේ පිළිඹ්ඹුව
වීථි පහනට යටව
ඒ මමමදැයි කියා සැකසිතින් විමසුවෙමි

විලාසිනියක් විලස රැය නුරා ඉඟි කලද
ඔබේ නෙතු පහන් දුල්
අහස තුල විමසමින්
නාඳුනන පිළික් අස
පිළිසරණ සොයන්නෙමි

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails