
අප උණූසුම්
ඔහුත් මාත්
කල් මරයි ඔහුගේ දෙ අත ද
බියෙන්, නොඉවසිල්ලෙන්
මගේ දෑත මෙන්ම
මා මෙන්ම ඔහුත්
සිප ගන්නේ පළමු වරටයි
පිරිමි දෙතොලක්
මද මත් බවකි මේ
රහසින් පතා සිටි
වීනස්.............
ඔබ සතුව නැත
ම හද පිරිමදින අත්
නැවත පිටතට යන විට
පැළඳ ගන්නා තෙක්
එළියෙන් තබා ආවෙමි
සුපුරුදු වෙස් මුහුණ
නුහුරු ඇති ඔබට
එහෙත් නොබලන් ඔහොම
වීනස්..............
ඉසුරු චාමර සෝමවීර



