Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වූ අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාව තම දියණිය ඉදිරිපිටදීම මරා දමයි.- (පුවතක්)

නමෝ සිංහයා ගොරවාගෙන කොඩියේ
නමෝ කඩුවකුත් අරගෙන මුර කෙරුවේ
නමෝ බෝපතින් බෝසත් ගුණ ඇඳුණේ
නමෝ රෑ තමයි අප්පට වෙඩි වැදුණේ

නමෝ නමෝ අම්මාගෙන් කිරි පෙවුණී
නමෝ නමෝ ජය පිරිතෙන් පැන් වැඩු‍ණී
නමෝ නමෝ කිරි බත මහ මග ඉදුනී
නමෝ නාඳුනන උණ්ඩෙන් ළය පැලුනී

නමෝ මෙහෙයුමෙන් - අප මුක්තිය ලැබුණී
නමෝ උණ්ඩයෙන් - අප සත්යමය මැකුණි
නමෝ ශක්තියෙන් - භීතිය හද රැඳුණී
නමෝ විත්තියෙන් - ප‍්‍රාණෙට වෙඩි වැදුණී

නමෝ නමෝ කොඩියේ ඉඩ ඔබ ගන්න
නමෝ නමෝ ගීයත් පවරා ගන්න
නමෝ නමෝ ඒ ඔක්කොම ඔබ ගන්න
නමෝ නමෝ අප්පච්චී මට දෙන්න

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails