Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත- මංජුල වෙඩිවර්ධනගෙන් "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" නම් කාව්‍ය කෘතිය ප්‍රකාශයට පත්වෙයි.

සුබ පතන්නෙක් වෙන්න බෑ මට
අසුබ සෙවනැලි හොල්මන් කරන සඳ
නොරටක නාදුනන මිනිස් රූ අතර
හෙමින් පා තබන එකෙක් පෙනෙයි හීනෙන් ඉඳහිට

අඳුරන්න බැරි තරම් කෙට්ටුයි මචං
හිතනවට වඩා දුකක් උහුලනවා ඉතිං
ළඟකදි දුර කතර ගෙවා ලූ එකෙක්
ගෙනෙන ආරංචියකත් දැවටෙන්නේම සුසුම්

කෙසඟ සිරුරකටද ඔරොත්තු දෙන
කෙසඟ නොවූ හදවත තාම සුරැකිව
දෙමළ කඳුළට පවා වෙඩිවැදෙන විට
සිංහල වෙඩි-වර්ධන පෙනෙයි ඇස් බොරවුණ
පෙරවදන දුටුවාම හිත හීනියට ගැස්සෙන
ඉදින් ලිවීම නැවතිය යුතුදැයි නුඹ අසන
ජාතියට දේශයට තිබ්බ ගිනි තාම දැල්වෙන
සිළු අතරින් ගිනි තැබුවන්ටමය පේටන්ට් හොටුපෙරන

මහ පොළව සිඹ පස් වලට ආදරෙයි කියන රටක
නොඇසෙයි පස් කදු යට
සුවහසක් උන්ගේ වැලපුම
හඬන්නට පවා කඳුළු කුලියට ඉල්ලන කලෙක
ලියන්නටම මිස නවතින්නට දෙනු කොහොම අවසර..!

"මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් ඒ දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි"

අප ඉදිරියේ අලුත්වන පැරණි දිනපොතකි.
ඒ මැද වේ ගුලකි.
කෑ පිටු සවියකි.
ඒත් ඒ සිංහලෙනි.
සියල්ලන්ට මුල අමතක එබැවිනි.

22.01.2011

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails