Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



AK 47
උන්ඩයක වේගයෙන්
පැමිණි බස්රථය
....,

බස්නැවතුමේ
තිබුනා සටහන්ව
"ලංකාව බුදුන්ගේ දේශයයි!"
ගමනාන්තයට ඉහලින්

මෙත් සිතට කීකරු වූ දෙපා
ගොඩකලා මා බසයට
වෙනදාට කුපිතවන මගේ සිත
කොන්දොස්තරගෙ කන්කරච්චලයට
මෛත්‍රී කලා පෙරුම් පුරණා බෝසතුන්සේ
මෙනෙහිකලා
දෙනෙත් පියාගෙන
අන්මත ඉවසන
කිවෙකුට වෛර නොකරන
පල්ලියේ කෝවිලේ පන්සලේ
සිල් රකින දම් දෙසන
යතිවරුන් ගේ සිල්සුවද
කර ඇති අයරු බලන්නට
සමාජය යහපත්
විවර කලෙමි දෑස් යුග
දුටුවෙමි සුපුරුදු බස් රථය
ජැක් ගහන ගැටකපන පිරිමිද
ඉරිසියාවෙන් එකිනෙකාගේ විලාසිතාවන්ට
හොරහින් බලා ඕපාදූප කියනා ගැහැණුන්ද
පසක්විය
ලංකාව බුදුන්ගේ නොව
හොරුන්ගේ වෙසගනන්ගේ
පාදඩයන්ගේ බඩුකාරයන්ගේ
දේශය බව.

කොලින් අල්ගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails