Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇටි කෙහෙළක් ගිල දැමු උගුඩුව පැටියා
විඩයෙන් විඩය ඔක්කාරෙකි අප්පිරියා
සිහි කර කර ම බඩ වැටියේ කිණිහිරියා
කාපන් දෙයියො ගින්දර තව තව එළියා

අහසට ළඟයි ලබු මෑ මැස්සේ සිරියා
ගණඳුරු පිරුණු මුහුණේ ගොවිඳුගෙ ඇඬියා
කුස්සිය මුල්ලෙ ලිග්ගල් ඉකිබිඳි සැටියා
තාලෙට වැනෙන ගස් හිස් වී පොල් වැටියා

මැලතීන් අගෙයි මින්දද ගී රාව දෙන
පැපොලුත් වටී කිරියෙන් පැණි උතුරවන
අඹයක හැඩැති දිවයින අඹ නොමැති දින
රඹකැන් සුවඳ ගුලි වෙයි මා ඉම නො පැන

පොල් බෑයකට පොරකන වළඳකට පිරූ
රසයක් මොට ද කුසගිනි හද දවනයුරූ
සුණුසහලකට දිවි කතරේ තරග කෙරූ
වැරහැළි මිසක නැත සිත සළු වඩන විරූ

දරුවන් වදන මව්වරු බුදු දකින්නෝ
එ රුවන් රකිනු කෙලෙසද පිය නොදන්නෝ
අඳුරු ය රට ම, එක තැන එළි කරන්නෝ
නිරයට නම ද ජීවිතය ම අසන්නෝ

අහසට නො පායන සඳ මැදුරට වැඩලා
ගෙතුළට නො ආ හිමි මහමඟ හති වැටිලා
පිළුණු ය, ගඳ ය බලයෙහි රන්රස පිරිලා
රජසුන අස ම වළඳින ඉඳුල ද දිලිලා

සියලුම සිරිය ඇත නගරය බදා ගෙන
දකිනට පිය ය නෙක මල් වැල් පිපී ගෙන
සුදු පිරුවට ය ඇඳි මහතුනි සබා වෙන
සොඳුරු ය සිරි ය වැදහෙමු බඩ නසා ගෙන

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails