Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිශාවේ සුසුම් රැලි නොසංසුන් වී හඬා
ලේ වැකුණු සාළුවෙන් හිරු වසාලන සවස
සඳ අහිමි රෑ අහස නෙත් පියාලන වෙලේ
පෑළගිර තරු අතර සොයමි මම මගෙ තරුව
නුඹ නැතිය අද තවම
ඇයිද මේ ඇයිද මේ

දිය මතින් දිය ගලා ගඟුල ගිගිරිත් සලා
ගයන ගීයේ නැගී අඳුර ඇවිදින් ගලා
පා ලඟින් දැවටිලා බල බලා ඉන්නවා
ඈත සිට අතවනා කැළුම් පියුමක් පුරා
එන්න තාරකාවේ
එන්න දැන් පායලා

මියෙන හිරු මියැදිලා ලේ කඳුළු විසිරිලා
අඳුර මැද මිහිදන්ව නිදයි දැන් වැතිරිලා
නුඹ ඇවිත් හිනාවී දෙන සතුටු සුව පුරා
‍නිකට දෝතේ රඳා සිහිනයක් බොඳවෙලා
ඉතින් ඇති ඉතින් ඇති
හිනැහෙන්න දිලිහිලා

රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails