Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවියෙකු වූ ෆ්ලොරෙන්ටිනෝ අරීසා අවුරුදු පනස් එකක් බලා හිඳ සිය ප්‍රේමය ෆර්මිනා දාසා‍ වෙත නැවත වතාවක් හෙළි කළේය.

අවුරුදු පනස් එකක්
මාස නවයක්
දවස් හතරක්
ඒක දිගු කාලයක්.
උමතු ආදරය හරි අමුතුයි
ෆ්ලොරෙන්ටිනෝ
අඩුවක් නැතිව
වැඩි මහල්ලන්ටත්

රොමෑන්ටික් කවිකම
කලත්තා දඟලවයි
මැග්ඩලේනා ග‍‍ඟෙහි
නිල් වතුරත්
කැලෑ මල් වැදි වැදී ගං වතුරට
පෙති දෙපෙති
සිදී බිඳී පාවෙයි,
බලා ඉද්දිම
නොහේදුණු ඉවුරක පුරුදු උරහිසක්

ඉවසන්න බැරිවෙන කොට
රෙහෙණුවක්වත් බිම නොවට්ටා
පින්තාරු කළ
නග්න මල් පෙත්තක්.
ලැබුණොතින් ලැබුණාවේ
නොනසා පොහොට්ටුවක්වත්
බලා හුන්
අඩ සිය වසක් ඉවසූ පෙමක්

වැඩිහිටිකම වැඩියි රැඩිකල් උනත්
තැන්පත්ව අතුරවන්න ට
උදුරලා නොගත් කීකරුම හිතත්.
ෆ්ලොරෙන්ටිනෝ නැගිටින්න
නොරිද්දා නෙළූ ප්‍රේමයත් අරන්
පිටු ඉරා නොදැමූ කතාවක
ඉතිරිවුණ ඔය ප්‍රේමය අරන්

2011 ජනවාරි

මහේෂ් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails