Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මාතර ගඟේ
තොටියා
යා දෙක හාකොට
පාලම ඉදි වුණ දා සිට
වැඩ නොමැතිව සිටියා.

තල්ල කළුයි පපුවේ රෝමත් කැටියා
පාරුව දනට දී පාලම යට සිටියා
බිරිඳ ඇවිත් රෑ හීනෙට
ඇත්ත ම වාගෙ ම හිටියා
පුතුට කැඳ පොවා බඩගින්නේ තොටියා!

පිටරටින් වැඩිය
කොම්පැණිය
බද්දට අරගෙන
ගඟේ කොටසක්
ඇරඹූ දා
විනෝද සංචාරක සේවය
ආයෙමත් රස්සාව ලැබී
නිල්දියවර සේ
හිනැහුණා.
පාලම සේ ජීවිතය අලුත් වුණා.

දේවදත්තගේ බණ සේ
හදිසියේ ම කළුවර කරවා දඹදිව
දියේ ගිලී තිබුණා එක ම හීනය.
හබල් සේ ශක්තිමත් අත් දෙකෙන්
ගොඩට ගත්තා මළ කඳ
පරමල!

විනෝදෙට එන
දහසක් දෙනා
නේරන්ජනාවෙන්
එතෙර කරන,
හවසට
දියේ ගිලී මල පුතු සිහි වී
පාරුවෙන් ම
සංසාරෙන් එතෙර වෙන්ට හිතන
තොටියා!

බොර වතුර
ඉස්නානය කොට
හිස කෙස
දන් දී ගං පතුලට
ගල් වී ගන කළුවරට
එළිවෙන තුරු
හැඬූ හඬ ඇහෙයි
තවමත්
පාලමෙන් එතෙර වෙන කොට.
පෙනෙයි ගඟේ ගලන සැබෑ කඳුළු.

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails