Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තරුත් හිම මලුත් එක පෙළක වැතිරෙන
නැතත් තව අලුත් හිරු කිරණ විසිරෙණ
අමුත්තක් නැතත් කිසිකෙනකු විමසන
අසත් සත් සිතුත් නැවතුනිය මෙ අරණ

උමතුවෙන් දුවන ඇස් සොයා බැලුවෙද
මහතුනේ කුමන අරුමයක් දුටුවෙද
අමුතු වෙන් කියන්නට යමක් තිබුණිද
අසතුටෙන් සතුට වෙන් කෙරෙනු දැනුණිද

විසල් මේ අඳුර මග හරින රිසියෙන
විකල් සිත් මැදුර දොර විවර කරමින
උදුල් සඳ දියර බිදුවකුදු නැතියෙන
තැවුල් වන අතර උමතු වී මනස වැළපිණ

අතුරුදන් වීය කැටි ගැසුණ ගණඳුරේ
මසුරු ගින්නේ වළප දිගහැරේ
අඳුරුවන් මේඝයේ රුදුරු අඬහැරේ
සිදුරු කන් බිති පුපුරවයි එකසැරේ

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails